අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙ පසුපස මීළඟට හඹා එන්නේ ජනතාවයි

ජවිපෙ පසුපස මීළඟට හඹා එන්නේ ජනතාවයි

රටේ රාළ පහුගිය ලිපියක කිව්වා ඔයාලට මතක ඇති දැන් අපේ රටේ කිසිම යුක්ති ගරුක පුරවැසියෙකුට මේ ආණ්ඩුවත් එක්ක අතර මැදි සමාදානයක් තියෙන්න විදිහක් නෑ කියලා.ඒ මේ ආණ්ඩුව මහජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා,ඒ බලයම…

රටේ රාළ පහුගිය ලිපියක කිව්වා ඔයාලට මතක ඇති දැන් අපේ රටේ කිසිම යුක්ති ගරුක පුරවැසියෙකුට මේ ආණ්ඩුවත් එක්ක අතර මැදි සමාදානයක් තියෙන්න විදිහක් නෑ කියලා.ඒ මේ ආණ්ඩුව මහජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා,ඒ බලයම පාවිචිචි කරගෙන දැන් මහජනතාවටම ෂොට් එක දෙන හින්දයි.ඇත්තටම මේ ආණ්ඩුවට තමන්ට ඡන්දය දුන්න ජනතාව සම්බන්ධ කිසිම හැගීමක් නෑ.දැන් ආණ්ඩුව වැඩ කරන්නේ ඡන්දයට සල්ලි දුන්න ජාවාරම්කාරයින්ට ඕනි විදිහටයි.

දැන් මේ රට පාලනය කරන්න ධම්ම පෙරේරලා, ඉෂාර නානයක්කාරලා,යුසුෆ් හනිපා වගේ කිපදෙනෙක් සහ කොටි ඩයස්‌පෝරාව එක් සම්බන්ධතා තියෙන එතෙර ඉන්න ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්.ඒ විතරක් නෙවෙයි අනුර ඇතුළු මාලිමා ආණ්ඩුව ලෝකය ඉස්සරහා නිවටවීමේ සීමාවකුත් නෑ.ඉන්දියාව ඉස්සරහා නිවට නියාලු කූක්කෝ ගානට වැටිලා.

එක්සත් ජාතින් අමතන්න ගියත් එහෙමයි,ට්‍රම්ප්ට හම්බවෙන්නෙත් නැතිව ට්‍රම්ප්ට හම්බවුනා,සුහද පිලිසඳරක් කළා අවසානයේ ඡායාරූපයකටත් පෙනී හිටියා කියලා අනුරම කියනවා කියලා AI තාක්ෂණය පාවිචීචි කරලා ඇමරිකාවෙන් දුන්න ඡායා රූපයක හිස්තැන පුරවලා facebook දානවා.ඒ ගානකට රටක ජනාධිපති කෙනක් වැටීම මොන තරම් නිවටකමක්ද?ඇත්තටම දැන් බලනකොට අනුරලා නිවටවෙලා නැත්තේ කා ඉස්සරහද කියන ප්‍රශ්නය එනවා.ජාවාරම්කාරයෝ ඉස්සරහා,ලෝක නායකයෝ ඉස්සරහා,ව්‍යාපාරික කාන්තාවෝ ඉස්සරහා නිවට වෙන මේ ආණ්ඩුව ජනතාවට නං පට්ට සැරයි.

දැන්වීම

තමන්ට ඡන්දය දුන්න ජනතාවටත් පුප්පන මේ ආණ්ඩුව විරුද්ධ මත දරන්නන්ට මොනවා නොකරයිද?තමන්ට ඡන්දය දුන්න මන්නාරමේ ජනතාවට ආණ්ඩුව පොලීසිය දාලා ගැස්සුවේ ධම්මික පෙරේරාගේ සල්ලි බලය වෙනුවෙන්. ඇත්තටම අනුර මන්නාරමේ ජනතාව රැවැට්ටුවා, මන්නාරම ජනතාවට කොලේ වහලා කරන්න ගිය වැඩෙන් තමයි ගිය 26 වෙනිදා මන්නාරම ජනතාව කුපිත වුනේ.අපි දැක්කා පොලීසිය ඒ ජනතාවට පහර දෙනකොට ජෙප්පෝ ඕකුන්ගේ ඔළු කුඩුකරන්න කියලා post දාපු හැටි.

