ජාතික සඳුන් උයන ජනතා අයිතියට..!

(හේමන්ත තුසිත කුමාර) බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදි කර ඇති “ජාතික සඳුන් උයන” අඟහරුවාදා(20) දින පස්වරු 6.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව…
(හේමන්ත තුසිත කුමාර)
බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදි කර ඇති “ජාතික සඳුන් උයන” අඟහරුවාදා(20) දින පස්වරු 6.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය දන්වා ඇත.
ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 09 ක් වූ ඉඩමක ජාතික සඳුන් උයන නිර්මාණය කර ඇත. අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වූ ජාතික සඳුන් උයන රුපියල් මිලියන 294 ක් වැය කර ඉදිකර ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් සිදු කර ඇත.
ජාතික සඳුන් උයන ශ්‍රී ලංකාවේ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වෙයි.
සඳුන් උයනට පැමිණෙන්නන් හට අවශ්‍ය පහසුකම් අතර වාහන 60 ක් නැවත්වීමට හැකි විවෘත රථගාලක්, පානීය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, අවන්හල් පහසුකම් වලින් සමන්විතය.