අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගෙන් තවත් ආදර්ශයක්

ජනපතිගෙන් තවත් ආදර්ශයක්

රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභ දායී ලෙස…

රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභ දායී ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභ දායී වභාපාර ලෙස පත් කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීය වේදින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය අභිලාෂ කැඳවීමට තිරණය කර ඇත.

මේ සඳහා වන දැන්වීම් පුවත් පත් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙන අතර එසේ යොමුකරන අභිලාෂ පත්‍රිකා වෘත්තීය වේදීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නැවත සලකා බැලීමෙන් පසුව පත් කිරීම් සිදු කීරිමට නියමිතව තිබේ.

මේ සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශයන්ගේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අභිලාෂ කැඳවීම් ඉදිරිපත් කළ හැකි බව ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ දැන්වීමේ සඳහන් වෙයි.

එම අභිලාෂ කැඳවීමේ පත්‍රිකා දෙසැම්බර් 18දාට ප්‍රථමව ජනපති අතිරේක ලේකම්, ලේකම් කාර්යාංශය, ජනපති ලේකම් කාර්යාලය, කොළඹ 01 ලිපියනට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපියනයට යොමු කරන ලෙසද ජනපති ලේකම් කාර්යාලය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිගෙන් තවත් ආදර්ශයක් | Lanka Newsweek