අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙ ලෝකය ඉදිරියේ රට නන්නත්තාර කරයි

ජවිපෙ ලෝකය ඉදිරියේ රට නන්නත්තාර කරයි

අනුර එක්සත් ජාතින්ගේ සමුළුව අමතලා කරපු කතාවේ රශ්නය යන්නත් ඉස්සෙල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව ආයෝජන සදහා සුදුසු තැනක් නෙවෙයි.කියලා තමන්ගේ රටේ ආයෝජකයින්ට.අනතුරු ඇඟවීමක් නිකුත් කළා.…

අනුර එක්සත් ජාතින්ගේ සමුළුව අමතලා කරපු කතාවේ රශ්නය යන්නත් ඉස්සෙල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව ආයෝජන සදහා සුදුසු තැනක් නෙවෙයි.කියලා තමන්ගේ රටේ ආයෝජකයින්ට.අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

ඒකට හේතුව විදිහට එයාලා කිව්වේ ශ්‍රී ලංකා රජයේ ඇතැම් නායකයන් ඉන්නේ බටහිර විරෝධී ප්‍රතිපත්තියක කියලයි.ශ්‍රී ලංකා රජයේ මාක්ස්වාදීන් ඉන්නවා කියලත් කියලා තිබුණා.ඒ වගේම රජයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශ සහ වැඩ කටයුතු සම්බන්ධව විශ්වාසනීයභාවයක් නෑ කියලත් කීයලා තිබුණා.අනුරලා රන් දෙවොලක් වගේ අදහාගෙන හිටිය වොෂින්ටන් දේවාලයත් පැලවත්ත උඩටම කඩාගෙන වැටිලා.

පහුගිය කාලේ එක්කෝ ජූලී චන්ග් පැලවත්තේ,නැත්තං ජවිපෙ කවුරු හරි ඇමරිකන් තානාපති කාර්යාලයේ.ඒ තරම් දේශපාලන ලව් එකක් අනුර සහ ජූලී චන්ග් අතර තිබුණා.එහෙම තියෙද්දිත් එහෙම තීරණයකට ඇමරිකාව ගියේ ඇයි කියන ප්‍රශ්නය කාටත් තියනවා.

දැන්වීම

ඇත්තටම වෙලා තියෙන්නේ ටිල්වින් ඉන්දියන් ව්‍යාප්තවාදය අතෑරීයා වගේ ජූලී චන්ග්ට දපනේ වැටීලා ඈමරිකන් අධිරාජ්‍යවාදයත් අතහැර දාපු එකයි. ඇත්තටම ඇමරිකාව කියන්නේ තමන්ගේ උවමනාව වෙනුවෙන් පාවිචිචි කරගන්න පුළුවන් ඕනිම දෙයක් කරගන්න රටක්.ඒ වෙනුවෙන් ඇමරිකාවට ලෝකය පුරා ශක්තිමත් තානාපති ජාලයක් තියනවා. NGO ජාලයක් තියනවා.බුද්ධී ජාලයක් තියනවා.

ලෝකයම දිහා එක තැන ඉඳන් බලා ඉන්න පුළුවන් චන්ද්‍රිකා පද්ධතියක් සහ අන්තර්ජාලයක් තියනවා.ලෝකයේ ඕනිම තැනකට පහර දෙන්න පුළුවන් යුධ බලයක් තියනවා.ඇමරිකාව කියන්නේ ලෝකයේ ආර්ථික බලවතා වගේ දේශපාලන බලවතෙක්.ඔන්න ඔය සමස්ථ චිත්‍රයත් එක්ක ඇමරිකාව තේරුම් ගන්නවා වෙනුවට ටිල්වින් කළේ ජූලී චන්ග්ගේ චීත්තයට මුවා වෙලා ඇමරිකාව දිහා බැලීමයි.ටිල්වින්ට කොහොමටත් චීත්ත පේන්න බෑ.

