අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙ මර්ධනයට බිය නොවිය යුත්තේ ඇයි..?

ජවිපෙ මර්ධනයට බිය නොවිය යුත්තේ ඇයි..?

" ආණ්ඩුවට මර්දනකාරී යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය උනත්,ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ඔවුන් සතුව නැහැ. පොදුවේ ගත් කල මේ ආණ්ඩුවේ ධාරිතාව විශාල එකක් නොවෙයි. එවැනි අඩු ධාරිතාවක් සහිත ආණ්ඩුවකට මර්ධනකාරී…

" ආණ්ඩුවට මර්දනකාරී යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය උනත්,ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ඔවුන් සතුව නැහැ. පොදුවේ ගත් කල මේ ආණ්ඩුවේ ධාරිතාව විශාල එකක් නොවෙයි. එවැනි අඩු ධාරිතාවක් සහිත ආණ්ඩුවකට මර්ධනකාරී යාන්ත්‍රණයක් වැනි සංකීර්ණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම කිසිසේත්ම කළ හැක්කක් නොවේ "

මේ කතාව කියන්නේ රටේ රාළ නෙවෙයි.අනුර ජනාධිපති කරන්න සහ මාලිමා ආණ්ඩුව හදන්න සෑහෙන්න කඩේ ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි.නිර්මාල් ජවිපෙ සහ මාලිමාවත් එක්ක ගොඩක්ම සමීපව වැඩ කරපු නිසා එයාලගේ කැපෑසිටි සම්බන්ධව අවබෝධයක් ඇති.නිර්මාල් සහ හරිනි එක්ක මාලිමාවට එකතුවුන කණ්ඩායම් තවමත් මාලිමා ආණ්ඩුවේ ඉන්නවා. එතකොට නිර්මාල් කියන මේ කතාව හරිනි ඇතුළු මාලිමා පාර්ශවයටත් අදාලයි.

ඔයාලට මතක ඇති පහුගිය ඉල්මහ විරු සමරුවේදී ටිල්වින් කිව්ව කතාව.ටිල්වින් කිව්වේ " කවදාවත් ජවිපෙ හතුරන්නට සමාව දෙන්නේ නෑ.ඒක ජවිපෙ ප්‍රතිපත්තියක් " කියලා.ඒ කතාවට අනුව ගත්තම නිර්මාල් කියන විදිහට ජවිපෙට මර්ධනකාරී යාන්ත්‍රණයක් ඕනි කියලා නිර්මාල් කියන කතාව ඇත්ත.ටිල්විනුත් ඒක අනුමත කරලා තියනවා.එතකොට මෙතනදී මේ මර්ධන යාන්ත්‍රණය හැදෙන්නේ කොහොමද?අපි ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනි.මෙතනදී ආණ්ඩුව හරහා එයාලා දියත් කරන මර්ධන යාන්ත්‍රණයක් තියනවා.ඒක දැන් ටික ටික එළියට පේන්න පටන් අරන්.

දැන්වීම

ඒකට ඕනි අණ පනත්,නීති සම්මත කරන්න මෙයාලා ලෑස්ති වෙනවා.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත කියලා අතිශය භයානක පනත් ගේන්න ආණ්ඩුව ලැස්ති වෙනවා.අනිවාර්යෙන්ම ඒ උත්සාහය පරාජය කරන්න ඕනි.දැනටත් මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තියන විවිධ ආයතන කෙලින්ම මාලිමාවේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරන්න යොදා ගන්නවා.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂම වගේ ආයතන ඉල්ලක්ක සහගතව ඒ වැඩේ කරනවා.ඊට අමතරව පොලීසිය යොදාගෙන ඉතාමත්ම පහත් විදිහට ජනතාවගේ මානව හිමිකම් උදුරාගනිමින් ඉන්නවා.

