අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති එක්ක දීගය 2020 දක්වා පමණයි..?

ජනපති එක්ක දීගය 2020 දක්වා පමණයි..?

(සුජිත් මංගල ද සිල්වා) සම්මුතිවාදී යහ පාලන ජාතික ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 වන තුරු ඉදිරියට ගෙන යන්න එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල්…

(සුජිත් මංගල ද සිල්වා)

සම්මුතිවාදී යහ පාලන ජාතික ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  2020 වන තුරු ඉදිරියට ගෙන යන්න එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් මේ තීරණය ගෙන තිබෙන්නේ රටේ උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ග වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් පසුවය.

දැන්වීම

මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරුණු එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායක රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (29) දහවල් පැවැත්විණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී කරන ප්‍රකාශ සහ ඒ හේතුවෙන් උද්ගතවී තිබෙන දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද එහී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.

කෙස් නමුත් 2015 ජනවාරි 8 සහ අගෝස්තු 17 වැනිදා ලබා දුන් ජන වරමට ගරු කර ජනතා අපේක්ෂා ඉටු කිරීම සඳහා නව දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ජනාධිපතිවරයා යටතේ 2020 වන තුරු කෙසේ හෝ සම්මුතිවාදී යහ පාලන ජාතික රජය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බවට ද එහිදී වැඩිදුරටත් තීරණය  කෙරිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යහ පාලන ජාතික රජය 2020 වන තුරු ඉදිරියට ගෙන යාමට ගත් මේ තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුරාධපුරයේ ඊයේ (29) පැවතී එක්සත් ජාතික පෙරමුණේ ජන රැළියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති එක්ක දීගය 2020 දක්වා පමණයි..? | Lanka Newsweek