අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනතාවගේ දුප්පත්කම ගැන අයවැයට ඉදිරිපත් කරන්න රජයට නිවැරදි දත්ත නැහැ

. විපක්ෂ නායක -

සජිත්

(සංජනා ද සිල්වා)

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත 2026, 49 වැනි වෙළුමේ ජනතාවගේ ආදායම් වියදම්, දරිද්‍රතාව, පෝෂණ තත්ත්වය සහ ජීවන තත්ත්වය ගැන වඩාත් වැදගත් දත්ත සඳහා 2016 සහ 2019 වසරවල ගෘහ ආදායම් වියදම් සමික්ෂණ ඇතුළු පැරණි දත්ත පදනම් කර ගෙන ඇති බවත් මෙරට ඇති වූ ආර්ථික අර්බුධය, ඉහළ උද්ධමනය, ආදායම් හා මිල මට්ටම්වල වෙනස්වීම, රැකියා හා ජීවනෝපාය බලපෑම්, ජනතාවගේ පාරිභෝජනය ආදී පෝෂණ රටාවල සිදුව ඇති වෙනස්කම් සැලකිල්ලට ගෙන වර්තමාන සමාජ ආර්ථික තත්ත්වය ගැන නිවැරදි තක්සේරුවක් සඳහා මෙවැනි පැරණි සමීක්ෂණ දත්ත භාවිතය ගැටලුකාරි බවත් නොවැම්බර් 12 අයවැය ඉදිරිපත් කරන්නේ මේ පැරණි දත්ත මත පදනම්ව ද කියා ප්‍රශ්නයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අඟහරුවාදා (06) වන දින පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

වසර 5කට වැඩි පැරණි තොරතුරු පදනම් කර ගෙන ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත වාර්තාවේ සඳහන් ඇතැම් දත්ත සකස් කිරීම තුළින් එම දත්ත මගින් නිරූපනය වන වර්තමාන සමාජ ආර්ථික තත්ත්වය ගැන රටේ ජනතාව නොමග යැවීමක් සිදුවන බවත් කල්ඉකුත්වූ දත්ත උපයෝගී කර ගෙන 2026 සමාජ ආර්ථික දත්ත වාර්තාවක් ඉදිරිපත් කිරීම යුක්ති සහගත ද කියා ප්‍රශ්න කරන බවත් 2020-2026 කාලය තුළ රටේ ජනතාවගේ ආදායම් වියදම් පාරිභෝජන රටා, පෝෂණ තත්ත්වය ජිවන තත්ත්වය පිළිබඳව ඇති වෙනස්කම් මෙවැනි ජාතික වාර්තාවක් තුළින් නිවැරදිව නිරූපනය වන බවට රජය සතු සාක්ෂි ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇයි පැරණි දත්ත ඉදිරිපත් කරන ජනතාවට බොරු තොරතුරු දෙන්නේ..?

2026 ජනතාව මුහුණ දෙන දරිද්‍රතා ගැටලුව ආදී දුප්පත්කම සම්බන්ධ ගැටලු අර්ථකථනය කිරිමට 2016-2019 දත්ත උපයෝගී කර ගැනීම වැරදි බවත් මේ මත පදනම්ව මේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණය කරන්නේ කියා ප්‍රශ්න කරන බවත් මේ වාර්තාවේ සාර්ව ආර්ථික දත්ත 2025 දක්වා යාවත්කාලීන කර තිබියදී දරිද්‍රතාව, පෝෂණ තත්ත්වය වැනි ජනතාවගේ ජීවන තත්ත්වය සෘජුව නිරූපනය කරන දත්ත සඳහා 2019 දක්වා පවතින දත්ත භාවිත කිරිම නිසා ඇති විය හැකි කාලපරතරය සහ දත්තවල නිරවද්‍යතාවට පවතින සීමා ගැන රජයේ පැහැදිලි කිරීම ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

2026 ආදායම් වියදම් සමීක්ෂණය ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි..?

