ජනපති වීමට නම් අනුර කුමාර තවත් ඡන්ද ලක්ෂ 70ක් අමතරව සොයා ගත යුතුයි

2019 ජනපතිවරණ ප්‍රතිඵලයට අනුව ජාජබය සතුව තිබෙන්නේ ඡන්ද ලක්ෂ 4යි දිනන අපේක්ෂකයා ඡන්ද ලක්ෂ 74ක් වත් ගත යුතුයි මේ ඉලක්කයට යන්න නම් ජාජබය එක ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්ද 1000 ට වඩා ගත යුතුයි ඒ අනුව ජාජබයේ…
2019 ජනපතිවරණ ප්‍රතිඵලයට අනුව ජාජබය සතුව තිබෙන්නේ ඡන්ද ලක්ෂ 4යි
දිනන අපේක්ෂකයා ඡන්ද ලක්ෂ 74ක් වත් ගත යුතුයි
මේ ඉලක්කයට යන්න නම් ජාජබය එක ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්ද 1000 ට වඩා ගත යුතුයි
ඒ අනුව ජාජබයේ ජනපතිවරණ නාට්‍යයේ ප්‍රතිඵල ඔවුන් පමණක් නොව ඔබවත් පුදුම කරාවි

රටේ ජනාධිපති වීමට නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා දැනට තමා සතු ඡන්ද ලක්ෂ 4 හැරුණු කොට තවත් ඡන්ද ලක්ෂ 70ක් සොයා ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටින්නේ 2019 ජනපතිවරණ ප්‍රතිඵලය ගණනය කර 2024 ජනපතිවරණ ප්‍රතිඵලය ගැන පුරෝකථනයක් සිදු කරමින් වන අතර ඔහුගේ එම විග්‍රහය මෙසේය.
දැන්වීම
"වාර්ෂිකව වැඩි වන ඡන්ද ප්‍රමාණය සමඟ සෑම ජනාධිපතිවරණයකදීම ලක්ෂ පහකින් පමණ වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනන අපෙක්ෂකයා ලබා ගෙන තිබෙනවා. ඒ නිසා ලක්ෂ 74 ක් වගේ ඡන්ද ඉලක්කයකට යන්න ජාතික ජන බලවේගයට පුළුවන්ද..? ලක්ෂ 4 සිට ලක්ෂ 70 ක් ලබා ගැනීමට තිබෙන හැකියාව ඔවුන් තක්සේරු කර බලා නෑ. ජාතික ජන බලවේගයට දිනන්න එක ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්ද 1000ක් වත් හොයා ගන්න වෙනවා. ඒ ඉලක්කයට යන්න පුළුවන්ද..?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් යම් පිරිසක් ඔවුන්ගේ මතය වෙනස් කර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් සියලු දෙනාම කිසිදු වෙනත් දේශපාලන පක්ෂයකට සහාය දක්වලා නෑ. ජාතික ජන බලවේගයට දිනන්න නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රමාණය ඒ ආකාරයෙන්ම ජාතික ජන බලවේගයට ලැබිය යුතුයි. එහෙම නැතිව ඔවුන්ට දිනන්න බෑ.
රටේ බිම් මට්ටමේ සමගි ජන බලවේගයට තිබෙන ශක්තිය ජාතික ජන බලවේගයට ගොඩ නගන්න බෑ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන ව්‍යාපාරයත් ගම්වලින් අතුගෑවිලා යනවා. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහනය කරන්න පුළුවන් පදනම මේ වන විට ශ්‍රී ලංකාවේ සෑම කොට්ඨාසයකම ඇති වෙමින් තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගයේ ජනපති නාට්‍යයේ සහ සිහිනයේ ප්‍රතිඵල ජනාධිපතිවරණයේදී බලා ගැනීමට හැකි වනු ඇති අතර එම ප්‍රතිඵලය ජාතික ජන බලවේගය පුදුම කර වන ප්‍රතිඵලයක් වනු නියතයි."