ජර්මානු සභාග කතා බිද වැටේ
(සුජිත් මංගල ද සිල්වා) ජර්මනියේ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සිදු කෙරුණු සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් එරට චාන්සර්ලර්වරිය වන ඇන්ජලා මර්කල් මහත්මිය විශාල අභියෝගයකට මුහුණදී සිටියි. ජර්මන්…
(සුජිත් මංගල ද සිල්වා)
ජර්මනියේ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සිදු කෙරුණු සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් එරට චාන්සර්ලර්වරිය වන ඇන්ජලා මර්කල් මහත්මිය විශාල අභියෝගයකට මුහුණදී සිටියි.
ජර්මන් චන්සර්ලරවරිය ලෙස දොළොස් අවුරුදු සිය ධුර කාලයේදී මෙවැනි විශාල අභියෝගයකට ඇය මුහුණ දෙන්නේ පළමු වතාවටය.
දැන්වීම
ඇන්ජලා මර්කල්ගේ සී ඩී යූ සහ සී එස් යූ කණ්ඩායම් සමගත් හරිත කණ්ඩායම සමගත් පුරා සති හතරක් සාකච්ඡා කිරීමෙන් පසුව නිදහස් වෙළඳ ලිබරල් එෆ් ඩී පී කණ්ඩායම එම සාකච්ඡාවලින් ඉවත් විය.
මේ දෙපාර්ශවය සමග කෙරුණු සාකච්ඡාවලදී සත්‍යයේ
මෙහිදී ජර්මනිය පෙර නොවූවිරූ තත්ත්වයකට මුහුණ පා සිටින මූලධර්ම නොතිබූ බව එෆ් ඩී පී නායක ක්‍රිස්ටියන් ලින්ඩර් මහතා පැවසීය. බව එරට ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් මහතා පවසා ඇති අතර උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඔහු සියලු පක්ෂ සමග සාකච්ඡා කරනු ඇත .
මේ දක්වා මේ සාකච්ඡා සඳහා සම්බන්ධ නොවූ සියලු පාර්ශ්වයන් මේ සඳහා ඇතුළත් වනු ඇති අතර , රටේ යහපැවැත්ම උදෙසා එක්ව කටයුතු කිරීමට දේශපාලනඥයින්ට ආරාධනා කරන බවද ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් පැවසීය.