අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති පාර්ලිමේන්තුව ගිනි තබයිද..?

ජනපති පාර්ලිමේන්තුව ගිනි තබයිද..?

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ම කිව්වත් රනිල් අගමැති නොකරන බව මෛත්‍රී කියයි..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම අත්සන් කර යෝජනාවක් භාර දුන්නත් අග්‍රාමාත්‍ය ධුරයට රනිල්…

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ම කිව්වත් රනිල් අගමැති නොකරන බව මෛත්‍රී කියයි..!

ජනපති පාර්ලිමේන්තුව ගිනි තබයිද..?

(සුජිත් මංගල ද සිල්වා)

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම අත්සන් කර යෝජනාවක් භාර දුන්නත් අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ලෙස අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කර අත්තේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග අද (3) රාත්‍රියේ පැවැත්වූ විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවේදීය.

ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ස්ථාවරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පමණක් නොව එම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු අවධාරණය  කර සිටිති.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් පහ කර මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා පත් කරමින් අනතුරුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්  පාර්ලිමේන්තුව ද විසුරුවා හැරීමට ගත්  පියවර පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 123ක බහුතරයකින් හය වතාවක්ම පරාජය කර තිබෙන තත්ත්වය හමුවේත්, මහින්ද රාජපක්ෂ ප්‍රධාන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ 113ක බහුතරය නොමැති බව පැහැදිලිව ඔප්පු කර පෙන්වා දී තිබෙන තත්ත්වය  හමුවේ සහ මේ ක්‍රියාදාමය අධිකරණය පවා ප්‍රතික්ෂේප කර තිබෙන තත්ත්වය  හමුවේ අඩියක් පස්සට ගෙන 2018 ඔක්තෝබර් මස 26 වෙනිදාට පෙර තිබු තත්ත්වය රටේත්, පාර්ලිමේන්තුවේත්, ආණ්ඩුවේත් ස්ථාපිත කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අඩි හයක් තමා පොළව යටට යැවීමට කුමන්ත්‍රණය කරමින් සිටිනවා යැයි තමා විසින්ම චෝදනා එල්ල කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතා සමග එකට හිට ගැනීමට හැකි නම් රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට හිට ගත නොහැක්කේ මන්දැයි ද ලක්ෂමන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කළ හැක්කේ ජනාධිපතිවරයාගේ කැමැත්ත හෝ අකමැත්ත අනුව නොව පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත අනුව යැයි ද ලක්ෂමන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

මේ අයුරින් ක්‍රියා කළ  හොත් යම් මොහොතක ඔබතුමාට නීතියට අනුව සිර අඩස්සියට පවා පත්වීමට ඉඩ තිබෙන බව රිසාඩ් බදියුදීන් මහතා එහිදී ජනධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා හමුවේ පෙන්වා දී ඇති අතර පාඨලී චම්පික රණවක මහතා ද එහිදී දැඩි ස්ථාවරයක සිටිමින් පැහැදිලි කර තිබෙන්නේ 2018 ඔක්තෝබර් මස 26 වැනිදාට පෙර තිබු තත්ත්වයට රටත්,ආණ්ඩුවත්,පාර්ලිමේන්තුවත් යළි ගෙන ආ යුතු බවය.

කෙසේ නමුත් මේ වාද විවාද හමුවේ එකඟතාවයකින් තොරව දෙපාර්ශවය අතර සාකච්ඡා අවසන් වී ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින ස්ථාවරයට එරෙහිව වැඩි දුරටත් දේශපාලන සහ නීතිමය වශයෙන් පියවර  ගැනීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.

ජනපති පාර්ලිමේන්තුව ගිනි තබයිද..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපති පාර්ලිමේන්තුව ගිනි තබයිද..? | Lanka Newsweek