අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙන් රට පුරා දිරිය පුරවැසි කමිටු

ජවිපෙන් රට පුරා දිරිය පුරවැසි කමිටු

(රංජිත් ගුණවර්ධන) ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කර ගනිමින් දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී වසම් 14600 පුරාම දිරිය පුරවැසි කමිටු නමින් ශාඛා සමිති පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කොට තිබේ.…

(රංජිත් ගුණවර්ධන)

ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කර ගනිමින් දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී වසම් 14600 පුරාම දිරිය පුරවැසි කමිටු නමින් ශාඛා සමිති පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කොට තිබේ.

නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වෙන 2018  පළාත් පාලන මැතිවරණය රට වෙනස් කිරමේ පළමු පියවර ලෙස හදුනා ගනිමින් ඊට මැදිහත් වන්නැයි දිරිය පුරවැසි කමිටු මගින් පොදු ජනතාවගෙන් ඉල්ලා සිටීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට තිබේ

දැන්වීම

ජනතා විමුක්ති පෙරෙමුණ දිරිය පුරවැසි කමිටු නමින්  සිය ශාඛා සමිති නම් කිරීමට තීරණය කොට ඇත්තේ සිය දේශපාලනය නව ආරකින් ජනතාව වෙත ගෙන යාමේ අරමුණින්  බවද වාර්තා වේ.

රට වෙනස් මගකට හැරවීම අරමුණු කොට ගත් සියලු දෙනාම එළබෙන පළාත් පාලන මැතිවරණය හැරවුම්  ලක්ෂයක් බවට පත් කොට ගැනීම සඳහ  දිරිය පුරවැසි කමිටු ඔස්සේ  ජනතාව පෙළ ගැස්සවීමට ජනතා විමුක්ති  පෙරමුණ තීරණය කොට තිබේ .

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජවිපෙන් රට පුරා දිරිය පුරවැසි කමිටු | Lanka Newsweek