අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙ නිරුවත බටලන්දෙන් වැසිය හැකිද..?

ජවිපෙ නිරුවත බටලන්දෙන් වැසිය හැකිද..?

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ සාකච්ජා තවමත් ජනප්‍රිය මාතෘකාවක්.ගොඩක් දුරට අප්‍රියෙල් මුල් පාර්ලිමේන්තු සතියේ ඒ සම්බන්ධ විවාදය පැවැත්වෙයි.කොමිෂන් වාර්තාවට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව ජවිපෙ…


බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ සාකච්ජා තවමත් ජනප්‍රිය මාතෘකාවක්.ගොඩක් දුරට අප්‍රියෙල් මුල් පාර්ලිමේන්තු සතියේ ඒ සම්බන්ධ විවාදය පැවැත්වෙයි.කොමිෂන් වාර්තාවට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාත් කියනවා. කොමිෂන් වාර්තාවේ තියන සාක්ෂිවලට අමතරව පිටතින් සාක්ෂි ගොනුකරන බවත් ටිල්වින් කිව්වා.

බටලන්ද කොමිෂන් වාර්තාව ගැන පක්ෂ නායකයන් තමන්ගේ ස්ථාවරයන් ඉදිරිපත් කරලා තියනවා.එතනදී ගොඩක් අය අදහස් ඉදිරිපත් කළේ 88/89ය කාලයේදී තමන් නියෝජනය කරපු දේශපාලන කඳවුරුට පක්ෂපාතීවයි.එක්කෝ ජවිපෙට පක්ෂව හෝ විපක්ෂව,නැත්තං එදා පැවති එජාප ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂවයි. ඇත්තටම අදත් ජවිපෙ කරන්නේ ආත්ම වංචාවක්. මේක ජවිපෙ වෙනුවෙන් දිවිපුදපු පරම්පරා දෙකක ආධ්‍යාත්මයත් එක්ක කරන කැත දේශපාලන සූදුවක්.

ආයෙත් 88/89යේ කඳුළු සහ විරහව ඡන්ද බවට පත්කරගන්න ජවිපෙ හදනවා.පක්ෂය වෙනුවෙන් දිවිපුදපු සඟයන්ගේ නම් ඉස්සරහට දාගෙන මෙතෙක් අනුරලා කරපු දේශපාලන මංකොල්ලයේ තවත් දිගුවක් මේක.අනුරලා මෙතෙක් කරපු ඒ දේශපාලන මංකොල්ලය අවසන් උනේ ජවිපෙ බලය ලබාගැනීමෙන් විතරක් නෙවෙයි,විජේවීර ඝාතනය කරපු තෝරදෙනිය වගේ අය හමුදා සාමාහික ඇතුලේ ජවිපෙට එකතුවෙමින්.

දැන්වීම

ජවිපෙ 1994 නැවත ප්‍රාජතාන්ත්‍රවාදී දේශපාලනයට එනකොට මේ රටේ තිබුණ තත්වය ඔයාලට මතක ඇති.1987 පටන් 1994 දක්වා කාලය ඇතුලේ හැමතැනම දැක්කේ හූල්ලමින් ඉන්න මිනිස්සු. තමන්ගේ පුතා,දුව නැතිවුන අම්මා,තාත්තලා. අම්මලා,තාත්තලා නැතිවුන දරුවෝ.එක කුස උපන් සහෝදර සහෝදරියෝ අහිමි උන අය.පෙමිවතුන් අහිමිවුන පෙම්වතියෝ,පෙම්වතියන් අහිමිවුන පෙම්වතුන්.මේ විරහව පිරි සමාජය තුලින් තමයි ජවිපෙ නැවත නැගිට්ටේ.

ආරක්ෂක අංශ අතින්,නිල නොවන මැර කල්ලි අතින් වගේම ජවිපෙ අතින් මැරුම්කාපු මිනිස්සුගේ ආදරණීයයන්ගේ සෝ සුසුම් මැදින් තමයි ජවිපෙ නැගිට්ටේ.ඒ හැමෝටම තමන්ගේ ආදරණීයයන් අහිමිවීමේ දුක හා වෛරය තිබුණා.ඒ සමාජය කියන්නේ දැඩි මර්ධනයකින් බැට කාපූ සමාජයක්. රාජ්‍ය මර්ධනයෙන් ජවිපෙයත්,ජවිපෙ මර්දනයෙන් තවත් සමාජ ස්ථර ගණනාවක් බැට කෑවා.හැබැයි මේ වෙනකොට මේ කාටත් සාමය ඕනි වෙලා තිබුණා.

ජවිපෙ මර්ධනය කරපු එජාපයටත් සාමය නැතිව ඉදිරියට යන්න බැරිව තිබුණා.93/94 වෙනකොට ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදය ඕනි වුනා වගේම ඒක දෙන්නත් පාලක එජාපයට සිද්ධවුනා.එවකට ජනාධිපති උන ඩී.බී විජේතුංග ඒ අවස්ථාව දුන්නා. ජවිපෙ එදා දේශපාලන වශයෙන් එලියට බැස්සේ එහෙම සමාජයකට.මුලදී ජවිපෙට දැඩි විවේචනයක් එල්ලවුනා.ඒ විවේචන මැද්දේ ඒවාට මුහුණ දෙමින් ජවිපෙ සෝමවංශගේ නායකත්වයෙන් ඉදිරියට ආවා.

