ජනපති-අගමැති-කතානායක තීරණාත්මක හමුවක..!

යහ පාලනය වෙනුවෙන් කතානායක යළිත් මැදිහත් වෙයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන,අගමැති රනිල් වික්රමසිංහ සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක විශේෂ හමුවක් ජනාධිපති නිල…
යහ පාලනය වෙනුවෙන් කතානායක යළිත් මැදිහත් වෙයි
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපති මෛත්රීපාල සිරිසේන,අගමැති රනිල් වික්රමසිංහ සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී අද (18) සවස පැවැත්වීමට නියමිතය.
එහිදී රටේ උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර සම්මුතිවාදී යහ පාලන ජාතික රජයේ අනාගතය පිළිබඳව පොදු එකඟතාවයකට සියලු පාර්ශවයන් පැමිණෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති.
දැන්වීම
රටේත්,දේශපාලන ක්ෂේත්රයේත්,යහ පාලන ආණ්ඩුවේත් මතු වී තිබෙන ප්රශ්න පිළිබඳව සාකච්ඡා කර සාධනීය විසඳුමකට පැමිණීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යළිත් මෙසේ හමු වන්නේ කතානායක කරු ජයසුරිය මහතාගේ මැදිහත්වීම මතය.
රටේ උද්ගත වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය හමුවේ කොටස් වෙළඳ පොළ අඛණ්ඩව කඩා ගෙන වැටීම,රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළයාම,විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය පළුදුවීම,විදේශීය තානාපති අංශ කලබලයට පත්ව සිටීම සහ බඩු මිල ඉහළයාම ඇතුළු ප්රශ්න කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.එමෙන්ම කැබිනට් මණ්ඩල සංශෝධනය ඇතුළු දේශපාලන කරුණු කරණා ගැන ද සාකච්ඡා කර පොදු එකඟතාවයකට පැමිණීනෙනු ඇතැයි ද දැන ගන්නට තිබේ.