ජපුර පරිපාලනයේ සහ ජවිපෙ වෘත්තීය සමිතියේ අභියෝගය බාරගන්න රටේ රාළ සූදානම්

රටේ රාළට එරෙහිව මේ වෙනකොට CIDයට පැමිණිල්ලක් කරලා තියනවා.ඒක දැන් confirm.චන්දන ජයලත් කියන විදිහට පැමිණිලි දෙකක් තියනවා.එකක් 30වෙනිදා එයා දාපු පැමිණිල්ල.අනික ජපුර රෝහලෙන් දානවා කියලා චන්දන කියන…
රටේ රාළට එරෙහිව මේ වෙනකොට CIDයට පැමිණිල්ලක් කරලා තියනවා.ඒක දැන් confirm.චන්දන ජයලත් කියන විදිහට පැමිණිලි දෙකක් තියනවා.එකක් 30වෙනිදා එයා දාපු පැමිණිල්ල.අනික ජපුර රෝහලෙන් දානවා කියලා චන්දන කියන පැමිණිල්ල. පැමිණිලි දෙකෙන්ම කියන්නේ ජපුර රෝහලේ සහ ජවිපෙ වෘත්තීය සමිතියේ කීර්තිනාමයට රටේ රාළ හානි කළා කියලයි.
රටේ රාළ කරපු අපහාසයට රුපියල් මිලියන 05ක වන්දියක් ඉල්ලලා එන්තරාවාසියකුත් එවනවා කිව්වා.තවම නං එන්තරාවාසිය ආවේ නෑ.සමහරවිට එයාලා ළඟ රටේ රාළගේ ලිපිනය නැතිව ඇති.ඒකත් එයාලට දෙන්න රටේ රාළ තීරණය කළා.මේ තියෙන්නේ රටේ රාළගේ ලිපිනය (E.W.S ප්‍රියන්ජිත් විතාරණ,නො:419, ඇලපාත,රත්නපුර)
හරි එහෙනං රටේ රාළත් අභියෝගය බාරගන්නවා.රටේ රාළ මේ දක්වා ජපුර ගැන ලියපු හැම වචනයකම වගකීම බාරගන්නවා.ඒ වගේම ජපුර රැකගැනීමේ සටනක් බවට මේ තත්වය පරිවර්තනය කරනවා.ඒකට ජපුර රැකගත යුතුයි කියලා අවංක හිතන සියලු දෙනා උදව් කරයි කියලත් විශ්වාස කරනවා.එතකන් තනි මිනිහෙක් විදිහට රටේ රාළට හැපෙන්න තියෙන්නේ මේ තක්කඩි මාලිමා ආණ්ඩුවත් එක්ක,මාලිමාවේ CID එකත් එක්ක. පැලවත්තට යටත්වෙලා ඉන්න ජපුර පාලන අධිකාරියත් එක්ක.
දැන්වීම
ඔයාලා දන්නවා ඇති මේ මොහොතෙත් රටේ රාළ පැලවත්තේ මරණ තර්ජණ මැද රහසිගත ජීවිතයක් ගත කරන කෙනෙක්. ඇත්තටම CID එකට යන එන එක පවා අවධානම්.එහෙම කියලා ප්‍රශ්නයෙන් පැනලා යන,අතර මැද සමාදානවලට යන,අත් දෙක උස්සලා යටත්වෙන කෙනෙක් නෙවෙයි රටේ රාළ.රටේ රාළ 28වෙනිදා ලිපියෙන් පැහැදිලිවම ඉලක්ක කළේ ජපුරේ පාලන අධිකාරිය සහ ජවිපෙ වෘත්තීය සමිතිය.ඒවායේ තියන පරිපාලන දුර්වලතා,බලහත්කාරය සහ දූෂණ වංචා හින්දා ජපුරේ කීර්තිනාමයට හානි වෙනවා කියලා රටේ රාළ කෙලින්ම කිව්වා.
එහෙම කීමෙන් බලාපොරොත්තු උනේ ජපුරේ තිබුණ Standards වැටිලා රෝහල කඩාවැටීම නතර කරගන්න.ඒක නිසා මේ දක්වා ජපුර ගැන ලියපු හැම වචනයක්ම රටේ රාළ ලිව්වේ සද්භාවයෙන්. ජපුරේ හෘද සාක්ෂියක් තියන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉන්න අති බහුතරය එක පිලිගන්නවා ඇති.
