අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිට දුප්පත්කම ගැන නිවැරදි දත්ත නැහැ

ඒ වුණාට නොවැම්බර් 12 අයවැය නම් ඉදිරිපත් කරනවා

සජිත් ප්‍රේමදාස

ඒ වුණාට නොවැම්බර් 12 අයවැය නම් ඉදිරිපත් කරනවා

මේ රජයේ නොහැකියාව නොදැනුවත්කම සහ රටක් පාලනය කළ නොහැකි බව ඊයේ දිනයේ හෙළිදරව් වු බවත් මහබැංකුව සහ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එකට එකතු වී 2026 සමාජ ආර්ථික දත්ත ඉදිරිපත් කළ බවත් ප්‍රවෘත්තිවල පවා මේ පිටු 104 වාර්තාව ගැන ඉදිරිපත් වූ බවත් මේ වාර්තාව එළිදැක්විමට ආණ්ඩුව පවා සම්බන්ධ බවත් මේ වාර්තාවේ 1 සිට 18 වැනි පිටුව දක්වා 2025, 2024, 2023, 2021 දත්ත ඉදිරිපත් කළත් 18-35 අතර පිටුවල ඇත්තේ 2016 සහ 2019 දත්ත බවත් 35 වැනි පිටුවේ සිට 1-04 පිටුව දක්වා 2023, 2024 සහ 2025 දත්ත ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වාර්තාවේ 18 සිට 35 දක්වා කොටසේ 2016 සහ 2019 දත්ත ඉදිරිපත් කර ඇත්තේ දුප්පත්කම ගැන බවත් රටේ දුප්පත්කම ගැන වත්මන් රජයට නිවැරදි වර්තමාන දත්ත නොමැති බවත් ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණ 2016 සහ 2019 උපයෝගී කර ගෙන දුප්පත්කම ගැන ප්‍රතිපත්ති, දරිද්‍රතා රේඛාව නිර්මාණය කර ඇති බවත් මෙහි අවසානයේ පිටු 6ක සාරාංශයේ පවා ආදායම් බෙදී යාම, ගෘහයක ආදායම වියදම ආදී සියලු කරුණු කාරණා දක්නට ලැබුනත් මේ සියලු දත්ත පැරණි යාවත්කාලීන නොවූ දත්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් සංවිධායක හා පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවැති හමුවක් අමතමිනි.

2022 රට බංකොලොත් වූ පසු වත්මන් රජය සේම හිටපු රජය ද ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය සිදු නොකර මවාගත් දරිද්‍රතා රේඛාවක් තුළ අස්වැසුම දුන් බවත් දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම පවා තීරණය කළේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව නොවන බවත් මොවුන් මවාගත් දරිද්‍රතා රේඛාවක් උපයෝගී කර ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝක බැංකුවට අනුව ලංකාවේ දුප්පත්කම 65.4%යි

මේ වාර්තාව සම්පූර්ණයෙන්ම බොරුවක් බවත් ලෝක බැංකු වාර්තාව අනුව ලංකාවේ දුප්පත්කම 65.4%ක් බවත් දිනකට එක් පුද්ගලයකුට ඇ. ඩොලර් 8.3ක් එනම් රු. 2724ක් අවම අවශ්‍ය බවත් ආණ්ඩුව හා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව නම් එක් අයකුට දින 30ක් ජිවත් වෙන්න රු. 17315ක් පමණක් ප්‍රමාණවත් බවත් ලෝක බැංකුව පුරෝකථනය කරන ආකාරයට 2028 වන විට 63.4%ක් දක්වා 2%කින් පමණක් අඩු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෘහයන් ලක්ෂ 61න් 33%ක් බරපතළ ආහාර අනාරක්ෂිතභාවයකට පත් වෙලා

ලෝක බැංකුව ඉතාම පැහැදිලිව රටේ දුප්පත්කම ගණනය කර ඇති බවත් ගෘහයන් 61 ලක්ෂයෙන් 33%ක්ම බරපතළ ආහාර අනාරක්ෂිතභාවයට පත්ව ඇති බවත් ලෝක බැංකුව ඒ ආකාරයෙන් කියන විට මහබැංකුවයි ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවයි රජයයි එකට එකතු වී බොරු දත්ත ඉදිරිපත් කර ජනතාව රටවන බවත් අදටත් ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කර නොමැති බවත් නොවැම්බර් 12 අයවැය ඉදිරිපත් කරන විටත් රටක් ලෙස ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය ඉදිරිපත් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

2016 දත්ත උපයෝගී කර ගෙන 2026 මානව සංවර්ධන දර්ශකය හදන්නේ කොහොමද..?

මේ රජයේ වාර්තාව අනුව අප රටේ ඉහළ මානව සංවර්ධන දර්ශකයක් ඇති බවත් ආසියානු රටවල්, සාර්ක් රටවල් සහ ජී 7 රටවල් සමඟ මෙය සංසදනය කර ඇති බවත් 2016 දත්ත උපයෝගී කර ගෙන දුප්පත්කම ගැන කතා කරන විට 2026 මානව සංවර්ධන දර්ශක මේ ආකාරයට සංසන්දනය කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ආණ්ඩුවේ බොරුව සහ ටොම් පචය නැවතත් හෙළිදරව් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපතිට දුප්පත්කම ගැන නිවැරදි දත්ත නැහැ | Lanka Newsweek