මේ වාර්තාවේ 1-18 පිටුවල මෑතකාලීන දත්ත හා 18-35 පිටුවල 2016-2019 දත්ත සහ පිටු අංක 35 සිට 104 දක්වා මෑත කාලින දත්ත ඉදිරිපත් කර ඇති බවත් එකම වාර්තාවේ වෙනස් දත්ත වර්ග ඉදිරිපත් කර ඇත්තේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් 2022 ආර්ථික අර්බුධයෙන් පසු ජනතාවගේ ජිවන තත්ත්වය ආදායම් වියදම් පෝෂණ තත්ත්වය හා දරිද්‍රතා මට්යම ගැන යාවත්කාලීන දත්ත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් 2026 වසරට අදාළ සමාජ ආර්ථික දත්ත වාර්තාව සකස් කිරීමේ දී 2016 හා 2019 දත්ත භාවිත කිරිමට හේතු ඉදිරිපත් කරන ලෙසත් 2026 ආදායම් වියදම් සමික්ෂණ වාර්තාව ඉදිරිපත් නොකරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් බලය ලැබුණු පසු ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් කරා නම් නිවැරදි දත්ත ලබා ගනීමේ හැකියාව පවතින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නිවැරදි දත්ත නොමැති නම් නිවැරදි ආර්ථික ඉලක්ක කරා යා නොහැකියි

2027 අයවැය සහ රජයේ ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ජනතාවගේ ජිවන තත්ත්වය සහ දරිද්‍රතාව ගැන නිවැරදි හා යාවත්කාලීන දත්ත පදනමක් නොමැතිව කටයුතු කිරීම නිවැරදි ආර්ථික ඉලක්ක සපුරාගත නොහැකි බවත් අස්වැසුම වැනි වැඩසටහන් තුළ ප්‍රතිලාභින් හදුනා ගැනීමට හා ප්‍රතිලාභ විෂමතා සඳහා මෙම දත්ත හේතුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

IMF අනුව 18-24 වයසේ තරුණයන්ගෙන් 43%ක් දුප්පත්

IMF වාර්තාවක් අනුව 18-24 අනුව තරුණයන්ගේ විරැකියා ප්‍රතිශතය 43%ක් බවත් තවත් දත්ත ගණනාවක් ජාත්‍යන්තරය ඉදිරිපත් කර තිබියදී රට භාවිත කරන්නේ පැරණි දත්ත බවත් මේ රජය ව්‍යාජ දත්ත උපයෝගී කර ගන්න කටයුතු කර ඇති බවත් මෙයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වගකිව යුතු බවත් මහබැංකුවේ වාර්තාව අනුව ධනවත් 20% සහ දුප්පත් 20% අතර ආදායම් බෙදී යාමේ විෂමතාව ගැන දත්ත වත්මන් තත්ත්වය නිවැරදිව නිරූපනය කරන්නේද කියා ප්‍රශ්න කරන බවත් මෙය බොරුවක් ක්‍රියාත්මක කිරීමක් බවත් නිවැරදි දත්ත නොමැතිව අයවැය ඉදිරිපත් කරන්නේ කෙසේද කියා ප්‍රශ්නයක් ඇති බවත් අයවැයට පෙර ගෘහයක ආදායම් වියදම් සමික්ෂණය ඉදිරිපත් කරන්නේ කවදාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමයේ වෙනසක් කරන්න ආ රජය ඇයි මේ තරම් වැරදි කරන්නේ..?

ක්‍රමයේ වෙනසක් කරන්න ආ රජය මෙවැනි වැරදි කරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් නව IMF ගිවිසුමක් කරා යනවා කියා එය නොකළ මේ රජය නැවත වරක් ජනතාවට බොරු කරන බවත් මේ රජය අස්වැසුම ප්‍රතිලාභීන් පවා කප්පාදු කර ඇති බවත් අස්වැසුම ප්‍රතිලාභීන් තීන්දු කරන්න ග්‍රාම නිලධාරීන් පවා ඉවත් වූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ලෝක බැංකුවට අනුව අප රටේ දරිද්‍රතා රේඛාව ඩොලර් 8.3යි

2026 අගෝස්තු මාසයේ එක් අයකුට දින 30ක් ජීවත් වෙන්න රු.17719කින් ජිවත් පුළුවන් බවට රජය පවසන බවත් එය සත්‍යයක්ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් ලෝක බැංකුවට අනුව අප රට ඉහළ මැදි ආදායම් රටක් ලෙස සලකන විට දරිද්‍රතා රේඛාව ඩොලර් 8.3ක් වන විට 65.4%ක් දුප්පත් බවත් ගෘහයෙන් 33%ක් බරපතල ආහාර අනාරක්ෂිතභාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා මේ බව තවදුරටත් පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 4
බෙදාගන්න
ජනතාවගේ දුප්පත්කම ගැන අයවැයට ඉදිරිපත් කරන්න රජයට නිවැරදි දත්ත නැහැ | Lanka Newsweek