මාධ්‍ය නිදහස උදුරගනිමින් ඉන්නවා.සමාජ මාධ්‍යයට තර්ජනය කරමින් ඉන්නවා.ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ විරෝධය දැක්වීමට අයිතිය උදුරාගනිමින් ඉන්නවා.මාලිමාවේ කිසිකෙනෙකුට එරෙහිව වචනයක් කිව්වොත් පොලීසියට කට උත්තර දෙන්න යන්න වෙනවා.දැනටමත් ජනතාවට එරෙහිව රාජ්‍යය මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා.ඊළඟට ජවිපෙ ඇතුලේ ජවිපෙටම අනන්‍ය මර්ධන යාන්ත්‍රණයක් තියනවා.ඒක හදලා තියෙන්නේ තෝරගත්ත ජවිපෙ කුඩර්වරුන්ගෙන්.ඒකේ ඉන්නේ ප්‍රසිද්ධ ජවිපෙ කාඩර්ස්ලා.ජගත්ලා,මංගලලා, මිල්රෝයිලා,ප්‍රසාන්තලා,විපුලලා තමයි උඩින් ඉන්නේ.

ඊට අමතරව දිස්ත්‍රික්ක වශයෙන් ඒකට අනුබද්ධ කරපු කණ්ඩායම් ඉන්නවා.ඒ යුනිට් එකෙන් හඹා යන්නේ බෝහෝවිට ජවිපෙ ද්‍රෝහීන්.ඒ අයට ගනුදෙනු බේරන්නේ වෙනම විදිහකට.ඊට අමතරව ප්‍රදේශීය සභා මන්ත්‍රී කියලා ගමේ චණ්ඩියෙක් හදලා තියනවා.ඊටත් අමතරව ජවිපෙට හිතවත් පාතාල කල්ලි ඉන්න බව කියනවා.මේ ඕනිම එකක ඔයාලා ඉල්ක්කයක් වෙන්න පුළුවන්.ජවිපෙ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට,ජවිපෙ ද්‍රෝහීන්ට මර්ධන හස්තය දියත් කරන්නේ ඔය ක්‍රම හරහායි.

එතකොට හෙට දවසේ ඔයාලගේ දොරට ගහන්නේ මාලිමා පොලීසියෙන් වෙන්න පුළුවන්.ඉතිහාසයේ හිටියා වගේ නාදුනන තුවක්කුකාරයා වෙන්න පුළුවන්.නැත්තං ගමේ චණ්ඩියා ප්‍රදේශීය සභා මන්ත්‍රී වෙන්න පුළුවන්.ගමේ ග්‍රාම නිළධාරීගේ කාර්යාලයට බලෙන් ඇතුළුවෙන්න පුළුවන් නං අපේ ගෙවල්වලට එන එක මොකද්ද?ඇත්තටම මේක හරි භයානක තත්වයක්.දැන් සමාජය තුලට ටික ටික මේ භය කාන්දුවෙමින් තියනවා.

රටේ රාළ කියන්නේ ජවිපෙටත් ඕනි ඒක.මොනවා උනත් ආණ්ඩුවට එරෙහිව නැගිටින්න හිතන්නේ නැති සමාජයක් තමයි ජවිපෙට ඕනි.හැබැයි නිර්මාල් කියන්නේ ඒ මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරගන්න ජවිපෙට කැපෑසිටි නෑ කියලයි.

මෙතනදී නිර්මාල් අදහස් කරනවා ඇත්තේ රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය ගැන වෙන්න ඕනි.ජවිපෙ මර්ධන යාන්ත්‍රණය ගැන නිර්මාල්ට ලොකු අදහසක් ඇති කියලා රටේ රාළ හිතන්නේ නෑ. ජවිපෙ මර්ධන යාන්ත්‍රණය කෙසේ වෙතත් රජයේ මර්ධන යාන්ත්‍රණය හරියටම පණ ගන්ව ගන්න ජවිපෙට බැරි බව රටේ රාළත් පිලිගන්නවා.ඒකට හේතු කීපයක් තියනවා.එකක් තමයි ජෙප්පන්ගේ තියන මෝඩ උද්දච්චකම.ජෙප්පෝ හිතනවා ජෙප්පෝ සියල්ල දත් කියලා.නිකං හිතන්නකෝ දිට්වා ආවට පස්සේ ජෙප්පෝ මොනවද කිව්වේ.

