අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙ අනුරට එරෙහිව මාලිමාවේ අනුර..?

ජවිපෙ අනුරට එරෙහිව මාලිමාවේ අනුර..?

" අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙක් " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරගෙන් දිගින් දිගටම සිද්ධවෙන අතපසුවීම් සහ අසමත්වීම ගැනයි.රටේ රාළගේ මේ පැහැදිලි කිරීම් සමහර ජවිපෙ සහ මාලිමා සාමාජිකයන්ගේ දැඩි වෛරයට…

" අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙක් " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරගෙන් දිගින් දිගටම සිද්ධවෙන අතපසුවීම් සහ අසමත්වීම ගැනයි.රටේ රාළගේ මේ පැහැදිලි කිරීම් සමහර ජවිපෙ සහ මාලිමා සාමාජිකයන්ගේ දැඩි වෛරයට පාත්‍රවෙලා තියන හැටි එයාලගේ comments වලින් ඔයාටත් පේන්න ඇති.හැබැයි පිටකොන්දක් නැති ජෙප්පන්ට අනුකම්පාව කරනවා හැරවෙන උත්තරයයක් නෑ.

කොයි මොහොතක හරි එයාලටත් ඇත්ත තේරෙන්න පුළුවන් කියන විශ්වාසය තවමත් රටේ රාළට තියනවා.ඒක නිසා ඕනිම තර්ජිත තත්වයක් යටතේ ලිපිය පවත්වාගෙන යන්න උපරිම උත්සාහ කරනවා.ඒ වෙනුවෙන් ධෛර්යය දෙන ඔයාලට ගොඩක් ස්තුතියි.අනුරගේ අසමත්වීම් ගැන කතා කරමින් ඉන්න වෙලාවක අනුර තවත් අසමත්වීමක් එයාගේ අසමත්කම් ලයිස්තුවට එකතු කරලා තියනවා.

ඉතිහාසයේ හිටපු අනුරට එරෙහිව වර්තමාන අනුර දැන් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඉතිහාසයේ හිටපු අනුර පොලිස් අත්අඩංගුවට ගත්ත සැකකරුවන් නීති විරෝධී විදිහට ඝාතනය කිරීමට විරුද්ධ උන කෙනෙක්.අනුර ඒ ගැන පාර්ලිමේන්තුවේදී කරපු කතාව තවමත් මතකයි ඒ කතාවේදි අනුර තදින් ආණ්ඩු සහ පොලීසිය විවේචනය කළා.

දැන්වීම

එදා අනුරගේ විවේචනයේ ඉලක්කය උනේ ජනාධිපති,මහජන ආරක්ෂක ඇමති සහ පොලිස්පති තුන්දෙනා.අද අනුර ජනාධිපති,අනුරට ජවිපෙ ඇතුලේ හිටපු හොඳම බඩියෙක් අද මහජන ආරක්ෂක ඇමති,අනුර පත්කරපු පොලිස්පති කෙනෙක් තමයි අද ඉන්නේ.හැබැයි අද අනුර යටතේත් අපිට දකින්න ලැබෙන්න්නේ එදා අනුර විවේචනය කරපු විදිහේම ම්ලේච්ඡ පොලීසියක්.පොලීසියේ සියලුම දෙනා ම්ලේච්ඡයි කියලා රටේ රාළ කියන්නේ නෑ.

රටේ රාළගෙත් යාළුවෝ,ඥාතීන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොලීසියේ රාජ්‍යකාරි කරනවා.පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි හරියට කරන අය විශාල ප්‍රමාණයක් ඉන්නවා.ඒ සියලු දෙනාටමත් මේ ම්ලේච්ඡත්වයේ ලේබලය ඇලවෙන දේවල් දැන් අනුර සහ අනුරගේ ගෝලයාගේ පාලනය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිද්ධ වෙනවා.ඔයාලා කවුරුත් දන්නවා රටේ රාළ මේ කියන්න හදන්නෙ මොකක් ගැනද කියලා.පහුගියදා කොටහේන ප්‍රදේශයේ පාතාල කල්ලියක සාමාජිකයන් දෙන්නෙක් ඇවිත් ව්‍යාපාරික ස්ථානයකදී පුද්ගලයෙක් ඝාතනය කළා.

