ජාතික ක්‍රීඩා සභාවෙන් වහාම ඉල්ලා අස් වනු
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඇමති උපදේශකගෙන් අර්ජුන රණතුංගට ලිපියක් (සමන්ත හේවාබන්දුල) ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා අර්ජුන රණතුංග මහතා වෙත ලිඛිතව…
ඇමති උපදේශකගෙන් අර්ජුන රණතුංගට ලිපියක්
(සමන්ත හේවාබන්දුල)
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා අර්ජුන රණතුංග මහතා වෙත ලිඛිතව දැනුම්දිමක් සිදු කර තිබේ.
.ජාතික ක්‍රිඩා සභාව බදාදා (29) පස්වරු 2.00ට රැස්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් "Zoom" තාක්ෂණය ඔස්සේ සහභාගී වී නොමැති බව ද සඳහන්ය.
ඒ පිළිබඳව විමතියට පත් නොවන ලෙසත් අප සියලු දෙනාම ඔබව තව දුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් පිළි නොගන්නා බවත් සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමු කර ඇති ලිපියේ සඳහන් වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
