ජල ගාස්තු ඉහළට..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) මේ සතියේ රැස්වන ජීවන වියදම් කමිටුවට ජල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍යංශය පවසයි. ජාල සම්පාදන මණ්ඩලයේ නිර්දේශය මත එම යෝජනාව ඉදිරිපත්…
(නිලන්ති චන්ද්‍රසේන)
මේ සතියේ රැස්වන ජීවන වියදම් කමිටුවට ජල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍යංශය පවසයි.
ජාල සම්පාදන මණ්ඩලයේ නිර්දේශය මත එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව එහි ලේකම් වසන්න හපුආරච්චි මහතා සඳහන් කරයි.
විදුලිය බිල සහ ඉන්ධන මිල ගණන් අදාළ වසර වල ඉහල ගියද 2012 වසරෙන් පසුව ජල ගාස්තු සංශෝධනයක් සිදුවී නොමැති බව ලේකම් වරයා පෙන්වා දෙයි. නමුත් ජලය පිරිසිදු කර බෙදා හැරීමට යොදා ගන්න සියලුම අමුද්‍රව්‍ය වල පවා මිල ගණන් මිට සාපේක්ෂව ඉහල ගොස් ඇති බවද එම මහතා ප්‍රකශ කරයි.
ඒ අනුව ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරන යෝජනාවට ලැබෙන අනුමැතිය අනුව ජල ගාස්තු වැඩි කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇති.
කෙසේ වෙතත් ජල ගාස්තු ඉහල නොදැමීම හේතුවෙන් මණ්ඩලය උග්‍ර මුල්‍ය අර්බුදයකට පත්ව ඇති බව ජල සම්පාදන මණ්ඩල වෘත්තීය සමිති පෙන්වා දෙයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1