ජවිපෙ පාදඩ දේශපාලනයට එරෙහිව ජනතාව පෙරට

සරසවි ප්‍රජාවගෙන් ජවිපෙට ප්‍රහාරයක් ජනතා විමුක්ති පෙරමුණේ පාදඩ සහ මජර දේශපාලනයට එරෙහිව රට පුරා බිමට්ටමේ ග්‍රාමීය ජනතාව මේ වන විට එකට ඒකරාශී වෙමින් සිටින්නේ යැයි ද, ඒ අනුව හෙට අනිද්දා වන විට එම පක්ෂය…
සරසවි ප්‍රජාවගෙන් ජවිපෙට ප්‍රහාරයක්

ජනතා විමුක්ති පෙරමුණේ පාදඩ සහ මජර දේශපාලනයට එරෙහිව රට පුරා බිමට්ටමේ ග්‍රාමීය ජනතාව මේ වන විට එකට ඒකරාශී වෙමින් සිටින්නේ යැයි ද, ඒ අනුව හෙට අනිද්දා වන විට එම පක්ෂය ගමෙන් එළවා දමනු ඇතැයි ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා අවධාරණය කර සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටී මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.
දැන්වීම
කිසිම දර්ශනයක්, වැඩ පිළිවෙළක් සහ ප්‍රතිපත්තියක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක මහතාව දැවැන්ත දේශපාලන චරිතයක් ලෙස පුම්බා තිබෙන්නේ ජනමාධ්‍ය විසින වන අතර ඒ පිම්බීම හේතුවෙන් අනුර කුමාර මේ වන විට සිටින්නේ උඩු ගුවනේ බව කිව යුතුයි.
ජනතා විමක්ති පෙරමුණ සමග සිටින්නේ රටේ ජනතාවගෙන් 3%ක් වන අතර ඒ අයට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මන්ත්‍රී ආසන තුනක් විතරයි. ඊට වඩා ජන සහ ඡන්ද පදනමක් ද, මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ද සිටින දෙමළ සහ මුස්ලිම් පක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එනමුත් ඒ දෙමළ සහ මුස්ලිම් පක්ෂවලට සහ එහි නායකයින්ට ජනමාධ්‍ය ඔස්සේ කිසිදු ප්‍රචාරයක් නොලැබෙන අතර එම තත්ත්වය ඉතා අසාධාරණයි.
ජනතා විමුක්ති පෙරමුණේ පදනම ඊර්ශ්‍යාව සහ ක්‍රෝධයයි. ඔවුන් අදහන්නේ පොල්පොට් වාදී පාලනයක් සහ කැලා නීතියයි. ජනතා විමක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින් කතා කරන්නේ සහ විවේචනය කරන්නේ අනුන් ගැන විතරයි.
රටේ බලය ලබා ගැනීමට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙළක් නැතත් ජනතා විමක්ති පෙරමුණ කියා සිටින්නේ බලයට පැමිණි වහාම සියලුම හොරුන් අල්ලා ඔවුන් හොරකම් කළ ජාතික ධනය යළි රටට ලබා ගන්නවා කියායි. ජනතා විමුක්ති පෙරමුණ එසේ හොරුන් අල්ලා දඬුවම් දෙන්න යන්නේ කැලෑ නීතිය යටතේ ද යන ප්‍රශ්නය සහ සැකය මතු වනවා.
ජනතා විමක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ඇතැම් නායකයින්ගේ දූ දරුවන් යුරෝපය ඇතුළු දියුණු රටවල පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන බවට ජනමාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා. සිය දූ දරුවන් දියුණු රටවල පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුළු කර රුපියල් කෝටි ගණන් වියදම් කරමින් අධ්‍යාපනය ලබා දෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අපේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිව සටන් කරමින් අපේ දූ දරුවන්ට එවැනි උසස් අධ්‍යාපන අවස්ථා අහිමි කරන්නේ අතිශය අමානුෂික ලෙසයි.
මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කුහකකම, ඊර්ශ්‍යාව, වෛරය, අවස්ථාවාදීකම, දෙබිඩි පිළිවෙත සේම භාවිතයේ සහ දේශපාලන ප්‍රතිපත්තියේ පරස්පර විරෝධී භාවය බව කිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි නායකයින්ගේ මේ දුර්ගුණ සේම දෙබිඩි පිළිවෙත ජනතාව දැන්වත් තේරුම් ගත යුතුයි.
වර්තමානයේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වයට අවුරුදු 74ක් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වග කිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියත් ඔවුන් ද ඊට වග කිව යුතුයි. 1977 සහ 88-89 වකවානුවේ දී හොරකම් කරමින්, කප්පම් ගනිමින්, තර්ජනය කරමින්, දේපොළ ගිනි තබමින් සහ මිනී මරමින් ජනතා විමුක්ති පෙරමුණ රට පුරා මුදා හළ භීෂණය නිසා රටේ ආර්ථිකය ගව් ගණනාවක් ආපස්සට ගියා.
ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර කුමාර දිසානායක ඇතුළු එහි නායකයින් නිතර කියන කතාවක් තමයි ඒ අයව සහ ඒ අයගේ පවුල් නඩත්තු කරන්නේ ද, ඒ අයට ආධාර උපකාර කරන්නේ ද, අනුග්‍රහය දක්වන්නේ ද ඒ අය ගැන පැහැදුණු විදේශ රටවල වගේම ශ්‍රී ලංකාවේ සිටින ඒ අයගේ ධනවත් සහෝදරයින් බවයි.
එසේ නම් ඒ කියන සිය ධනවත් සහෝදර ජනතාව මාර්ගයෙන් අපේ අන්ත අසරණ දූ දරුවන්ට සහ රටට උදව් උපකාර කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා නොකරන්නේ ඇයි..? ඒ සම්බන්ධතා රටට-ජනතාවට හෙළිදරව් නොකරන්නේ ඇයි..? තම තමන්ට සහ තම පක්ෂයට අරමුදල් ලැබෙන මාර්ග ගැන නිවරදිව කරුණු නොකියන්නේ ඇයි..?
ඇත්ත වශයෙන්ම ජනතා විමක්ති පෙරමුණේ අරමුදල් සහ ඒ අරමුදල් ලැබුණු ආකාරය පිළිබඳව විගණනය කළ යුතු අතර පාර්ලිමේන්තුවේ දී ඒ ගැන ප්‍රශ්න කළ යුතුයි. ජනතා විමක්ති පෙරමුණේ පමණක් නොව සියලු දේශපාලන පක්ෂවල අරමුදල් පුළුල් විගණනයකට භාජනය කළ යුතුයි.