ජනපතිගේ ගොටුකොළ සම්බෝලය අනුරාධපුරයට යැවූ හැටි

(දේ .සූ.ද.සොයිසා) ආර්. පේ‍්‍රමදාස මහතා දේශීය කෑම බීමවලට මහත් රුචිකත්වයක් දැක්වීය. එතුමා ඇමැතිවරයකුව සිටියදී ගත් ආහාර වට්ටෝරුව රටේ ජනාධිපති ධුරයට පත් වූ විට ද එලෙසම ගැනීමට අමතක නොකළේ ය. ජනපති ආර්…
(දේ .සූ.ද.සොයිසා)
ආර්. පේ‍්‍රමදාස මහතා දේශීය කෑම බීමවලට මහත් රුචිකත්වයක් දැක්වීය. එතුමා ඇමැතිවරයකුව සිටියදී ගත් ආහාර වට්ටෝරුව රටේ ජනාධිපති ධුරයට පත් වූ විට ද එලෙසම ගැනීමට අමතක නොකළේ ය. ජනපති ආර් පේ‍්‍රමදාසට ඇවැසි අන්දමට ආහාර වේල සකසා දීමට රජගෙදර කෝකියා පුරුදුව සිටියේ ය.
එතුමාගේ දිවා ආහාර වේලට කැකුළු හාලේ බත්, ව්‍යාංජන සමඟ ගොටු කොළ සම්බෝලයක් නොවරදවාම සකස් කෙරුණි. රටින් බැහැර වූ අවස්ථාවක මෙම කෑම වට්ටෝරුව එලෙසින් ගැනීමට ද ක‍්‍රමයක් සකස් කොට තිබුණි. රටින් බැහැරව සංචාරය කරන රටේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය එම කෑම වේල සකස් කිරීම භාරව සිටියේ ය. ඒ සඳහා තෝරා ගෙන තිබුණේ එරට ශී‍්‍ර ලංකා තානාපතිවරයාගේ නිල නිවස ය.
දැන්වීම
‘‘මට නම් ඔය බටහිර පන්නයේ අරුමෝසම් කෑම කන්න බැහැ’’ යැයි සමීපතමයන් සමග නිතර කියූ රණසිංහ ප්‍රේමදාස මහතා සුචරිතයේ දී සකස් කරන ලද සිංහල කෑම අඩුක්කුවක් රටේ තමන් යන යන තැන ගෙන යාමට පුරුදුව සිටියේ ය.
දිනක් ජනාධිපතිවරයා උතුරු මැද පළාතේ සංචාරයක නිරතව සිටියේ ය. අනුරාධපුරයේ පැවැති ගම්උදා උළෙලකට එතුමා සහභාගී වීම එහි අරමුණ විය. ගම් උදාවේ සැරිසරා දිවා භෝජනයට ජනාධිපතිවරයා තව පැයකින් පමණ පැමිණෙන බව ඔහුගේ සමීපතමයකු වී සිටි මොහිදින් නැමැත්තා දැන සිටියේය. ඒ නිසා ඔහු ජනපතිගේ කෑම වේල පරීක්‍ෂා කොට බැලී ය. මොහිදීන්ට හීන් දහඩිය දැම්මේ ඒ වෙලාවේ ය. ජනපති ආර් පේ‍්‍රමදාස බෙහෙවින් පි‍්‍රය කළ ගොටුකොල ‘සම්බෝලය’ එහි නොවී ය. ඔහු වහා සුචරිතයේ මුළුතැන්ගෙයි කෝකියාට දුරකතන ඇමතුමක් ගෙන ඒ ගැන විමසී ය.
‘‘ඔව් සර් පොඩි අතපසු වීමක් වෙලා. සම්බෝලය මේ හාදයා අඩුක්කුවට දාලා නැහැ’’
වෙනත් අයෙකුට වරද පටවමින් මුළුතැන්ගෙයි කෝකියා පවසන්නට විය. මොහිදින් රිසිවරය තබා වේලාව බැලීය. ජනපතිගේ දිවා භෝජනයට තවත් විනාඩි 45ක් ඉතිරිව තිබේ. ඔහු ගම්උදා භූමියේ සිටි ජනපතිවරයාගේ ආරක්‍ෂක ලොක්කෙකු කැඳවා ගත්තේ ය. ඔහු සමඟ නිල රථයකට නැඟුණ මොහිදින් පවනට බඳු වේගයෙන් අනුරාධපුර පොදු වෙළඳපොළට ගමන් කළේය.
ගොටුකොළ මිටියක් සමඟ සම්බෝලයක් සෑදිමට අවශ්‍ය අනිකුත් කලමනා ද රැගෙන අසල නිවසක් වෙත ගියේ ය. තමන් කවුදැ’යි හඳුන්වා දී ගෙහිමි කාන්තාව ලවා හොඳ පදමට ගොටුකොළ සම්බෝලය සාදා ගත්තා ය. මොහිදින්ගේ ගොටුකොළ මෙහෙයුම සාර්ථකව අවසන් විය. ජනපතිවරයා කෑම මේසයට වාඩිවීමට විනාඩි ගණනකට පෙර රස ගොටුකොළ සම්බෝලය සුදු පිරිවටය එලූ මේසය මත බැබලෙමින් තැබීමට මොහිදින් සමත් විය. ඊට ටික වේලාවකට පසු ජනාධිපතිවරයා කෑම මේසයට පැමිණ වාඩි ගත්තේ ය. මොහිදින් කිසිවක් සිදු නොවු පරිදි එදෙස විමසිල්ලෙන් බලා සිටියේ ය.
‘ෂා... ගොටුකොළ සම්බෝලය හරි පංකාදුයි’
