ජනපතිගේ චෝදනාවලට උත්තර නොදෙන්නැයි අගමැති එජාපයට නියෝග කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ 75 වන ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අදහස් දැක්වීම්වලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර පළ නොකරන ලෙස…
(සුජිත් මංගල ද සිල්වා)
පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ 75 වන ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අදහස් දැක්වීම්වලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර පළ නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින්ට අද (31) නියෝග කළේය.
එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයින් කළ යුත්තේ ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්වීම නොව ජනතා ප්‍රතිචාර අනුව වැඩ කිරීම බවද අග්‍රාමාත්‍යවරයා දුන් එම නියෝගයේ සඳහන් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ නියෝගය කරනු ලැබුවේ අද (31) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවූ අවස්ථාවේදීය.
පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමි ගුණ සමරුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා පළ කළ කරුණු පිළිබඳව රටට කරුණු කිව යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තරුණ දේශපාලනඥයෝ අගමැතිවරයාගෙන් දැඩි ඉල්ලීමක් කළහ.
එක්සත් ජාතික පක්ෂ තරුණ දේශපාලනඥයින් කළ ඉල්ලීම්වලට සාවදානව සවන් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරුදීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු උත්සහ නොකළ යුතු බවයි.
රටේ ජන බලය ලැබූ අග්‍රාමාත්‍යවරයා ලෙස තමාත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කළ යුත්තේ රජය පවත්වා ගෙන යමින් ජනතාවට සේවය කිරීම බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී කියා ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1