අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති අනාථ බව සනාථ වෙලා ඉවරයි

රාජ්‍ය පාලනය ගැන ජනපතිගේ අල්ලප දැනුම ඔහුගේ ප්‍රකාශවලින් ඔප්පු වෙනවා

තිස්ස අත්තනායක

ජනපති ප්‍රධාන ආණ්ඩුව අනාථ බව සනාථ වෙලා ඉවර යැයි ද, රාජ්‍ය පාලනය ගැන ජනපතිගේ අල්ලප දැනුම ඔහුගේ ප්‍රකාශවලින් ඔප්පු වන්නේ යැයි චෝදනා කර සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේ ද කියා සිටියි.

විශ්ව විද්‍යාල 50 ක් ඉදි කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලබනවා. කෙසේ නමුත් විශ්ව විද්‍යාල 17 ක් ගොඩනැගි තිබෙන්නේ වසර 72 ක කාලය තුළයි. විශ්ව විද්‍යාලයක් ගොඩනැගිම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරිම යනු ගොඩනැගිලි ඉදිකිරිම පමණක් නෙවෙයි. ඒ සඳහා විශාල වැඩකොටසක් සිදුකළ යුතුව තිබෙනවා.

දැන්වීම

ඒ වගේම කිලෝමිටර් තුනෙන් තුනට පහසුකම් සහිත පාසල් නිර්මාණය කරන බව මැතිවරණයට පෙර ප්‍රකාශ කළා. නමුත් දැන් පාසල් 1800 කට අධික ප්‍රමාණයක් වහන්න කටයුතු කරනු ලබනවා. දරුවන් පාසල් තිබෙන ස්ථානවලට යවන්න කටයුතු කළ යුතු බව දැන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. කුඩා පාසල් ඇති කරන්නේ දරුවන්ට මුලික අධ්‍යාපනය ලබාදෙන්නයි. එය ආණ්ඩුවේ වගකීමක්.

ඒ වගේම අධිවේගි මාර්ග අලුතින් නිර්මාණය කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. නමුත් පසුගිය කාලයේ ඉදි කළ අධිවේගි මාර්ගවලට විවිධ විවේඡන ජනතා විමුක්ති පෙරමුණ එල්ල කළා. ජවිපෙ පිරිස් මධ්‍යම අධිවේගි මාර්ගය අවසන් කරන්න ඉඩ නොදීම හේතුවෙන් විශාල මුදලක් ඉදි කිරිම් සමාගමට ගෙවන්න සිදුවුණා.

ඒ වගේම වර්තමාන ආණ්ඩුව යටතේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් අලුතින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙසේ නමුත් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නැහැ. ඒ වගේම අර්ථයක් නොමැති ප්‍රකාශ සිදුකිරීමෙන් ජනතාව නැවත මුලාවට පක් කරන්න මෙම කණ්ඩායම උත්සහ කරනු ලබනවා. වසර දෙකක් තුළ ආණ්ඩුව අසමත් බව දැන් සනාථ වී අවසානයි. කෙසේ නමුත් ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් තිබෙන දැනීම ජනාධිපතිවරයාගේ රැස්වීම් හරහා දැක ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.‘‘

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති අනාථ බව සනාථ වෙලා ඉවරයි | Lanka Newsweek