ජවිපෙ රට පුරා තරුණ කොට්ඨාස සභා පිහිටුවයි

මළුවේගම කොට්ඨාස සභාවට විශාල තරුණ පිරිසක් එක් වෙති ආණ්ඩුවට එරෙහිව දැවැන්ත තරුණ බලවේගයක් ගොඩනැගේ (ලලිත් අසංක) රට පුරා මැතිවරණ කොට්ඨාස මට්ටමින් තරුණ තරුණියන් එකට ඒකරාශී කරමින් ආණ්ඩුවට එරෙහිව කොට්ඨාස සභා…
මළුවේගම කොට්ඨාස සභාවට විශාල තරුණ පිරිසක් එක් වෙති
ආණ්ඩුවට එරෙහිව දැවැන්ත තරුණ බලවේගයක් ගොඩනැගේ

(ලලිත් අසංක)
රට පුරා මැතිවරණ කොට්ඨාස මට්ටමින් තරුණ තරුණියන් එකට ඒකරාශී කරමින් ආණ්ඩුවට එරෙහිව කොට්ඨාස සභා පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය කටයුතු කරමින් සිටියි.
මෙම වැඩ පිළිවෙළේ අරමුණ වන්නේ ජනතා විරෝධී ආණ්ඩුවට සේම දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව රටේ තරුණ තරුණියන් එකට ඒකරාශී කරමින් සවි බල ගන්වා ශක්තිමත්, ප්‍රබල සහ පුළුල් තරුණ බලවේගයක් ගොඩනැගීම බව ජාතික ජන බලවේගය පවසයි.
දැන්වීම
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ, කුණ්ඩසාලය මැතිවරණ කොට්ඨාසයේ මළුවේගම කොට්ඨාස සභාව පිහිටුවීම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික සහ මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායක කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 ඡනවාරි 02 වැනිදා කුන්ඩසලයේ, ගෝනවල, මළුවේගමදී සිදු කෙරිණ.
මේ අවස්ථාවට ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂ සිද්ධියක් වූ අතර එහිදී කේ.ඩී ලාල් කාන්ත මහතා රටේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ රට-ජනතාව වෙනුවෙන් වන තරුණ තරුණියන්ගේ වගකීම, කාර්ය භාරය සේම යුතුකම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
මේ අවස්ථාවට මේ ජනතා විමුක්ති පෙරමුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි පියල් කුලරත්න සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක තනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
