අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙට උත්තරීතර නායකයෙක් සොයයි

ජවිපෙට උත්තරීතර නායකයෙක් සොයයි

මේ දවස්වල ජවිපෙ ඇතුලේ ඉන්න තවත් නායකයෙක් ගැන සංවාදයක් යනවා.කතාවේ හැටියට ජවිපෙ උත්තරීතර නායකයා හාමුදුරු කෙනෙක්ලු.හොයලා බලනකොට මේ කියන්නේ කලවැල්ගොඩ චන්දාලෝක හාමුදුරුවෝ ගැන.උන් වහන්සේ ජවිපෙ…

මේ දවස්වල ජවිපෙ ඇතුලේ ඉන්න තවත් නායකයෙක් ගැන සංවාදයක් යනවා.කතාවේ හැටියට ජවිපෙ උත්තරීතර නායකයා හාමුදුරු කෙනෙක්ලු.හොයලා බලනකොට මේ කියන්නේ කලවැල්ගොඩ චන්දාලෝක හාමුදුරුවෝ ගැන.උන් වහන්සේ ජවිපෙ සාමාජිකයෙක්.ජවිපෙ මධ්‍යම කාරක සභාව වගේම බෝල්ෂෙවික් පක්ෂයේ මූලික 104 දෙනා අතර හිටපු කෙනෙක්. දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකීමක් අප්‍රසිද්ධියේ දරනවා කියලා තමයි ආරංචි.

ජවිපෙ ඇතුලේ උන අභයන්තර මතවාදී ගැටුම්වලදී උන් වහන්සේ සක්‍රීය චරිතයක් බව කියන්න ඕනි.උන් වහන්සේ දිගටම ජවිපෙ වර්තමාන නායකයන්ගේ මතයට එරෙහි ස්ථාවරයක් නියෝජනය කළා.රටේ රාළත් නියෝජනය කරපු බෝල්ෂෙවික් පක්ෂය ඇතුලේ උන් වහන්සේ දක්වපු අදහස්වලින් ඒක පැහැදිලියි.එක වෙලාවක ගම්පහ තිබුණ බෝල්ෂෙවික් පක්ෂ සමුළුවකදී අනුරට වැටෙන්න දුන්නා මතකයි.ජවිපෙ ඇතුලේ ඇතිවුන දෙවෙනි බෙදීමේදි චන්ද්‍රාලෝක හාමුදුරුවෝ හිටියේ ප්‍රේම කුමාරලට බරව.ඒ කියන්නේ පෙරටුගාමී මතයට බරව.

පෙරටුගාමින්ට බරව හිටියත් උන් වහන්සේ ඡවිපෙ දෙකඩවෙලා ගැලවිලා යනවට විරුද්ධව හිටපු කෙනෙක්.ඒකට බලපාපු ඉතිහාස කතාවක් උන් වහන්සේට තිබුණා.ඒ 88/89 දී උන් වහන්සේගේ ජීවිතය බේරීම වෙනුවෙන් ජවිපෙ සාමාජිකයන් කීපදෙනෙක් ජීවිතය පරිත්‍යාග කරලා තිබුණා.ඒ අය ජීවිත දුන්නේ චන්ද්‍රාලෝක හාමුදුරුවෝ සහ ජවිපෙ ගැන ලොකු විශ්වාසයකින්. ඒක නිසා මොන ප්‍රශ්න තිබුණත් ජවිපෙ ඉන්න උන් වහන්සේ තීරණය කරලා තිබුණා.ඒ තීරණය එදා ඒ මොහොතට අනුව සාධාරණ ඇති.

දැන්වීම

හැබැයි ඉන්දියාවත් එක්ක ගිවිසුම් හතක් අත්සන් කරලා,රට පාවාදුන්න ජවිපෙත් එක්ක තවත් ඉන්න පුළුවන්නම් ඒක වෙනම ප්‍රශ්නයක්.විජේවීර ඇතුළු ජවිපෙ සාමාජිකයන් මරපු තොරදෙනියලා වගේ ජවිපෙම කිව්ව මස් වැද්දන්ගේ කරේ අත දාගෙන ඉන්න ජවිපෙත් එක්ක ඉන්න උන් වහන්සේට සාධාරණ හේතුවක් තවමත් තියනවා කියලා රටේ රාළ නං හිතන්නේ නෑ. කලවැල්ගොඩ චන්දාලෝක හාමුදුරුවෝ පුද්ගලයෙක් විදිහට ඉතා හොඳ කෙනෙක්.රටේ රාළටත් උන් වහන්සේ එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියනවා.

