චීන අසූචි පොහොර නැවේ විගණකාධිපති වාර්තාව ප්‍රසිද්ධ කරනු

පාඩුව කෝටි 250යි-චූදිතයා මහින්දානන්ද අලුත්ගමගේ කාබනික කෘෂිකර්මය සඳහා යැයි කියමින් ශ්‍රී ලංකාවට ආනයනය කළ චීන අසූචි පොහොර නැවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිදු කළ විශේෂ විමර්ශනයේ වාර්තාව…
පාඩුව කෝටි 250යි-චූදිතයා මහින්දානන්ද අලුත්ගමගේ
කාබනික කෘෂිකර්මය සඳහා යැයි කියමින් ශ්‍රී ලංකාවට ආනයනය කළ චීන අසූචි පොහොර නැවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිදු කළ විශේෂ විමර්ශනයේ වාර්තාව වහාම එළිදැක්විය යුතු යැයි සමගි ජන බලවේගය පවසයි.
විගණකාධිපතිවරයා මෙම වාර්තාව හය මසක් මුළුල්ලේ රටට ඉදිරිපත් නොකර සඟවා ගෙන සිටින බවට චෝදනා එල්ල කර සිටින සමගි ජන බලවේගය ඔහු එසේ කරන්නේ එම වාර්තාව මගින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ චෝදනා එල්ල වී තිබෙන නිසා යැයි ද කියා සිටියි.
චීනයේ මෙම අසූචි පොහොර නැව නිසා රටට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 250ක් යැයි ද, ඒ සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයා බවට පත්ව සිටින්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා බව ද සමගි ජන බලවේගය වැඩි දුරටත් චෝදනා කර සිටියි.