ජනපති තවත් පොරොන්දුවක් ඉටු කරයි

අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද දක්ෂතා රැසක් පෙන්වා ඇති කඩවත මහමායා විද්‍යාලයේ පැවති දීර්ඝකාලීන අඩුපාඩුවක් සපුරාලමින් ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති…
අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද දක්ෂතා රැසක් පෙන්වා ඇති කඩවත මහමායා විද්‍යාලයේ පැවති දීර්ඝකාලීන අඩුපාඩුවක් සපුරාලමින් ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (05) පෙරවරුවේ සිදු විය.
විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබුණු අතර ඉතා කඩිනමින් ක්‍රිඩාගාරය සහිත නව ගොඩනැඟිල්ල පාසල වෙත ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී සිසු දැරියෝ ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.තවද මෙහිදී විදුහල්පතිනි පුෂ්පිකා බන්දුවංශ මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.
මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ දී ජනාධිපතිවරයා අතින් මුල්ගල් තැබිණි.එහිදී ජනාධිපතිවරයා දරුවන්ට ලබාදුන් පොරොන්දුවක් අනුව මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ ක්‍රිඩාගාරය සහිත නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිම කෙරුණු අතර වැය කළ මුදල රුපියල් මිලියන 50කි.