ජනපතිගෙන් ඇමතිවරුන්ට තවත් සීමාවක්..!

රජයේ වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව එකකට සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි…
රජයේ වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව එකකට සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි උපදේශකවරුන් සම්බන්ධයෙන් එවැනි සීමාවක් නොතිබූ අතර පසු ගිය ආණ්ඩුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්,උපදේශකවරුන් 50 දෙනෙකුට ද වැඩි පිරිසක් තබා ගත් බවට වාර්තා වේ.
එම නිසා රජයට මෙම කැබිනට් අමාත්‍යවරුන්ගේ උපදේශකවරුන් වෙනුවෙන් විශාල අනවශ්‍ය වියදමක් ද දැරීමට සිදු වූ බව සඳහන් වේ.
මේ අතර ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 2,250 දෙනෙකු එම සේවාවලින් ඉවත් කර එම සියලූම නිලධාරීන් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත අනියුක්ත කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.