ආපදා කළමනාකරණ අපට තමයි හොඳටම පුළුවන්.අපට රතු තරුව තියනවා,ඉතිහාසයයේ ආපදා උන අවස්ථාවේදී රතු තරුව විදිහට මැදිහත්වීම් කළේ අපි කියලා කිව්වා.හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ.සියල්ල ඇණගෙන නැද්ද?රතු තරුවෙන් හදපු වැලි කොට්ට පාලම් ඔක්කොම එක වැහි ඇල්ලකින් කඩාගෙන ගියා.ගල් දාලා හදපු කෝච්චි පාරවල්වල ගල් ගැලවිලා ගියා. වැඩේ කද හරහා ඇන්නා.ආණ්ඩුව ගත්ත ගමන් ජෙප්පෝ කිව්වේ අපිට තරම් හොඳට ආණ්ඩුව කරන්න කාටවත් බෑ.

අනුරට තරම් හොඳට ජනාධිපතිකම් කරන්න කාටවත් බෑ කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ.අනුර නෙවෙයි චාමර සම්පත් ජනාධිපති උනා නං මෙලහට අනුරට වඩා ගොඩක් වැඩ කරලා. අනුරගේ කැබිනට් එක A/L පන්තියක ළමයි ටිකකට බාරදුන්නා නම් ඔයිට වැඩිය දෙයක් කරනවා.මාලිමාව අතේ තියන නගර සභා ප්‍රාදේශීය සභා ටික පහේ ශිෂ්සත්ව පන්තියක ලමයි ටිකකට බාරදුන්නා නම් ඒත් ඔයිට වැඩිය දෙයක් කරනවා.ඒ වගේම ටිල්වින් හිතනවා මර්ධනයත් හොඳටම කරන්න පුළුවන් එයාට කියලා.බම්බුව තමයි.

ටිල්වින් හිතනවා 71 කේ අද්දැකීම්,88/89 අද්දැකීම්වලින් වැඩේ කරන්න පුළුවන් කියලා.හැබැයි ජෙප්පන්ගේ මෝඩ මොලයට එන්නේ නෑ 71ත් පරාදයි,88/89ත් පරාදයි කියලා.ඒ නිසා ජෙප්පෝ හිස් අවකාශයේ හදන ලොකු බොරුවලට ලොකුවට අහුවෙන්න හොඳ නෑ.මෙයාලගේ මර්ධනයත් ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා වගේ තමයි.අනිත් කාරණය තමයි මෙහෙම මර්ධනය කරන්න ජවිපෙට ඉන්න හතුරෝ කවුද කියන එක.

රටේ රාළ ජවිපෙ ද්‍රෝහියෙක් විදිහට සළකන්නේ 2008 ඉඳන්. විමලුත් 2008 ඉඳන්.නන්දන ගුණතිලක ජවිපෙ ද්‍රෝහියෙක් විදිහට හදුන්වන්නේ 2006 ඉඳන්.වරුණ රාජපක්ෂ ජවිපෙ ද්‍රෝහියෙක් විදිහට හදුන්වන්නේ අඩුම ගානේ 2011 විතර ඉඳන්.

ඒක නිසා අපි අලුත් ද්‍රෝහීන් නෙවෙයි.අපි අනුරගේ ආණ්ඩුව ආවට පස්සේ හැදුණ ජවිපෙ හතුරන් නෙවෙයි.අපි ගොඩක් පරණ හතුරෝ.ඉතින් අපි තුන් හතර දෙනාට වැඩේ දෙන්න ඔය රාජ්‍ය යාන්ත්‍රණ මොකටද?අර පක්ෂය ඇතුලේ ඉන්න ප්‍රසාන්ත වගේ හාදයෙකුට කිව්වා නම් වැඩේ කරයි.මොකද අපි ගැන සියලු විස්තර ටේලර් ජගත් ටිල්වින්ට දීලා තියෙන්නේ.හැබැයි ප්‍රශ්නය ඒක නෙවෙයි.ප්‍රශ්නය දවසින් දවස ජවිපෙට හතුරෝ වැඩිවෙන එකයි.ඒ වැඩි වෙන්නේ ජවිපෙ බලයට එන්න ඉස්සෙල්ලා හිටපු හතුරෝ නෙවෙයි.

