ජන අරගලය ගැන මුලින්ම අනතුරු ඇඟ වූයේ කරූ

ජනතාව ඉල්ලා සිටින්නේ කිසිම චෝදනාවක් නැති ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් දූෂණ හෝ අපරාධ චෝදනා නොමැති එකම නායකයා කරූ විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කරති ඒකාධිපති විධායකයට ද, ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ…
ජනතාව ඉල්ලා සිටින්නේ කිසිම චෝදනාවක් නැති ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්
දූෂණ හෝ අපරාධ චෝදනා නොමැති එකම නායකයා කරූ
විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කරති

ඒකාධිපති විධායකයට ද, ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට ද එරෙහිව තරුණ තරුණියන් ඇතුළු ජනයා කිනම් මොහොතක හෝ සටන්කාමී ලෙස නැගී සිටිනු ඇති අතර ලේ වැගිරීමක් ද සිදු විය හැකි බවට මුලින්ම අනතුරු අඟවා සිටියේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා යැයි විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කර සිටිති.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යටතේ කරු ජයසූරිය මහතා පැවැත් වූ සෑම ප්‍රවෘත්ති සාකච්ඡාවකදීම සහ ඒ යටතේ නිකුත් කළ සෑම නිවේදනයකදීම මේ අනතුරු ඇඟවීම කල් ඇතිවම සිදු කළ බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා "lankanewsweek" සමග පැවැසීය.
දැන්වීම
එමගින් පැහැදිලි වන්නේ තරුණ තරුණියන් ඇතුළු ජනතාවගේ හද ගැස්ම පිළිබඳව කරු ජයසූරිය මහතාට තිබෙන අවබෝදය සහ කෘතහස්ථ දේශපාලන නායකයෙකු ලෙස ඔහු සතු දුර දක්නා නුවණ බව ද මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
ජනතාව ඉල්ලා සිටින්නේ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලින් තොර රටට-ජනතාවට ආදරය කරන දුරදර්ශී පිරිසිදු දේශපාලන නායකයෙකු බව පෙන්වා දෙන මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා කිසිම අපරාධ හෝ දූෂණ චෝදනාවක් නොමැති එකම දේශපාලන නායකයා කරු ජයසූරිය මහතා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
