අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ අභියෝගය අගමැති භාරගනී-වහාම පාර්ලිමේන්තුව කැඳවයි

හෙට අනිද්දාට තවත් රුපියල් කෝටි ලක්ෂ තුනක ණයක් ගෙවන්න වෙලා

කට කැපුවත් බලය රැක ගන්න බොරු කියන්නේ නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තා සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව…

         කට කැපුවත් බලය රැක ගන්න බොරු කියන්නේ නැහැ..!

(සුජිත් මංගල ද සිල්වා)

බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරුණු විමර්ශනය  කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තා සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට දැනුම් දී තිබේ.

මේ සඳහා 2018 පෙබරවාරි 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායක කරු ජයසුරිය මහතාට තමා දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාතර මොරවක අද (27) පවතී ජනරැලියේදී පැවසීය.

දැන්වීම

ඒ අනුව පළාත් පාලන මැතිවරණයට පෙර අදාළ විවාදය පැවැත්වෙන බව ද අගමැති රනිල් ව්ක්‍රමසිංහ මහතා එහිදී සිහිපත් කළේය.

බලය රැක ගැනීම සඳහා තමා කට කැපුවත් බොරු කියන්නේ නැතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

පළාත් පාලන මැතිවරණයට පෙර හැකි නම් මේ විවාදය පවත්වා පෙන්වන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර අභියෝග කළ අතර ප්‍රභූ හොරුන් මේ පාර්ලිමේන්තු විවාදය කල් තබා ගත් බවට ද චෝදනා කර තිබිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න