අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

චීන වැඩ බලන තානාපති කරු හමු වෙයි

චීන වැඩ බලන තානාපති කරු හමු වෙයි

IMF සහන ලබා ගැනීම සඳහා කරු චීනයේ සහය ඉල්ලයි චීන ජන රජයේ වැඩ බලන තානාපති හූ වේයි මහතා සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් සඳුදා (30) පැවැත්විණ.…

IMF සහන ලබා ගැනීම සඳහා කරු චීනයේ සහය ඉල්ලයි 

චීන ජන රජයේ වැඩ බලන තානාපති හූ වේයි මහතා සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් සඳුදා (30) පැවැත්විණ.

කොළඹ අමරසේකර මාවතේ පිහිටි කරු ජයසූරිය මහතාගේ පුද්ගලික නිවසේ දී සඳුදා (30) පෙරවරුවේ පැවැති මෙම හමුවේ දී  චීන ජන රජයේ වැඩ බලන තානාපති හූ වේයි මහතා, කරු ජයසූරිය මහතා සමග සුහද සාකච්ඡාවක නිරතවිය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයෙකු ලෙස චීන ජන රජයේ පූර්ණ සහයෝගය තමා විසින් අපේක්ෂා කරන බව දේශබන්දු කරු ජයසූරිය මහතා එහිදී සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
චීන වැඩ බලන තානාපති කරු හමු වෙයි | Lanka Newsweek