අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ තීරණයට ඉන්දීය විරෝධය..!

ජනපතිගේ තීරණයට ඉන්දීය විරෝධය..!

ඉන්දීය විදේශ කටයුතු ප්‍රකාශක රවීෂ් කුමාර් මහතා "lankanewsweek" වෙත පවසයි..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…

ඉන්දීය විදේශ කටයුතු  ප්‍රකාශක  රවීෂ් කුමාර් මහතා "lankanewsweek" වෙත පවසයි..!

ජනපතිගේ තීරණයට ඉන්දීය විරෝධය..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කර පාර්ලිමේන්තු සැසිවාරයද  කල් තැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට ,නීතියට සහ සාමයට අනුකුල නොවන බව ඉන්දීය රජයේ ස්ථාවරය වී තිබේ.  

ශ්‍රී ලංකාවේ හදිසියේම ඇතිවූ දේශපාලන පෙරළිය සම්බන්ධයෙන් "lankanewsweek" ඉන්දීය වාර්තා කරුවන් විසින් එරට  විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක  රවීෂ් කුමාර් මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසිය.

"ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව  ඇති වු  දේශපාලන වෙනස් කම්වලදී ඉන්දියාව ඉතා සමීපව කටයුතු කළ අතර මේ ඇති උද්ගත වී තිබෙන තත්වය හමුවේ ශ්‍රී ලංකාව ව්‍යවස්ථානුකුලව  සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරනු ඇති බව ඉන්දියාව විශ්වාසය පළ කරයි. ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාව වෙත ඉන්දියාවේ සහය ලබා දෙන බවද ප්‍රකාශ  කර සිටියි. තවද ඉන්දියාවද ශ්‍රී ලංකවේ විශාල ව්‍යපෘති ගණනාවකට සම්බන්ධ වී කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ  කර සිටියි. තවද සිය බහුතරය ඔප්පු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සැසියක් ඉල්ලා සිටින අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්   පාර්ලිමේන්තුව කල් තබා තිබීම  ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී  ව්‍යවස්ථානුකුලව  කටයුතු කරනු ඇති බව විශ්වාස කරන බවද  එම මහතා ප්‍රකාශ කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිගේ තීරණයට ඉන්දීය විරෝධය..! | Lanka Newsweek