ජනපතිට වරම ලැබුණේ විධායකය අහෝසි කරන්න විනා අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ

- විපක්ෂ නායක - (සුජිත් මංගල ද සිල්වා) රටේ ක්රමයේ වෙනසක් ඇති කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න වරමක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය රටේ ඒකාධිපතීත්වයක්, ආඥාදායකත්වයක් සහ තනි…
- විපක්ෂ නායක -
(සුජිත් මංගල ද සිල්වා)
රටේ ක්රමයේ වෙනසක් ඇති කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න වරමක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය රටේ ඒකාධිපතීත්වයක්, ආඥාදායකත්වයක් සහ තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට කළ හැකි සියලු ම ක්‍රියාදාමයන් එනම්, ව්‍යවස්ථ සංශෝධනයක් පවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස චෝදනා කර සිටියි.
ජනාධිපතිවරයාට වරම ලැබුණේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විනා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කර විධායකය මගින් අධිකරණයට බලපෑම් කරමින් අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවන බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
රටේ ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍ය සුරකින අධිකරණය යන කුළුණ විනාශ කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය කටයුතු කිරීම නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් බවත් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන කුළුණු තුනම මත බවත් මෙහි බලය බෙදී යාම සහ සංවරණ සහ තුළණ ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හෝ අධිකරණ ඇමතිවරයාට නොතේරෙන්නේ නම් මොන්ටෙස්කු හි Sprit of Law යන කොටස කියවා බලන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
විධායකය, ගරු අධිකරණයට අත පෙවීම නිස ප්රජාතන්ත්රවාදය විනාශ වන බවත් මේ වන විට අධිකරණයේ ස්වධීනත්වයට, ඒ කෙරෙහි සහ ගරු විනිසුරුවන් කෙරෙහි ජනතාව අතර තිබෙන විශ්වාසයට සහ ගෞරවයට හානිදායක වන ආකාරයට මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න රජය කටයුතු කරමින් සිටින බවත් ලෝකයේ බොහෝ රටවල බලයේ සිටින දේශපාලන අධිකාරිය විසින් විවිධ අවස්ථාවල දී අධිකරණයට සහ ව්‍යවස්ථාදායකයට ඇගිලි ගසන්න උත්සාහ කරන බවත් ආසන්නයේ සිදුවූ ඉන්දියාවේ සිදුවීම් අමතක නොකරන ලෙස වත්මන් රජයට කියා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, රටේ නීතියේ ආධිපත්‍යට සහ ප්රජාතන්ත්රවාදයට මේ වන විට එල්ල වෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් රට-ජනතාව හමුවේ බදාදා (29) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මෑත දිනක ඉන්දියාවේ රැකියා විරහිත තරුණ පරපුරට කැරපොත්තන් යැයි අපහාස කිරීම නිසා දස ලක්ෂ ගණන් ඉන්දීය තරුණ තරුණියන් ඉන්දියාවේ ප්‍රධාන නගරවලට ඇවිත් විභාගයට පෙර විභාග ප්‍රශ්න පත්‍ර එළියට ඒම සම්බන්ධයෙන් වගකීම සහ වගවීම ගැන හඬ නගමින් රජයට එරෙහිව කළ බලපෑම හේතුවෙන් එරට අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ධුරය අත්හරින්න සිදුවූ බවත් ඊට අමතරව මේ වන විට ඉන්දීය රජය අධ්‍යාපනයේ සිදු කරන ප්‍රතිසංස්කරණ තරුණයන්ගේ බලපෑම මත සිදු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය ගරු අධිකරණයටත් විනිසුරුවන්ටත් අපහාස කරනවා
අප රටේ ගරු අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් එල්ල වන ව්‍යවස්ථා සංශෝධන, අණපනත්, රෙගුලාසි ආදී සියලු දේ ඔස්සේ අධිකරණයේ ස්වාධිනත්වය කෙලෙසමින් වත්මන් රජය ගරු අධිකරණයට අපහාස කරමින් ගරු විනිසුරුවන්ගේ කීර්ති නාමය විනාශ කරන බවටත් රටේ විධායකය අද අධිකරණය ආක්‍රමණය කරමින් සිටින බවටත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
මේ ඒකාධිපති වියරුවට එරෙහිව ජනතාව බලා සිටින්නේ නෑ
එබැවින් ඉන්දියාවේ තරුණ පරපුර කැරපොත්තන් ලෙස හදුන්වා දෙන විට ඔවුන් කට වසා ගෙන නොසිටි බවත් වගවීම සහ වගකීම ක්‍රියාත්මක කරන්නට මහා ජන බලවේගයක් නිර්මාණය කළ බවත් මේ සංශෝධන හරහා අප රටේ ගරු අධිකරණයට සහ ගරු විනිසුරුවන්ට අපහාස කරන විට, ඔවුන්ගේ විශ්වාසනීයත්වය සහ ප්‍රතිරූපය විනාශ කර චරිතය කෙලෙසන්න කටයුතු කරන විට අප රටේ තරුණයන් ද කටවල් වසා ගෙන නොසිටින බවත් තරුණයන් සිවිල් සමාජ සහ ජනතාව විසින් මේ ඒකාධිපති වියරුවෙන් ක්‍රියාත්මක කරන්න උත්සහ දරන සංශෝධන ජන බලයෙන් පරාජය කරන්න සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා තරයේ කියා සිටියේය.
මේ ඒකාධිපති වියරුව දැන්වත් නතර කළ යුතුයි
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරනවා යැයි ද, ගරු අධිකරණයේ ස්වාධීනත්වය බල ගන්වනවා යැයි ද, යුක්තිය පසිදලීමේ කාර්යක්ෂම ක්‍රියාවලියක් නිර්මාණය කරනවා යැයි ද කියමින් ඒ නාමයෙන් ඊට මුවා වී ගෙනෙන්නට උත්සහ කරන ඒකාධිපති ක්‍රියාදාමය වහා නතර කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර සංවරන සහ තුලන ශක්තිමත් කිරීමත් නිදහස් මාධ්‍ය සහ සිවිල් ප්‍රජාව යන කුළුණු ද ශක්තිමත් කර රටේ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කළ යුතු බවත් ගරු අධිකරණයේ ස්වාධිනත්වය ශක්තිමත් කර ප්රජාතන්ත්රවාදය පණටත් වඩා සුරක්ෂිත කළ යුතු බවත් "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන රජයේ සමාජ ගිවිසුම අමතක නොකර කටයුතු කළ යුතු බවත් මේ ක්‍රියාදාමය ඉටු කරන තුරු ජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් වග කිව යුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ද ගරු අධිකරණය සුරක්ෂා කරන්න සූදානම් බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් වෙනුවෙන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් තරයේ අවධාරණය කර සිටියේය. .