ඝාතනය කරලා පලා ගිය ඒ දෙන්නා ලුහුබැඳලා අල්ලගන්න පොලීසිය සමත් වුනා.ඒ අපරාධකාරයින් දෙන්න අල්ලලා ගැටගහලා, අඩපන කරලා තියෙන හැටි දැක්වෙන විඩියෝ සමාජ මාධ්‍යවලට මුදාහැරලා තිබුණා.ඒ දෙන්නා පොලිසියේ ආයුධයක් පැහැරගන්න හදපු නිසා දෙන්නම පොලිස් වෙඩි පහරින් මියගියා.ඒ දෙන්නා හිටපු තත්වයත් එක්ක පොලිසියේ ආයුධ කඩාගෙන වෙඩි තියන්න නෙවෙයි නැගිටින්නවත් බැරි ගානට අඩපණ කරලයි තිබුණේ.අන්තිමට කාක දුපතට ආයුධ පෙන්නන්න එක්ක ගිහින් පොලීසියේ ආයුධ උදුරගන්න හැදුවා කියලා වෙඩි තියලා මරලා දානවා.ඕක තමයි පොලිසිය කියපු කතාව.

ඕක තමයි එදා අනුර පිලිගන්න බෑ කියපු කතාව.අනුර එදා කිව්වේ ඕක පරණ කතාවක් කියලයි.පොඩි ලමයි උනත් හැමදාම එකම තැන හැගෙන්නේ නෑ වෙනත් තැන්වල හැංගෙනවා කියලා අනුර එදා කිව්වා.හැබැයි එදා අනුර පිලිගන්න බෑ කියපු කතාව අද අපට පිලිගන්න කියලා අනුරගේ පොලීසිය අපට කියනවා. මේකෙන් පේන්නේ අනුරගේ අසමත්කම නෙවෙයිද?ඒ වගේම අපේ පොලීසියේ වෘත්තීයමයභාවය සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා.මේ තත්වය යටතේ එක පැත්තකින් පොලීසියේ ඉන්නේ තොත්ත බබාලද කියලා අහන්න අපිට සිද්ධ වෙනවා.

තවත් පැත්තකින් පොලීසියේ ඉන්නෙත් කුලී මිනීමරුවෝද කියලා අකමැත්තෙන් උනත් අහන්න සිද්ධවෙනවා.පොලීසියේ අය තොත්ත බබාලා වෙන්නේ පොලීසිය අත්අඩංගුවට ගත්ත සැකකරුවන්ගෙන් ඉස්සෙල්ලාම අහන්නේ ආයුධ හංගලා තියෙන්නේ කොහේද කියලා හින්දයි. නියම වෘත්තීයමය පොලිස් නිලධාරියෙකුට නං ඊට මෙහා අහන්න තව ප්‍රශ්න ගොඩක් තියනවා.ඒ මේ ඝාතනයේ සුළමුල අණාවරණය කරගැනීම වෙනුවෙනුන්.මේක පිටිපස්සේ තියෙන අනෙකුත් සබධතාවයන් අණාවරණය කරගැනීම වෙනුවෙනුන්.