ජනාධිපති තමයි ඒ ජනතාවට පොරොන්දුවෙලා තිබුණේ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා නොකර සහ ඒවාට විසදුම් නොදී මන්නාරමේ සුළං බලාගාර පටන් ගන්නේ නෑ කියලා.එහෙම කියලා එක පාරට තමයි අනුරත් රට ඉන්න වෙලාවේ කළුවරේ කට්ටය දාලා බඩු අදින්නේ.ඒක ප්ලෑන් කරලා කරපු වැඩක්.මන්නාරමේ විතරක් නෙවෙයි ත්‍රිකුණාමලයේ මුත්තූර් නගර්වර තත්වයත් ඕකයි, යාපනයේ තත්වයත් ඕකයි,වතුකරයෙත් ඔහොම තමයි,විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට,උපාධිධාරිරට,රාජ්‍ය සේවකයට,ගොවියට,කම්කරුවට,ධීවරයට මේ හැම කෙනාටම එක හැන්දෙන් තමයි බෙදලා තියෙන්නේ.

ඒක නිසා මේ හැම සමාජ ස්ථරයක්ම ආර්ථික දුෂ්කරතාවලට අමතරව සෘජුවම ආණ්ඩුව කෙනෙහිලිකම්වල ලක්වෙනවා.ඇත්තටම දැන් ජනතාව අතර ආණ්ඩුව ගැන තියෙන්නේ වෛරයයක්.නොසන්සුන්තාවය වේගයෙන් ගොඩනැගෙමින් තියනවා.ඒකට වගකියන්න ඕනිත් මේ ආණ්ඩුවම තමයි.මොකද ආණ්ඩුව දැන් කරන වැඩවල එරෙහි සටනක් එයාලා විපක්ෂයට ඉන්නකොට කරලා තියනවා.ඒ සටන්වලට ජනතාව කැදවලා තියනවා.හැබැයි ආණ්ඩු බලය ගත්තට පස්සේ එදා තමන් එරෙහි වෙච්චිදේ දැන් කරන්න පටන් අරන්.

එදා ඒ සටනේ හිටපු ජනතාව කිසිම හිරිකිතක් නැතිව මර්ධනය කරන්න පටන් අරන්.ඒකයි රටේ රාළ කියන්නේ මේ මහජන පීඩනය පුරා යන තැනක් එනවා කියලා.ඒකත් එක්තරා දුරක් එනකම් ප්‍රමාණාත්මක වර්ධනයන් වෙමින් ඇවිල්ලා එකවර පුපුරා යන්න පුළුවන්.ඇත්තටම මේ ආණ්ඩුව බය නැතිව ඕනි පාදඩ වැඩක් කරන්නේ මේ රටේ ශක්තිමත් විපක්ෂයක් නැති හින්දයි.හැබයි විපක්ෂයට උගන්නන්න බැරිවුන පාඩම කිසියම් මොහොතකට ජනතාව ඇවිත් උගන්නන්න ඉඩ තියනවා.

ආණ්ඩුව අයිෂ් සම්බන්ධව ගෙනාපු මහා ලොකු ඝෝෂව දැන් ඉවරයි.මොකද පරික්ෂණ ඉදිරියට යවනකොට තමයි තේරෙන්නෙ ජනතාවටත් මේවා අවබෝධ වෙනවා කියලා.අයිෂ් කන්ටේනර් දෙක පැන්නීමේ වගකීමෙන් මිදෙන්න ආණ්ඩුවට බෑ.දැන් පොලිස් ඇමතිට පිලිගන්න වෙලා තියනවා ඒ කන්ටේනර් දෙක නිදහස් කිරීමවෙලා තියෙන්නේ තාක්ෂණික දෝෂයකින් කියලා.ඒවා ඉතින් එයාලට සාධාරණය කතා උනාට ඒවා මේ රටේ ජනතාව පිලිගන්නේ නෑ.