ඒ උන් වහන්සේ පක්ෂයේ මුදල් කමිටුව නියෝජනය කරපු නිසයි. උන් වහන්සේගේ අධීක්ෂණය යටතේ තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ මුදල් ක්‍රියාවලිය ඉස්සරහට ගියේ.එතකොට රත්නපුර දිස්ත්‍රික්කයේ මුදල් ලේකම් විදිහට හිටියේ රටේ රාළ.ඒක නිසා භෞතිකව සහ දුරකථන ඔස්සේ ඒ ක්‍රියාවලියට අදාලව විතරක් කිට්ටු ආශ්‍රයක් අපි අතර තිබුණා.ජවිපෙ දෙවෙනි බිඳි යාමේදී චන්දාලෝක හාමුදුරුවෝ ගලවාගන්න පෙරටුගාමින් ලොකු උත්සාහයක් ගත්තා.

කොහොම උනත් චන්ද්‍රාලෝක හාමුදුරුවෝ පෙරටුගාමින් එක්ක එලියට බැස්සේ නෑ.ඇත්තටම උන් වහන්සේ ගියා නම් ජවිපෙට කම්කරු සංගමය ඉතිරි වෙන්නෙත් නෑ.පෙරටුගාමින් ජවිපෙට තිබුණ ප්‍රබලම අවි දෙක උන ශිෂ්‍ය සංගමය සහ කම්කරු සංගමයෙන් ශිෂ්‍ය සංගමය ගලාගෙන ගියා.හැබැයි යම් විදිහකින් කලවැල්ගොඩ චන්දාලෝක හාමුදුරුවෝ පෙරටුගාමින් එක්ක ගියා නම් ජවිපෙට එදා කම්කරු සංගමයත් නැති වෙනවා.ඇත්තටම කම්කරු සංගමය රැකුනේ ලාල්ලා.වසන්තය සමරසිංහලා,මහින්ද ජයසිංහලා හින්දා නෙවෙයි.

කලවෑල්ගොඩ චන්දාලෝක හාමුදුරුවෝ හින්දයි.දැන් කට්ටිය කියන්නේ ජවිපෙ අධ්‍යාත්මික නායකයා කලවැල්ගොඩ හාමුදුරුවෝ කියලා.රටේ රාළ දන්න විදිහට චන්දාලෝක හාමුදුරුවන්ට ඔය ආධ්‍යාත්මික නායක හීන තිබුණේ නෑ. ඇත්තටම ජවිපෙ ඇතුලේ කවදාවත්ම ආධ්‍යාත්මික නායක සංකල්පයක් ගොඩනැගුවේ නෑ.රෝහණ විජේවීර ආධ්‍යාත්මික නායකයා නෙවෙයි ජවිපෙ නිර්මාතෘ කියනවටවත් කැමති වුනේ නෑ.

එහෙම කියපු සහෝදරයෙකුට විජේවීර කියලා තිබුණා ආය කවදාවත් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර කියලා කියන්න එපා කියලයි.ඒ සහෝදරයා තවමත් ජීවතුන් අතර ඉන්නවා. ජවිපෙ ඇතුලේ ආධ්‍යාත්මික නායක බිල්ලෙක් හැදුවේ නැතිවුනාට ඒ උණ තිබුණ කීපදෙනෙක් හිටියා.සෝමවංශ අමරසිංහට කවදාවත් එහෙම ලෙඩක් තිබුණේ නෑ.ලෙඩේ තිබුණේ ප්‍රේම කුමාර ගුණරත්නම්ට සහ ටිල්වින් සිල්වාට.ප්‍රේම කුමාර ජවිපෙ අප්‍රසිද්ධ නායකයෙකු විදිහට හිටපු කාලේ ඔය වගේ මතයක් තිබුණා.

ජවිපෙ ගොඩක් දෙනෙක් හිතුවා ප්‍රේම කුමාර තමයි ඇත්ත නායකයා.එයා එලියට දාන්නේ නෑ කියලා.ඇත්තටම ඒක ප්‍රේම කුමාර දැනුවත්ව එයාගේ ශිෂ්‍ය සංගමයේ ගෝලයෝ හදපු මතයක්.පක්ෂයේ ගොඩක් අභයන්තර වැඩවලදී රටේ රාළට ප්‍රේම කුමාර හම්බවෙලා තියෙනවා,වැඩ කරලා තියනවා.ප්‍රේම කූමාර හිටියේ ආධ්‍යාත්මික නායකයාට ඇඳලා කියලා හිතන්න පුලුවන් හැසිරීමක් එයාගේ තිබුණා.ප්‍රේම කුමාර දක්ෂයෙක් කියලා රටේ රාළ අදත් පිලිගන්නවා.

