අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිවරණයක් නොමැතිව එජාප අපේක්ෂකයා නම් කිරීම ව්‍යවස්ථාවට විරුද්ධයි..!

ජනපතිවරණයක් නොමැතිව එජාප අපේක්ෂකයා නම් කිරීම ව්‍යවස්ථාවට විරුද්ධයි..!

ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර එජාප ව්‍යවස්ථාව පැහැදිළි කරයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගත යුත්තේ ජනාධිපතිවරණය…

ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර එජාප ව්‍යවස්ථාව පැහැදිළි කරයි..!

ජනපතිවරණයක් නොමැතිව එජාප අපේක්ෂකයා නම් කිරීම ව්‍යවස්ථාවට විරුද්ධයි..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගත යුත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුව යැයි ජාතික නිතිඥ සංගමගේ සභාපති, එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් සහ මහජන බැංකුවේ සභාපති ,ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් පැවසිය.

ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගත යුත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් පමණක් බව පෙන්වා දුන් නිශ්ශංක නානායක්කාර මහතා, එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව  එම අපේක්ෂකයා තෝරා ගැනීමේ ක්‍රියාදාමයට එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට කිසිදු ඉඩක් නොමැති බව ද සඳහන් කළේය.

දැන්වීම

මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුව එක්සත් ජාතික පක්ෂය සිය ව්‍යවස්ථා නීතියට අනුව කළ යුත්තේ වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් සමන්විත නාම යෝජනා මණ්ඩලයක් පත් කොට එම නාම යෝජනා මණ්ඩලය මඟින් අපේක්ෂකයා ලෙස යෝජනා කරන පුද්ගලයාගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලය පමණක් යළි කැඳවා සම්මත කර ගැනීම බව අවධාරණය කර සිටි  ජනධිපති නීතිඥ  නිශ්ශංක නානායක්කාර මහතා ඒ බව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 9.1 වගන්තියේ ඉතා පැහැදිළිව සඳහන් වන බව ද පෙන්වා දුන්නේය. 

ඒ අනුව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කොට නමොති අවස්තාවක දී ජනාධිපති අපේක්ෂකයෙකු ගැන මෙසේ සකච්ඡා කරමින් රට පුරා රැස්වීම් පවත්වා පාක්ෂිකයින් නොමග යැවීම එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව සහ විනය සම්පුර්ණයෙන් ම උල්ලංඝනය කිරීමක් වන බව ද නිශ්ශංක නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරණය ඇතුළු ඒ ඒ මැතිවරණ සඳහා අපේක්ෂකයින් තෝරා ගත යුතු අකාරය සම්බන්ධ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 9.1 වගන්තිය මෙසේය.

ජනපතිවරණයක් නොමැතිව එජාප අපේක්ෂකයා නම් කිරීම ව්‍යවස්ථාවට විරුද්ධයි..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිවරණයක් නොමැතිව එජාප අපේක්ෂකයා නම් කිරීම ව්‍යවස්ථාවට විරුද්ධයි..! | Lanka Newsweek