ටිල්වින් දිගටම දේශපාලනයත් එක්ක චීත්ත පටලගත්තා.ඇත්තටම උනේ අනුරලා,ටිල්වින්ලා ඡූලී චන්ග්ව දෑක්කා මිසක් ඇමරිකාව නොදැකීමයි.ඇමරිකාව තානපති අංශවලින් විතරක් මැන ගත්ත ලෝකයේ රටවල් ගාණනවක් සහ නායකයන් ගණනාවක් අමාරුවේ වැටුනා. ඊළඟට ඇමරිකාව මේ ආණ්ඩුවේ ඇතැම් පිරිසක් මාක්ස්වාදීන් කියලා කියනවා මිසක් සමස්ථ මාලිමාවම මාක්ස්වාදීන් කියලා කියන්නේ නෑ.

ඒකෙන් පැහැදිලි වෙනවා ඇමරිකාව මේ ටාගට් කරන්නේ ජවිපෙ බව.ඇත්තටම එහෙම පැලවත්තට ටාගට් උනේ කොහොමද?ඇමරිකාව තමන්ගේ රටේ ව්‍යාපාරිකයන්ට වෙනත් රටවලට යන්න එපා කියන්න ගොඩක් වෙලාවට බලපාන්නේ ඒ රටේ ආරක්ෂක තත්වය අයහපත් නම් සහ ඒ රට දේශපාලන වශයෙන් අස්ථාවර නම් විතරයි.ඒ රටේ මාක්ස්වාදීන් ඉන්නවා,එයාලා බටහිර විරෝධීන් ඒක නිසා ආයෝජන කරන්න එපා කියලා කවදාවත් කියලා නෑ.

එහෙනං මේක ඉල්ලං කෑමක් කියලා ඕනි කෙනෙකුට තේරෙනවා.ඇත්තටම ඉල්ලං කාලා තියෙන්නේ ටිල්වින්.ටිල්වින්ගේ මෝඩ වැඩ නිසා ජවිපෙට band එකක් වැටිලා.ඒ හරහා රටටත් band එකක් වැටිලා.ඔයාලා දන්නවා ටිල්වින් සහ බිමල් කියන්නේ දැඩි චීන හිතවාදීන් දෙන්නෙක්. එයාලගේ අරමුණ මේ චීන සහයෝගයෙන් මේ රටේ තනි පක්ෂ පාලනයක් ගොඩනැගීම.ඇත්තටම මෙයාලා චීන මිත්‍රත්වය අවභාවිතා කරලා.

ඔයාවට මතක ඇති පහුගිය දවසක චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර හමුවකට ටිල්වින් චීනයට ගියා.ගිහින් ඇවිත් ජවිපෙන් කිව්වේ ෂී ජින් පින්ට විතරක් දෙවෙනි වෙන කෙනෙක් හම්බවුනා,එයා කිව්වා තවත් අවුරුදු පහලොවක් විස්සක් බලය රැකගත්තොත් අවශ්‍ය වෙනස්කම්වලට යන්න පුළුවන් කියලා.ඇත්තටම ඒක එලියට කියන්න ඕනි කතාවක් නෙවෙයි.හැබැයි ඉතින් ටිල්වින්ට අනුරටත් වඩා එක ඕනි හින්දා මේ මෝඩ මනුස්සයා මේක කිව්වා.

ඒකෙන් ගොඩක් දෙනෙක් මැන ගත්තා ජවිපෙ මේ එන්න හදන්නේ මොකටද කියලා.ඉතින් ටිල්වින්ලා හැරෙනකොට ඡූලි චන්ග්ට,CIA එකට කියන්න පුලුවන් ගොනා හෑරෙන්නේ පැලේ කන්න කියලා. හැම දවයක්ම අදාල රටේ තත්වය සම්බන්ධව කේබල් පණිවිඩ මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුවත් වෙනවා.ටිල්වින්ලා,බිමල්ලා ඇමරිකාවට පෙන්නුවා අපි චීනයට පක්ෂපාතී මාක්ස්වාදීන් කියලා.

