අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනකාන්ත-මනකාන්ත-මහ ඇමති රූකාන්ත..!

ජනකාන්ත-මනකාන්ත-මහ ඇමති රූකාන්ත..!

රූකාන්ත ගුණතිලක යළි මව්බිමට..! එජාපයෙන් දේශපාලනයට..! පොහොට්ටුවෙනුත් ආරාධනා..! (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකා එක්සත් ජනපදයේ දැනට පදිංචිව සිටින ජනකාන්ත සහ ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා හෙට…

රූකාන්ත ගුණතිලක යළි මව්බිමට..!

එජාපයෙන් දේශපාලනයට..!

පොහොට්ටුවෙනුත් ආරාධනා..!

ජනකාන්ත-මනකාන්ත-මහ ඇමති රූකාන්ත..!

(සුජිත් මංගල ද සිල්වා)

ඇමරිකා එක්සත් ජනපදයේ දැනට පදිංචිව සිටින ජනකාන්ත සහ ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා හෙට අනිද්දාම ශ්‍රී ලංකාවේ යළි පදිංචියට පැමිණීමට තීරණය කර තිබේ.

ඔහු මේ තීරණය ගෙන තිබෙන්නේ යහ පාලන ජාතික රජය යටතේ ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන සාමකාමී වාතාවරණය මතය.

මව් බිමට පැමිණි පසු ජාත්‍යන්තර මට්ටමේ කලා ආයතනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ගෙන සිටින රූකාන්ත ගුණතිලක මහතා ක්‍රියාකාරී දේශපාලනයට ද  සම්බන්ධවීමට  සුදානමින් සිටියි.

ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන ලෙසට රූකාන්ත ගුණතිලක මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මේ වන විටත් ආරාධනා  ලැබී තිබේ.

රූකාන්ත ගුණතිලක මහතා බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂය යටතේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට ඉඩ තිබෙනු ඇති අතර එසේ වුණොත් ඔහු ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාරගමු පළාත් මහ ඇමති අපේක්ෂයා ලෙස ඉදිරපත් වනු ඇත.

ජනකාන්ත-මනකාන්ත-මහ ඇමති රූකාන්ත..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනකාන්ත-මනකාන්ත-මහ ඇමති රූකාන්ත..! | Lanka Newsweek