පොදුවේ සමාජයේ තියන මතය තමයි පහුගිය කාලේ අයිෂ් මත්ද්‍රව්‍ය රටතුල ඒම වැඩිවීම සහ පාතාල ක්‍රියාකාරකම් ඉහල යෑම සහ කන්ටේනර් 323 පැන්නීම අතර සම්බන්ධයක් තියනවා කියලයි.ඒ කියන්නේ ජනතාව සැක කරනවා ඒ කන්ටේනර් ඇතුලේ විෂ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ආවා කියලා.ඇත්තටම ජවිපෙ ඉතිහාසය ගැන හොඳටම දන්න කෙනෙක් විදිහට රටේ රාළත් ආයුධ ආවාද කියන සැකය තියනවා.ඊට පස්සේ ආණ්ඩුව නුවරඑලියේ අයිෂ් ෆැක්ටරියක් ගෑන කතා කළා.

හැබැයි ටික දවසකින් ඒක ආණ්ඩුව පැත්තෙන්ම අකුලගත්තා.ඒකට හේතුව තමති නුවරඑලියේ ඒ අයිෂ් හදපු ගේ කාගෙද කියන ප්‍රශ්නය ආපු එක.අයිෂ් හදන අයට කවුද ඒ ගෙදර බදු දුන්නේ කියන ප්‍රශ්නය ඇහුවම ආණ්ඩුව කට පියා ගත්තා. ආණ්ඩුව කියන්න බැරි නමක් එතන තියනවා. ඊළඟට ආණ්ඩුව පහුගිය දවස්වල අයිෂ් හදන තැන් තියෙන්නේ තංගල්ලේ කියලා සද්දේ දදා හිටියා.ඒ ඒ චෝදනාව රාජපක්‍ෂලාට පටවන්න.

හැබැයි පහුගියදා තංගල්ලෙන් අත්අඩංගුවට ගත්ත මත්ද්‍රව්‍ය කිලෝ හත ගෙනාපු අයශකවුද කියලා හොයා ගන්නකොට ආණ්ඩුවේ ඩෝබිලාගේ කටවල් වැහුණා.එයාලා ජවිපෙ ආධාරකාරයෝ. ජවිපෙ ඇතැම් මන්ත්‍රීලගේ ලගම ඥාතීන්.එතකොට එන ප්‍රශ්නේ තමයි සම්පත් මනම්පේරි නිසා නාමල් පටවන්න හදපු චෝදනාව ජවිපෙටත් එනවා.ජවිපෙ ආධාරකාරයෝ විතරක් නෙවෙයි ජවිපෙ ඒ දිස්ත්‍රික්යේ නායකයන්ගේ ලගම ඥාතීන් වැඩේට සම්බන්ධයි කියන චෝදනාවත් එක්ක ආණ්ඩුව වැඩේ ඇකිළුවා.දැන් ජවිපෙ කියන කතා ජනතාව කොහොමවත් බාරගන්නේ නෑ.

ප්‍රතිථලය වෙන්න ජවිපෙ හරි මාලිමාවේ හරි මන්ත්‍රීලට ගමට එන්න බැරිවෙන එකයි.අපි දැක්කා ඔය තත්වයම පහුගිය කාලේ පොහොට්ටුවේ මන්ත්‍රීලටත් උදාවෙනවා.එදා ඒ තත්වය නිර්මාණය කරන්න ජවිපෙත් සෑහෙන්න මහන්සි වුනා.අද ඒ තත්වයම ඊට වඩා කෙටි කාලයක් ඇතුලත තමන් විසින්ම ජවිපෙ නිර්මාණය කරගනිමින් ඉන්නවා.

ඒ තරමටම ජනතාව ජවිපෙ ප්‍රතිරූපය කඩාගෙන වැඩිලා.ඒක නිසා රටේ රාළට අනුර ඇතුළු ආණ්ඩුවට කියන්න තියෙන්නේ විපක්ෂයෙන් නෙවෙයි ජනතාවගෙන් ප්‍රවේශම් වෙන්න කියලයි.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න