දෙසැම්බර් 28වෙනිදා " ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කඳුළු කථාව " ලිපිය ලියන්න ඉස්සෙල්ලා දෙසැම්බර් 25 වෙනිදා " ජපුර රෝහලේ පරිපාලනය ජවිපෙ අතේ - රෝගී ජීවිත අනතුරේ " කියලා කෙටි ලිපියක් ලිව්වා.ඒ ලිපිය කෙලින්ම ඉලක්ක කළේ ජපුර රෝහලේ සභාපති තමර කළුබෝවිල.එතනදී රටේ රාළ තමරගෙන් ප්‍රශ්න තුනක් ඇහුනවා.
01 ඔන්ඩැන්සෙට්‍රොන් ඖෂධය භාවිතාවෙන් ඉවත් කළ බව ඔබ දන්නේ කවදාද?
02 ඔන්ඩැන්සෙට්‍රොන් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන් චක්‍රලේඛය නිකුත් කළේ කවදාද?
03 ඔන්ඩැන්සෙට්‍රොන් ඖෂධය රෝගීන්ට ලබා නොදීමට (චක්‍රලේඛ මගින්) තීරණය කර තිබියදී ජපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක එය ලබාදුන්නේ ඇයි?ඒ තමයි ප්‍රශ්න තුන.
බැක්ටීරියා සහිත ඒ ඖෂධය දුන්නට පසේසේ ඒ මව දවසක් දැඩි සත්කාර එකකගේ තියාගෙන ප්‍රතිකාර කළා.වාසනාවකට එයාගේ ජීවිතය බේරුණා.රටේ රාළ ඒ හෙලිදරව්ව කරනකම් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයවත් ඒ ගැන දැනගෙන හිටියේ නෑ.ඒ සම්බන්ධව පරීක්ෂණයක් පටන් ගත්තා වගේම දැන් ඒ පරීක්ෂණය යට ගහලා.රටේ රාළ අහන්නේ ජපුරේ කීර්තිනාමය ආරක්ෂා කරන්නද ඒ පරීක්ෂණ යට ගැහුවේ.එහෙමත් නැත්තං රටේ රාළ ජපුරේ කීර්තිනාමයට හානි කරන්න බොරුව කියනවද?
රටේ රාළ කියන්නේ බොරු නං,එහෙම වැරද්දක් සිද්ධවෙලා නෑ කියලා ඔප්පු කළොත් ඕනිම දඩුවමකට යටත්වෙන්න රටේ රාළ ලෑස්තියි.හැබැයි රටේ රාළ කරපු හෙලි දරව්ව ඇත්ත නම් ඒ ගැබිණි මවට භාවිතයෙන් අයින් කරපු බෙහෙත් දීලා නං තමර ප්‍රමුඛ ජපූර පාලන අධිකාරියත් නිසි දඩුවම විඳින්නත් ලෑස්ති වෙන්න ඕනි.ඊළඟට 29වෙනිදා රෑ ධම්මික අලහප්පෙරුමට ගිහින් දුන්න සහන මල්ල ගැන පරීක්ෂණයක් කරන්න ඕනි.
ඒක කරන්න ජපුර රෝහලේ එක්ස්චේන්ජ් එකට දෙසැම්බර් 29 වෙනිදා රෑ 10.45 න් පස්සේ පැයක් ඇතුලත ආව ගිය ටෙලිෆෝන් කෝල් ටික පරීක්ෂා කළහම පුළුවන්.එහෙම සිද්ධියක් වෙලා නැත්තං,ධම්මික අලහප්පෙරුමට දෙන්න සහන මල්ලක් තියාගෙන රෝහල් කුස්සියේ ටෙන්ඩර් හිමිකරුගේ කෙනෙක් හොරණ හන්දියේ හිටලා නැත්තං රටේ රාළ වරඳ පිලි අරගෙන ඕනිම දඬූවමකට යටත් වෙන්න ලෑස්තියි.හැබැයි ධම්මිකට සහන මල්ල ගිහින් නං,සහන මල්ල ගෙනාපු කෙනාට අලහප්පෙරුමලා මාරුවෙලා ධම්මික වෙනුවට සාරංග අලහප්පෙරුමට කතා කරලා නං. සාරංග ඒ පණිවිඩය ජපුරේ එක්ස්ජෙන්ජ් එකට දීලා නං හොරුයි බඩුයි දෙකම අතේ මාට්ටු.