1995දී පත්කරපු බටලන්ද කොමිෂන් වාර්තාව 1998 දී චන්ද්‍රිකා අතට ලැබුණා.ඒත් චන්ද්‍රිකා ඒ වාර්තාවට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නෑ.සමහරව්ට චන්ද්‍රිකාට තමන්ගේම පන්තියේ කෙනෙක් උන රනිල්ව අමාරුවේ දැමීමේ උවමනාව තියෙන්න නැතිව ඇති.චන්ද්‍රිකාගේ ස්වාමි පුරුෂයා උන විජය කුමාරතුංග ඝාතනය කළෙත් ජවිපෙන්.චන්ද්‍රිකා විතරක් නෙවෙයි පහුගියදා බටලන්ද කොමිෂන් වාර්තාව ගැන අල්ජසීරා මාධ්‍යවේදීයා රනිල්ගෙන් ප්‍රශ්න කරනකම්ම ජවිපෙත් බටලන්දක් ගැන කතා කළේ නෑ.

ජවිපෙ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට පරිවාසයක් දුන්නා, චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු විදිහට අනුර,විජිත,ලාල් කාන්ත,චන්ද්‍රසේන විජේසිංහ කටයුතු කළා.හැබැයි බටලන්ද ගැන කිසිම ඉල්ලීමක් එදා ජවිපෙ කළේ නෑ.ඊට පස්සේ 2005 දී මහින්ද බලයට ගෙන්න වැඩිම වැඩ කොටස කළේ ජවිපෙ.නමුත් කවදාවත් බටලන්ද සම්බන්ධ සාකච්ඡාවක් කෙරුනේ නෑ.බටලන්ද කොමිෂන් වාර්තාවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඉල්ලුවේ නෑ.

බටලන්ද නෙවෙයි අඩුම ගානේ විඡේවීර ඝාතනය ගැන කොමිෂමක් ඉල්ලන්න කියලා ජවිපෙ තුලින් ආපු යෝජනාවත් ටිල්වින් එදා ප්‍රතික්ෂේප කළා. රනිල් සහ අනුර අතර දේශපාලන සම්බන්ධය ගොඩනැගෙන්නේ 2007 ටත් ඉස්සර ඉඳන්.2015 යහපාලන ආණ්ඩුවෙන් පස්සේ අනුර වැඩිපුර හිටියේ අරලිය ගහ මන්දීරයේ රනිල් එක්ක.අද රනිල් ගැන බිමල්ට තියෙන හිරිකිත එදා අනුරට තිබුණේ නෑ.එක වෙලාවක ජනාධිපති මෛත්‍රීපාල සතු විධායක බලතල අගමැති රනිල්ට පවරන්න කියලා අනුර සහ විජිත ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා.

ශ්‍රේෂ්ඨාධිකරණය අනුරගේ සහ විජිතගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.එදා එහෙම කරනකොට ටිල්වින්ට,බිමල්ට ඔය හිරිකිත දැනුනේ නැද්ද?අල්ජසීරා රූපවාහිනිය රනිල්ගෙන් බටලන්ද ගැන ප්‍රශ්න කලහමද ජවිපෙට බටලන්ද ගැන මතක් වුනේ.ඇත්තටම ජවිපෙ මේක කරතියාගන්නේ පාලත් පාලන මැතිවරණය නිසා සහ තමන් රාජ්‍ය පාලනයේදී පෙන්නන නොහැකියාව වහගන්න. 

රාජ්‍ය පාලනය සම්බන්ධව වැඩපිලිවෙලක් නැති ජවිපෙ තමන් ජනතාවට දුන්න පොරොන්දු පැත්තකට විසිකරලා රනිල්ගේ වැඩපිලිවෙල කරගහ ගත්තා.ඒ වගේම නිශ්චිත දේශපාලන වැඩපිලිවෙලක් නැති ජවිපෙ ඒ ඒ වෙලාවේ මතුවෙන දේශපාලන සිද්ධිවල එල්ලෙමින් දේශපාලනය කරනවා.ඒකෙන් පේන්නේ රාජ්‍ය පාලනය,රටේ ආර්ථිකය හැසිරවීම සහ මතුවෙන නව දේශපාලන තත්වයන් ජවිපෙට කලමණාකරණය කරන්න බෑ කියන එකයි.

ඇත්තටම ජවිපෙට තමන්ගේම න්‍යාය පත්‍රයක් නෑ.මේ තත්වය හමුවේ එන්න පුළුවන් අවසන් නිගමනය වෙන්නේ එකවරම අනුර දැවැන්ත උගුලට පය තියන බවයි.අනුර උගුලකට අහුවෙනවා කියන්නේ රටත් ඒ උගුලේම හිරවුනා කියන එකයි.

හරි එහෙනම් ගිහින් එන්නම්,

ජයවේවා..!

මීට,

රටේ රාළ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න