චීන විවාහ සැණකෙළිය කොළඹදී

(රංජිත් ගුණවර්ධන) ශ්‍රී ලංකාවේ ජීවත් වන චීන ජතිකයිගෙන් තෝරාගත් තරුණ චීන ජෝඩු 150ක් එකවර විවාහ පත් කිරීමේ මහා විවාහ සැණකෙළියක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ…
(රංජිත් ගුණවර්ධන)
ශ්‍රී ලංකාවේ ජීවත් වන චීන ජතිකයිගෙන් තෝරාගත් තරුණ චීන ජෝඩු 150ක් එකවර විවාහ පත් කිරීමේ මහා විවාහ සැණකෙළියක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය,චීනයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය,මහ නගර සභා සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය එක්ව සංවිධානය කරන මේ මහා විවාහ සැණකෙළිය දෙසැම්බර් මස 17 වැනිදා උදෑසන සුභ මොහොතින් පැවැත්වේ.
මේ විවාහ සැණකෙළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා නව චීන යුවළ 50ක් සඳහා විවාහ සහතික පත් බෙදා දෙනු ඇත.නව චීන ජෝඩු 150 සඳහා කොළඹ බත්තරමුල්ලේ පිහිටි “ waters edge”හෝටලයේදී එදින රාත්‍රී විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද නියමිතය.