ජනපති නියෝගයෙන් මුද්‍රණාලය සීරුවෙන්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ යම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය විය හැකි බැවින් ඒ සඳහා සුදානමින් සිටින්න යැයි ජනාධිපති ලේකම්…
(සුජිත් මංගල ද සිල්වා)
රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ යම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය විය හැකි බැවින් ඒ සඳහා සුදානමින් සිටින්න යැයි ජනාධිපති ලේකම් කාර්යාලය රාජ්‍ය මුද්‍රණාලාධිපතිට මේ වන විට දැනුම් දී දැනුම් දී තිබේ. මේ අනුව රාජ්‍ය මුද්‍රණාලය ඕනෑම හදිසි දැනුම් දීමක් සඳහා සීරුවෙන් සිටින බව "lankanewsweek" කළ විමසීමක දී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ උද්ගතව තිබෙන තත්ත්වය සහ ඉදිරි දේශපාලන වැඩ කටයුතු සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසුරිය මහතා සමග ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ද අද (18) කළ සියලු සාකච්ඡා මේ වන විට නිමා වී ඇතත් ඒ පිළිබඳව තවමත් මාධ්‍ය වෙත තහවුරු කෙරුණු තොරතුරු වාර්තා නොවේ. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි අද (18) රාත්‍රියේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වන්නේ නම් ඒ කුමක් විය හැකිද යන්න ප්‍රශ්නසහගත බව පෙන්වා දෙන දේශපාලන විචාරකයෝ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ හෙට (19) රැස්වීමට නියමිත පාර්ලිමේන්තුව එමගින් කල් තැබීමට ඉඩ ඇතැයි සැක පළ කරති.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1