හැබැයි දක්ෂ උනාට ප්‍රේම කුමාරගේ දේශපාලනය අවංක නෑ.එයත් අනුර වගේම ඩබල් ඒජන්ට් කෙනෙක් කියන එකයි රටේ රාළගේ නිගමනය.ඒ වගේම ප්‍රේම කුමාරට සමකාලීනව ජවිපෙ ආධ්‍යාත්මික නායකයා වෙන්න ෆයිට් කළේ ටිල්වින්.විමල්ලට, නන්දනලට ඒ උණ තිබුණේ නෑ.ටිල්වින් පක්ෂේ ලේකම් විදිහට එයා අතේ පක්ෂ යාන්ත්‍රණය තියාගෙන හිටියා.පක්ෂයේ ශිෂ්‍ය සංගමය,කම්කරු සංගමය,ගොවි සංගමය,කලා සංගමය කාට දුන්නත් ටිල්වින් මැරූකොට කාන්තා සංගමය නං කාටවත් දුනේනේ නෑ,දෙන්නෙත් නෑ.

කොළඹ දිස්ත්‍රික්කය බලන්නෙත් ටිල්වින්.ඒකට හේතුව කාන්තා මූලස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටලා තිබීම.ටිල්වින්ට වෙන දිස්ත්‍රික්කයක් බන්න ඕනි නම් ඉස්සෙල්ලාම කාන්තා මූලස්ථානය ඒ දිස්ත්‍රික්කයට ගෙනියන්න ඕනි කියලා කතාවක් ඒ කාලේ ජවිපෙ ඇතුලේ තිබුණා.ජවිපෙ ඇතුලේ හිටපු සමහර සහෝදරියන්ට ආධ්‍යාත්මික නායකකම දාගෙන ටිල්වින් කිට්ටු කරපු බව ජවිපෙ මධ්‍යම කාරක සභාවේ හිටපු අය දන්නවා.නන්දන ඒවා සාක්ෂි සහිතව කිව්වා.

ඒ වගේම ටිල්වින් ජවිපෙ ඉතිහාසය ගැන කතා කරන ගොඩක් අවස්ථාවල ඒකේ තිබුන වීරත්වය තමන්ට ආරෝපනය කරගෙන කතා කරනවා.ඉතිහාසයේ විර චරිත ගැන අහපු කීප දෙනෙකුගෙන්ම ටිල්වින් අහලා තිබුණේ ඇයි අපි ඒ වගේ පේන්නේ නැද්ද කියලයි.ඇත්තටම ජවිපෙ සංස්කෘතිය ඇතුලේ ආධ්‍යාත්මික නායකයෙක් නිර්මාණය නොකලත් ඉතිහාසයේ හිටපු ජවිපෙ නායකයන්ට ලොකු ගෞරවයක් ජවිපෙ සාමාජිකයා තුල තියනවා.

ඒ එයාලා ජවිපෙ වෙනුවෙන් කරපු කැපවීම්වලට.විජේවීර, ගමනාගමන,සමන් පියසිරි,ශාන්ත බණ්ඩාර වගේ තවත් නායකයන් සිය දහස් ගණනක් එහෙම ඉන්නවා.ඒ ඉතිහාසය හදාරපු ජවිපෙ සාමාජිකයාට මේ ජවිපෙ ඇතුලෙත් වීරයෙක් ඕනි. ආධ්‍යාත්මික නායකයෙක් ඕනි.තමන්ට වැඩිය උත්තරීතරයි කියලා චරිතයක් ඕනි.ට්ල්වින් කවුද කියලා දැන් රටම දන්නවා.ලාල් කවුද කියලත් දන්නවා.බීමල්ලා නාගෙන ඉවරයි.හදුන්ලා ගැන කතා කරන්න දෙයක් නෑ.අනුරගේ තියෙන්නේ මුදාවාද විතරයි.

ඉතින් මේ කිසිම කෙනෙකුට ජවිපෙ ඇතුලේ නිර්මාණය වෙලා තියන නායකත්ව රිත්තකය පුරවන්න බෑ.හැබැයි පුද්ගලයෙක් විදිහට ජවිපෙ ඇතුලේ කලවැල්ගොඩ හාමුදුරුවෝ චරිතය කිලිටි කරගෙන නෑ.හැබැයි දේශපාලන වශයෙන් ජවිපෙ මේ අනුගමනය කරන දේශද්‍රෝහී දේශපාලනය ඇතුලේ උන් වහන්සේටත් පංගුවක් තියනවා.ජවිපෙට ආධ්‍යාත්මික නායකයෝ එක්කෙනෙක් නෙවෙයි සීයක් පත් කලත් ආයෙ ගොඩදාන්න බෑ.

රාජ්‍ය බලය ගිලිහුණ ගමන් ජවිපෙ දේශපාලන වශයෙන් අවසන් ගමන් යනවා.ඔය ඉන්න ආධ්‍යාත්මික නායකයින්ට එදාට ජම්පරේට බහින්න වෙනවා.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න