අනිත් කාරණාව තමයි දැන් අවස්ථාව දෙකකදී හරිනිගේ අගමැතිකම පැහැර ගන්න ජවිපෙන් උත්සාහ කළා.අන්තිමට ඔයාලා දකින්න ඇති ජෙප්පෝ හරිනිට වටකරලා ගහපු හැටි.අපිට මේ කරන අපහාස ටිකම හරිනිටත් කළා. පැලවත්තේ සහ ජවිපෙ ඩෝබිලා හරිනි මත මොන තරම් පීඩනයක් යෙදුවත් හරිනි අයින් කරන්න බැරිවුනා.හරිනිට මාලිමාව ඇතුලේවත්,ජවිපෙ ඇතුලේවත් ලොකු සහයෝගයක් තිබුණේ නෑ.

ඇත්තටම හරිනිලා මාලිමාව ඇතුලේ පාපිසි.

එතනදී හරිනිට සපෝට් කලේ ඉන්දියාව සහ ඇමරිකාවයි.ඇමරිකාව සහ ඉන්දියාව ඉස්සරහා ජවිපෙට පස්සට යන්න සිද්ධවුනා.ඒක නිසා හරිනිගේ අගමැති ධූරය දෙවෙනි වතාවටත් සූරක්ෂිත වුනා. ඔයාලා දන්නවා හරිනි ජවිපෙ කෙනෙක් නෙවෙයි.හරිනි ප්‍රසිද්ධියේ කියනවා එයා මාක්ස්වාදියෙක් නෙවෙයි කියලා.හරිනි කියන්නේ plant එකක්.බටහිර සහ ඉන්දියානු උවමනාව වෙනුවෙන් තමයි හරිනි මාලිමාව ඇතුලේ plant කරන්නේ.

මේවා ඒ දවස්වල රටේ රාළ කියලා ඇති. හරිනි plant කරලා තියෙන්නේ කෙටිකාලින අරමුණක් වෙනුවෙන් නෙවෙයි.ඒක දිර්ඝ කාලින අරමුනක්.ඒක නිසා හරිනිට ආයෙත් ඡවිපෙන් බලපෑම් නොඑන විදිහට ජවිපෙ දුර්වල කරන්න බටහිරට සහ ඉන්දියාවට ඕනි.ගොඩක් වෙලාවට එයාලගේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා හරිනි වෙන්න පුළුවන්. සමහර ඊට මෙහා උනත් ඒක අරන් දෙන්න බැරිකමක් නෑ.

ඇමරිකාව මේ ප්‍රහාරයත් එක්ක පැලවත්ත සම්පුර්ණයෙන්ම බයවෙලා යට ගියා.ටිල්වින් දැන් දේශපාලනයට නෙවෙයි වෙන feeling එකකටවත් හරිනි දිහා බල්ලන්නේ නෑ.අනික තමයි ටිල්වින් කොච්චර ලෙනින්වාදියෙක් උනත් ටිල්වින් ලෙනින්ගෙන් ඉගෙන ගෙනගත්තේ නෑ. එහෙම මෝඩ ගෝලයෝ ඕනිම ගුරුවරුයෙකුට ඉන්නවා.ලෙනින් බලය ගත්තේ වැඩවසම් රුසියාවේ.ලෙනින්ට ඕනි උනා රුසියාවේ ධනේශ්වර සංවර්ධනය අත්පත් කරගන්න.

ඒක නිසා ලෙනින් කලේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය අතේ බලය තියාගෙන (නැප්) ධනේශ්වර ප්‍රතිසංස්කරණ දක්වා පසු බැස්සා. ඇත්තටම අපේ රටටත් ඕනි අපේ රටේ නිම නොවුන ධනේශ්වර ප්‍රතිසංස්කරණ ටික කරන්න.එහෙම නැතිව ටිල්වින්ට ඕනි විදිහේ මන්දබුද්ධික දේශපාලන මනස්ගාත කරන්න නෙවෙයි.ඒක කරන්න ජවිපෙ අසමත්වීම නිහා ජවිපෙ ගැන සැකය ලෝකය පුරා වර්ධනය වෙලා තියනවා.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න