ජඩ ඒකාධිපතීන්ගේ නිරුවත මුළු ලොවටම හෙළි වුණා

සාමකාමීන්ට එල්ල කළ නින්දිත මැර ප්‍රහාරය කරූ තරයේ හෙළා දකියි ගාලු මෝදර සහ අරලිය ගහ මන්දිරය ආසන්නයෙහි සාමකාමී ලෙස විරෝධය පළ කරමින් සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් ඉතාමත්ම සැලසුම් සහගත ආකාරයට සංවිධානාත්මක…
සාමකාමීන්ට එල්ල කළ නින්දිත මැර ප්‍රහාරය කරූ තරයේ හෙළා දකියි

ගාලු මෝදර සහ අරලිය ගහ මන්දිරය ආසන්නයෙහි සාමකාමී ලෙස විරෝධය පළ කරමින් සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් ඉතාමත්ම සැලසුම් සහගත ආකාරයට සංවිධානාත්මක ලෙස එල්ල කළ ම්ලේච්ඡ සහ නින්දිත මැර ප්‍රහාරය ඉතා පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තරයේ කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
දැන්වීම
සාමකාමි විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ මැර ප්‍රහාරය හෙළා දකිමු. ප්‍රචණ්ඩත්වයට සිය අනුගාමිකයන් යොමු කළ නායකයන් එහි වගකීම භාර ගත යුතුය. ගාලු මෝදර සහ අරලිය ගහ මන්දිරය ආසන්නයෙහි සාමකාමී ලෙස විරෝධය පළ කරමින් සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් ඉතාමත්ම සැලසුම් සහගත ආකාරයට සංවිධානාත්මක ලෙස එල්ල කළ මැර ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලංකාවම අවමානයට පත් කරන ම්ලේච්ඡ සහ නින්දිත ක්‍රියාදාමයකි. යුක්තිය සහ සාධාරණත්වය පදනම් කර ගෙන ක්‍රියා කරන සිවිල් සමාජ සංවිධානයක් ලෙස අප මෙම ක්‍රියාව ඉතාමත්ම පිළිකුලෙන් යුතුව තරයේම හෙළා දකින්නෙමු.
එමෙන්ම මෙවැනි අමානුෂික සහ ම්ලේච්ඡ ක්‍රියාවලියකට සිය බලවේග යොමු කරන ලද සියලුම නායකයන් එහි වගකීම භාර ගත යුතුව ඇති අතර ප්‍රචණ්ඩත්වය මුදා හළ සියල්ලන්හට අකුරටම නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
මෙම සිදුවීම මගින් පැහැදිලිවම ප්‍රදර්ශනය කර ඇත්තේ ජනතා හඬට ඇහුම්කන් නොදෙමින් බලය සඳහා පමණක් ක්‍රියා කරන පාර්ශ්වයක නග්න ප්‍රචණ්ඩත්වයයි. මර්දනය සහ භීෂණය මුදා හරිමින් ක්‍රියා කරන නග්න ඒකාධිපතිත්වයයි. මර්දනය සහ ප්‍රචණ්ඩත්වය ජනතා මතය පාගා දැමීමට ක්‍රියා කරන ජන පීඩක මානසිකත්වයයි. එවැනි ආකල්පයන්ගෙන් ක්‍රියා කළ ලෝකයේ සෑම දුර්දාන්ත නායකයකුටම අත්වූ ශෝචනීය ඉරණම සැලකීමේදී එවැනි නායකයන්ට සහ බලවේගයන්ට දීර්ඝ කාලීන පැවැත්මක් නොමැති බව ප්‍රත්‍යක්ෂ වන නමුත් එවැනි උත්සාහයන් හේතුවෙන් අවසානයේ වන්දි ගෙවා ඇත්තේ ඔවුන් නියෝජනය කරන රටවල් සහ එම රටවල වාසය කරන අහිංසක ජනතාවය. එම යථාර්තය අප රටේ ප්‍රචණ්ඩත්වය මෙහෙය වන නායකයන් සේම සාමාන්‍ය පොදු ජනතාවද මැනවින් අවබෝධ කර ගත යුතුව තිබේ.
විශේෂයෙන්ම පසුගිය දශක ගණනාව ඇතුළත ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන් හේතුවෙන් දස ලක්ෂ ගණනාවක ජනතාවකගේ ලේ-මස් සහ ජීවිත බිලිදී ඇති රටක යළි එවැනි ප්‍රචණ්ඩත්වයක් වෙත යම් බලවේගයක් හෝ නායකයෙක් අත වනන්නේ නම් එම ක්‍රියාව සැලකිය හැක්කේ සමස්ත ජාතියේම ඛේදවාචකයක් ලෙසටය.
එබැවින් අප මේ මොහොතේ සමස්ත රටවැසි සාමකාමි ජනතාවගෙන් ඉතාමත්ම බැගෑපත්ව ආයාචනා කරන්නේ අපගේ මාතෘ භූමිය යළි එවැනි ඛේදවාචකයන්හි ගොදුරක් වනු වැළැක්වීම සඳහා පෙරට එන ලෙසය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම සිවිල් සහ දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ නිදහස, අයිතිවාසිකම් සේම රටේ සාමය සුරක්ෂිත කරනු පිණිස නොපමාව ක්‍රියා කරන ලෙසය.