ජාත්‍යන්තර අබාධිත දිනයේ සවිය පදනමෙන් සේවා රැසක්

(ජයකාන්ත ලියනගේ) ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ සංස්කෘතික තරගාවලියක් සහ විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර සේවාවක් දෙසැම්බර් 8 වැනිදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්වීමට ගාල්ල සවිය…
(ජයකාන්ත ලියනගේ)
ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ සංස්කෘතික තරගාවලියක් සහ විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර සේවාවක් දෙසැම්බර් 8 වැනිදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්වීමට ගාල්ල සවිය සංවර්ධන පදනම කටයුතු යොදා තිබේ .
සෙමෙන් මනස වර්ධනය වන ළමයින් සහ ශරීර ආබාධ සහිත ළමයින් අතර නර්තන තරග කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් පැවැත්වේ.වයස අවුරුදු 8 ත් 15 ත් අතර කනිෂ්ඨ තරගද, වයස අවුරුදු 16 ත් 30 ත් අතර ජ්‍යෙෂ්ඨ තරගද ඒකල හා සමූහ වශයෙන් පවත්වනු ඇත.
දැන්වීම
දෙසැමිබර් 8 වැනි දින ගාල්ල නගර සභා පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සදහා සියලූ අයදුමිපත් නොවැමිබර් මස 30 වන දිනට පෙර සමිබන්ධිකාරක, සවිය සංවර්ධන පදනම, 24 ඒ, වේවැල්වල පාර, බටගන්විල ගාල්ල යන ලිපිනයට එවිය යුතුය.
ජයග‍්‍රහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය කිරීම දෙසැමිබර් 08 වැනි දින සිදු කරන බව සවිය සංවර්ධන පදනෙමි වැඩසටහන් අධ්‍යක්ෂ තුෂාර සේනානායක මහතා පැවසීය.