එයාලා එදත් දේශපාලන වශයෙන් ජවිපෙට හතුරුයි අදත් දේශපාලන වශයෙන් ජවිපෙට හතුරුයි.සජබ,පොහොට්ටු,එජාප, ශ්‍රීලනිප කිසිම කෙනෙක් අලුතෙන් ජවිපෙත් එක්ක මිතුරුවෙලා නෑ.එයාලා එදා වගේම අදත් ජවිපෙට විරුද්ධයි.හැබැයි ඔයාලා හොඳට බලන්න ජවිපෙට මේ හතුරුවෙලා තියෙන්නේ කවුද කියලා.ඇත්තටම මාලිමාවට ඡන්දය දුන් 68 ලක්ෂයෙන් අති බහුතර දැන් ජවිපෙට හතුරුවෙලා.අද ජවිපෙ මර්ධනයේ ලොකුම ඉලක්කය වෙලා තියෙන්නේ එයාලා.

අපේ රටේ රාජ්‍ය සේවයේ බහුතරය හිටියේ මාලිමාව එක්ක, උපාධිධාරීන් බහුතර හිටියේ මාලිමාව එක්ක.ගොවියා,ධීවරයා, වතු කම්කරුවා,විශ්ව විද්‍යාල ආචාර්යවරු,විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ,ත්‍රිවිධ හමුදාව,පොලීසිය හිටියේ මාලිමාව එක්ක.හැබැයි අද එයාගෙන් බහුතරය මාලිමාව හතුරුවෙලා.දවස ගානේ මාලිමාවේ හතුරු ලයිස්තුව ලොකු වෙනවා.මිතුරු ලයිස්තුවේ හිටපු අය හතුරු ලයිස්තුවට වැටෙනවා.

අන්තිමට ජන්දෙට ඉස්සෙල්ලා හිටිය හතුරෝ සහ ඡන්දෙන් පස්සේ හැදුණු හතුරෝ ගත්තම දැන් ජවිපෙට තරම් හතුරෝ කාටවත් නෑ.දරාගන්න බැරි හතුරෝ ටිකක් ජවිපෙට හැදිලා.ඒක දවසින් දවස වැඩිවෙනවා.මෙභෙම ගියොත් අන්තිමට ජවිපෙ මිතුරෝ විදිහට ඉතුරු වෙන්නේ සිරසයි,කොටි ඩයස්‌පෝරාවයි විතරයි.මාලිමාවේ පාර්ලිමේන්තු කණ්‌ඩායමේ බහුතරය එක වෙලාවක ජවිපෙට හතුරුවෙනවා.රටම එක පැත්තක් වෙලා ජවිපෙයි,සිරසයි,කොටි ඩයස්‌පෝරාවයි එක පැත්තක් වෙන වෙලාවක් එනවා.

එදාට ජවිපෙ ගොඩ පුංචිවෙලා,ජවිපෙ හතුරන්ගේ ගොඩ ලොක වෙනවා.එදාට මේ මර්ධනය යාන්ත්‍රණයෙන් මාලිමා ආණ්ඩුවත්, පැලවත්තත් රකින්න බෑ.මේ මොහොතේ ජවිපෙ දේශපාලන හතුරෙක් වෙන එක තමයි ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට කරන්න පුළුවන් ප්‍රගතිශීලීම කාර්යභාරය.මොකද ජවිපෙ දැන් රටට සහ ජනතාවට හතුරුවෙලා ඉවරයි.

ඒක නිසා ජවිපෙ මර්ධන යාන්ත්‍රණයට බය වෙන්න ඕනි නෑ. නිර්මාල් කියනවා වගේම ඒක බෙලහීන එකක්.හැබැයි ඒක අවතක්සේරු කරන්න එපා.රටේ රාළ එහෙම කියන්නේ ජවිපෙ ම්ලේච්ඡ බව ගැන හොඳින් දන්න හින්දයි.වෙන්න ඕනි ඒකට බයවෙන එක හරි ඒක අවතක්සේරු කරන එක හරි නෙවෙයි. සංවිධානාත්මකව ඒක මුහුණ දෙන එකයි.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න