හැබැයි ඒ මොකුත්ම නොකර මේ පොලීසිස් තොත්ත බබාලත් කෙලින්ම අහලා තියෙන්නේ බඩු තියන තැන කියපන් කියලයි.අනිත් එක මේ පොලීසියේ තොත්ත බබාලා දන්නේ නෑ තමන් යටතේ ඉන්න සැකකරුවෙක් තමන්ගේ භාරයෙන් වෙනත් තැනකට ගෙනියන්න ඕනි ඒ සැකකරුගේ ආරක්ෂාව සහතික කරන්න පුළුවන් නම් විතරයි කියලා.ඊළඟට කොටහේනේ ඝාතකයන් දෙන්නා කියන්නේ පොලිස් ඉතිහාසයේ අත්අඩංගුවට ගත්ත පළවෙනි සැකකාරයෝ දෙන්නා නෙවෙයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී එයාලා වෙනත් තැන්වලට ගෙනියාමේදී සිද්ධ උන අද්දැකීම් ගොඩක් පොලිස් දෙපාර්තමේන්තුවට තියනවා.ඒවා මේ පොලිස් තොත්ත බබාලාට කියාදීලා නැද්ද?අඩුම ගානේ ඒ සැකකරුවෝ දෙන්නට හෑඩ්ස්කප් දාලා ගෙනියන්න තරම්වත් මොලයක් මේ පොලිස් තොත්ත බබාලට තිබිලා නැද්ද?මේකෙන් වෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධව තියෙන ජනතා විශ්වාසය තවත් පළඳුවීමයි.ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙනුත් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා පොලීසිය අපකීර්තියට පත්වීමයි.ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්න නැවත ඇතිවීමයි.

ඔය සියල්ලටම වැඩිය පොලීසිය මේ කරන්නේ තවදුරටත් පාතාලයේ පැවැත්මට අනුබල දීමක්. ඔයාලා දන්නවා අපේ රටේ පොලීසිය කුඩු අල්ලන්නේ කොහොමද කියලා.පොලිසිය කවදාවත් කුඩු ජාවරම්කාරයෝ කොටු කරගන්න උත්සාහ කරන්නේ නෑ.එයාලා ගොඩක්ම දුරට අල්ලන්නේ කුඩූ බොන අය සහ කුඩු විකුණන අයයි.එයාලා අල්ලන්න එපා කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි එයාලා ඇල්ලුවා කියලා කවදාවත් කුඩු ජාවාරම නතර වෙන්නේ නෑ.

කුඩු ජාවාරම්කාරයන්ට එයාලා ඇල්ලුවා කියලා ප්‍රශ්නයකුත් නෑ.එයාලා හෙට වෙන කෙනෙක් කූඩු විකුණන්න හොයා ගන්නවා.ඇත්තටම පාතාලයේ ඝාතකයන් මෙහෙම අල්ලලා ඝාතනය කිරීමෙන් වෙන්නේ එයාලාගෙන් ගන්න පුළුවන් වැදගත් සාක්ෂි සියල්ල විනාශ කරලා දාන එකයි.ඒ හරහා පාතාලයේ මූලයන් හඳුනාගන්න තියෙන අවස්ථාව අහිමි කිරීමයි.මෙතනදී බරපතලම සැකය එන්නේ පොලීසිය පාතාල නායකයන්ට එක්ක එකතු වෙලා මේ වැඩේ කරනවාද කියන එකයි.

එහෙම නං මෙතන කොන්ත්‍රාත් දෙකක් තියනවා. එකක් ඝාතනය කිරීම වෙනුවෙන් ඝාතකයින්ට දෙන කොන්ත්‍රාත් එක.අනික ඝාතනයේ පිටුපස ඉන්න මහ මොළකරුවන්ට එරෙහි සාක්ෂි මරා දැමීම වෙනුවෙන් දෙන දෙවෙනි කොන්ත්‍රාත් එක.දෙවෙනි කොන්ත්‍රාත් එක දෙන්නේ පොලීසියට කියලයි හිතන්න වෙන්නේ.ඇත්තටම මෙතනදී පතාල නායකයින්ට ප්‍රශ්නයක් නෑ.මොකද පොලීසිය එයාලාගේ පැත්තේ.ඒ වගේම එක ඝාතකයෙක් මැරුණට තවත් ඝාතකයෝ ඕන තරම් හොයා ගන්න පුළුවන් සමාජයක් නිර්මාණය වෙලා තියනවා.

ඒක නිසා පොලීසිය මේ කරන්නේ තවදුරටත් පාතාලය දිරිගන්වන නිවට වැඩක් බව කියන්න ඕනි.මේක සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම කැළලක්.

(රටේ රාළ)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න