චීන කාබනික පොහොරවලට මෙච්චර උනන්දු කොමිස්වලට ආදරේ නිසයි

(හේමන්ත තුසිත කුමාර) මේ වන විටත් රසායනාගාර පරීක්ෂණ තුනකින් අසමත්වූ කාබනික පොහොර සාම්පල් විෂ බැක්ටීරියා - දිලීර ඇති බව තහවුරු වූ පසුවත් ලංකාවට ගෙන්වන්නට හදන්නේ රටට ආදරයට නිසා නොව කොමිස්වලට ඇති ආදරයට…
(හේමන්ත තුසිත කුමාර)
මේ වන විටත් රසායනාගාර පරීක්ෂණ තුනකින් අසමත්වූ කාබනික පොහොර සාම්පල් විෂ බැක්ටීරියා - දිලීර ඇති බව තහවුරු වූ පසුවත් ලංකාවට ගෙන්වන්නට හදන්නේ රටට ආදරයට නිසා නොව කොමිස්වලට ඇති ආදරයට බව තහවුරු වී ඇතැයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පැවසුවාය .
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මේ බව පැවසුවේ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් වන අතර එම නිවේදනයේ තව දුරටත් මෙසේද සඳහන් විය.
චීන කක්කුස්සි කාබනික පොහොරවල රසායනාගාර පරීක්ෂණ තුනකින්ම විෂ බැක්ටීරියා - දිලීර ඇති බව තහවුරු වූ පසුව තවත් පරීක්ෂණයකට සාම්පල් යොමු කර තියෙනවා. චීන කක්කුසියේ මුල - මැද දෙකම ලංකා පොළෙවට විෂ සහිත බව රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. චීන කක්කුසියේ රස බලන්න නිලධාරීන්ට තියෙන උනන්දුව වැඩිකමට තවත් රසායනාගර පරීක්ෂණයක් තියනවා.
දැන්වීම
ශාක නිරෝධායන සහතිකයක් නැතිව ලංකාවට චීන කක්කුසි ගෙන්වන්නට කෘෂිකර්ම බලධාරීන්ට තියෙන්නේ ඩොලර් හොයන මුදල් ඇමතිටත් වඩා වැඩි උනන්දුවක්. දැන් රසායනාගාර පරීක්ෂණ තුනකින් චීන කක්කුසි ලංකාවට ගෙනෙන්නේ රටට ආදරයට නොව කොමිස්වලට ඇති ආදරයට බව තහවුරු වෙලා තියෙනවා.
දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාලන ව්‍යූහය සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. ඒක පාලනය කරන්නේ චීන අදිසි හස්ථයක්. එකේ ලංකාවේ නියෝජිතයා රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරියෙක්. චීන කක්කුසියේ කොච්චර විෂ තිබ්බත් මේ අය තවම සටන අතහරින්න සුදානම් නෑ.
වල් නාශක නැති නිසා මාතලේ, රජරට, නැගෙනහිර මහවැලි කලාපයේ බඩ ඉරිඟු වගාව සිදු කරන්නේ නෑ. දැන් සත්ව ආහාර සඳහා බඩඉරිිඟු ගෙන්වන්නට ව්‍යාපාරික ගජමිතුරෝ සුදානම් වෙනවා. අගමැතිවරයා දැනටමත් ඒ සඳහා අවසර ලබාදී තිබෙනවා.
තේ තවාන් සඳහා යොදන පණු නාශක, දිලීර නාශක හා පොහොර නැති නිසා මාතලේ - මහනුවර තේ තවාන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ජීවානුහරණය කළ මැටි පස්වල තේ දණ්ඩක් මුල් ඇදලා පැලයක් බවට පත්වෙන්නේ රසායන පොහොර, කෘෂි රසායනවලින් කියලා වැවිලි අමාත්‍යාංශයටත් කෘෂිකර්ම බලධාරීන්ට අමතක වෙලා.
ඩොලර් නැති නිසා කාබනික උන්මාදය පතුරව්වේ තේ මණ්ඩලයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහ පුටුවල ඉන්න වියත්තු කියන අවස්ථාවාදියෝ නඩයක් තමයි. ගජමිතුරන්ගේ ව්‍යාපාර කරන්න ගිහින් මේ වියතුන්ගේ මොළය දැන් ජීවානුහරණය වෙලා. මොළය වැඩ කරන්නේ නෑ. ලැජ්ජා නහර කැපිලා. චින කක්කුසියේම ලගින්න හදනවා.