අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනතාවගේ ජීවිත වෙනුවෙන් කරූ ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීම මෙන්න

ජනතාවගේ ජීවිත වෙනුවෙන් කරූ ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීම මෙන්න

ඒ ඒ රටවල තිබෙන අතිරේක එන්නත්වලින් කොටසක් දෙන්නැයි ඉල්ලලා ඉල්ලීම ගැන ස්විට්සර්ලන්තයේ, ප්‍රංශයේ සහ ජර්මනියේ විශේෂ අවධානය එක්සත් ජාතීන් එක්කත් කතා කරලා සිය රටවල තිබෙන අතිරික්ත COVID-19 එන්නත්වලින්…

ඒ ඒ රටවල තිබෙන අතිරේක එන්නත්වලින් කොටසක් දෙන්නැයි ඉල්ලලා 

ඉල්ලීම ගැන ස්විට්සර්ලන්තයේ, ප්‍රංශයේ සහ ජර්මනියේ විශේෂ අවධානය

එක්සත් ජාතීන් එක්කත් කතා කරලා  

ජනතාවගේ ජීවිත වෙනුවෙන් කරූ ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීම මෙන්න

සිය රටවල තිබෙන අතිරික්ත COVID-19 එන්නත්වලින් කොටසක් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙස හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා යුරෝපයේ රටවල් තුනකින් විශේෂ ඉල්ලීමක් කර ඇත. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා රටත් ජනතාවත් වෙනුවෙන් එම ඉල්ලිම කර තිබෙන්නේ ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල්වලින් වන අතර එම රටවල් නියෝජනය කරන තානාපතිවරුන් දැනුම් දී තිබෙන්නේ ඉල්ලීම කෙරෙහි එම රටවල විශේෂ අවධානය යොමු වී ඇති බවය.

දැන්වීම

මේ අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති භයානක තත්ත්වය සහ ජනතාව මුහුණ දී සිටින අවදානම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සමඟ ද දේශබන්දු ජයසූරිය මහතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති බව ද දැන ගන්නට තිබේ. 

මෙම සාකච්ඡාවන්හි දී කරු ජයසූරිය මහතා අදාළ රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ මේ වන විට ස්විර්සර්ලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් සතුව පවත්නා අතිරික්ත COVID-19 එන්නත් තොගයෙන් යම් ප්‍රමාණයක් හෝ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන ලෙසය. 

එමෙන්ම කරු ජයසූරිය මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් මැදිහත් වී අදාළ රටවල තිබෙන අතිරේක එන්නත් තොගය කොවැක් ප්‍රදාන සැලසුම යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන ලෙස වන අතර තානාපති අංශ ආරංචි මාර්ග "lankanewsweek" වෙත අනාවරණය කර සිටියේ එම ඉල්ලීම කෙරෙහි යහපත් ප්‍රතිචාර දක්වා ඇති එම රටවල් ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බවය. 

ජනතාවගේ ජීවිත වෙනුවෙන් කරූ ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීම මෙන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න