ජනපතිගේ ඉල්ලීමට ජපානයෙන් එන්නත් ලක්ෂ 6ක්..!

COVID-19 මර්දනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනයා වෙනුවෙන් "AstraZeneca" එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී…
COVID-19 මර්දනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනයා වෙනුවෙන් "AstraZeneca" එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී තිබේ.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී බදාදා (09) පැවති හමුවේදී මේ බව සඳහන් කෙරුණු අතර ඒ අනුව ඉදිරියේ දී ජපානයෙන් COVID-19 එන්නත් මාත්‍රා තොගයක්ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගතය මර්දනය කොට ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළවී ඇත.
