ජනපති 22 ගෙන එන්නේ අග විනිසුරුගේ ධූර කාලය දිගු කිරීමටයි

එදා 18 ගෙන එද්දී මහින්දට තුන් වරක් බැහැ කියා කළ සටනේ අනුර කියා කෙනෙක් ද හිටියා කිසිම ආණ්ඩුවකට විශාල ජන වරමක් නොදිය යුතුයි -නීතීඥ කේ ඩබ්ලියු ජන රංජන- මහින්ද රාජපක්ෂ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
එදා 18 ගෙන එද්දී මහින්දට තුන් වරක් බැහැ කියා කළ සටනේ අනුර කියා කෙනෙක් ද හිටියා
කිසිම ආණ්ඩුවකට විශාල ජන වරමක් නොදිය යුතුයි
-නීතීඥ කේ ඩබ්ලියු ජන රංජන-
මහින්ද රාජපක්ෂ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ දී ඔහුට තෙවරක් ජනපතිකමට ඉල්ලන්න නොහැකි බව කියමින් අප එදා කළ සටනට අනුර කුමාර දිසානායක කියා කෙනෙකු ද එක්ව සිටියා යැයි නීතීඥ සහ "අනිද්දා" පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ ඩබ්ලියු ජන රංජන මහතා හාස්‍යයෙන් යුතුව සිහිපත් කර සිටියේය.
ඔහු මේ බව පැවසුවේ, කොළඹ පදනම් ආයතනයේ ඉරිදා (19) පැවති මර්දනයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා වන පුළුල් මහා ජන කතිකාවට එක් වෙමින් එම මහා ජන කතිකාවත විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න යන්නේ වත්මන් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ධූර කාලය තව අවුරුදු දෙකකින් දිගු කර ගැනීම හැරුණු කොට කිසිම හේතුවක් නිසා නොවේ යැයි ඔහු පෙන්වා දුන්නේය.
දැන්වීම
කිනම් ආණ්ඩුවකට කෙතරම් විශාල ජන වරමක් ලැබුණත් ඒ ආණ්ඩුව නීතියේ පාලනය යටතේ පාලනය විය යුතු සහ ක්‍රියා කළ යුතු අතර ජන වරම යනු අනීතික ලෙස ක්‍රියා කිරීමට අදාළ ජනපතිවරයාට සහ ආණ්ඩුවට ලබා දෙන "BLANCK CHEQUE" එකක් නොවන බව ද කේ ඩබ්ලියු ජන රංජන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ එක පාර්ශවයකට විශාල ජන වරමක් ලැබුණු විට එම පාර්ශවය කරන්නේ එම බලය අපයෝජනය කිරීම යැයි ද, මේ ආණ්ඩුව සහ ජනපතිවරයා මේ මොහොතේ කරමින් සිටින්නේත් එම අපයෝජනය යැයි ද, එම නිසා එක පාර්ශවයකට පමණක් විශාල බලයක් නොදිය යුතු යැයි ද කේ ඩබ්ලියු ජන රංජන මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.