අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති ශ්‍රීලනිප ඇමතිවරුන් පහකගේ “file” අදියි..!

ජනපති ශ්‍රීලනිප ඇමතිවරුන් පහකගේ “file” අදියි..!

(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් සිව් දෙනකුට සහ ප්‍රබලම රාජ්‍ය අමාත්‍යවරයකුට එල්ල වී තිබෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම ක්‍රියාතමක වන පරිදි පරීක්ෂණ…

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් සිව් දෙනකුට සහ ප්‍රබලම රාජ්‍ය අමාත්‍යවරයකුට එල්ල වී තිබෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම ක්‍රියාතමක වන පරිදි පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාකිස්ථානය බලා යාමට පෙර නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට  ඊට අදාළ උපදෙස් සියල්ල ලබා දී ඇතැයි වාර්තා වේ.

දැන්වීම

මේ පරීක්ෂණ සිදු කෙරෙන්නේ මේ අමාත්‍යවරුන් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදු කළ චෝදනා එල්ල කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ “එෆ්.සී.අයි.ඩී”ය හමුවේ මේ වන විටත් කර ඇති දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන බව පෙන්වා ඔහු නොමඟ යවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය සමග රහසේ දේශපාලන ගනුදෙනු කරන බවට මේ කැබිනට් ඇමතිවරුන් සිව් දෙනාට සහ රාජ්‍ය අමාත්‍යවරයාට කලක් තිස්සේ චෝදනා ද එල්ල වෙමින් පවතියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සාර්ථක කර ගැනීම සඳහා ද මේ කණ්ඩායම විශාල කාර්ය භාරයක් කරමින් සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති ශ්‍රීලනිප ඇමතිවරුන් පහකගේ “file” අදියි..! | Lanka Newsweek