එතකොට ජපුරේ මුළුතැන්ගෙට බඩු ගන්නවට හිලව් වෙන්න ඩිරෙක්ටර්ගේ ගෙදරටත් බඩු මළු යැවීම ජපුරේ කීර්තිනාමයට හානියක් නෙවෙයිද?නැත්තං රටේ රාළ ජපුරේ කීර්තිනාමයට හානි කරන්නේ අතේ රෝලක් ගහලාද?රටේ රාළ කියන්නේ බොරු කියලා ඔප්පු කළොත් ඕනිම දඩුවමකට යටත් වෙන්න ලෑස්තියි. හැබැයි වැඩේ ඇත්ත නම් ධම්මිකත් සුදුසු දඩුවම විඳින්නත් ලෑස්ති වෙන්න ඕනි.
ඊළඟට රටේ රාළ ජපුරේ ජවිපෙ වෘත්තීය සමිති නායකයාගේ කීර්තිනාමයටත් හානි කළාලු.චන්දන දූෂිතයෙක් කියලා රටේ රාළ කිව්ව ඒක එයාගේ පෞද්ගලික ජීවිතයටත් තදට බලපාලාලු.
රටේ රාළ දැනුත් කියනවා චන්දන කියන්නේ දූෂිතයෙක්, වංචාකාරයෙක්,තක්කඩියෙක්.එයා ගැන ඇවිත් තියන ආරංචි රටේ රාළ විශ්වාස කරන්නේ හේතු සහිතවයි.එයා තමන් සේවය කරන ආයතනයට වංචා කරපු කෙනෙක්.තමන් සේවය කරන ආයතනයටත් වංචා කරපු වංචාකාරයෙකුට මොනවද කරන්න බැරි.චන්දන කියන්නේ ජපුර පාලන අධිකාරියට සාවද්‍ය සහතික ඉදිරිපත් කරලා වංචනික විදිහට විදුලි කාර්මික තනතුර ගත්ත කෙනෙක්.ඒ ගැන පරීක්ෂණයක් රටේ රාළ ඉල්ලනවා.එයා නියම විදිහට ආයතනයේ ක්‍රියා පටිපාටිය අනුව රස්සාවට ආපු බව ඔප්පු කරන්න.
එහෙම ඔප්පු කළොත් චන්දන දූෂිතයක් කියලා රටේ රාළ කරන චෝදනාවට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා දෙන ඕනිම දඬුවමකට යටත් වෙනවා.හැබැයි චන්දන විදුලි කාර්මිකයෙක් විදිහට ජපුරේ සේවය කළා කියලා හොර සහතිකය දුන්න චන්දනගේ දුර ඥාතියාගේ ඉඳන් පරීක්ෂණය පටන් ගන්න ඕනි.විදුලි කාර්මිකයෙක් විදිහට පිට රට සේවයට යන්න චන්දන ආයතනයෙන් නිවාඩු අනුමත කරගෙන මොන රටටද ගියේ කියලා එයා ඔප්පු කරලා පෙන්න්න ඕනි.පාස්සෝට් එක පෙන්න්න ඕනි.
රංවලගේ ආචාර්ය උපාධි සහතිකය වගේ නැතිව ඒ රටේ අදාල ආයතනයෙන් තහවුරු කරපු සේවා සහතිකය ඉදිරිපත් කරන්න ඕනි.ජපුරේ විදුලි කාර්මික පුරප්පාඩුව වෙනුවෙන් චන්දන ඉදිරිපත් කරපු සහතික සියල්ල නැවත පරීක්ෂා කරලා බලමු.ඒ පරීක්ෂණයෙන් චන්දන සමත් නං දඩුවම රටේ රාළට.හැබැයි චන්දන තමන් සේවය කරන ආයතනයට බොරු කරලා නං ඒකට දඬුවම් විඳන්න චන්දනත් ලෑස්ති වෙන්න ඕනි.
රටේ රාළ ඔය කිව්වේ තමරට,ධම්මිකට සහ චන්දනට තියෙන චෝදනා තුනක් විතරයි.ෆර්මිලා ගැන තවම රටේ රාළ කතා කළේම නෑ.ඒවා ඉන්වෙෂ්ටිගේෂන් එකේදී බලාගමු.දැන් ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයක් විශ්වාස නැති නිසා ජපුර සම්බන්ධව රටේ රාළ ලියපූ සියලු ලිපි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා අපේ රටේ තානාපති කාර්යාවලට සහ විදෙස් සංවිධාන කීපයකට ලබාදීලා තියනවා.
එහෙනං ඉතින් හැප්පිලා බලමු.අවසාන වශයෙන් ජපුර සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කියන්න තියෙන්නේ මෙච්චරයි.රටේ රාළ නියෝජනය කරන්නේ නිහඩ කරලා තියන ඔයාලගේ හඬයි.