අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

චීනයේ තීන්ත කම්හලක ගින්නක්

චීනයේ තීන්ත කම්හලක ගින්නක්

(නිලන්ති චන්ද්‍රසේන) චීනයේ ෂැංහයි නගරයේ පිහිටි තීන්ත කම්හලක ගින්නක් හටගෙන ඇත. මෙම කම්හල ෂැංහයිහි ෆෙන්සියෑන් ප්‍රදේශයේ පිහිටා ඇති තීන්ත කම්හලක් වන අතර එරට වේලාවෙන් දහවල් 2.00ට පමණ මෙම ගින්න හටගෙන ඇත.…

(නිලන්ති චන්ද්‍රසේන)

චීනයේ ෂැංහයි නගරයේ පිහිටි  තීන්ත කම්හලක ගින්නක් හටගෙන ඇත.

මෙම කම්හල ෂැංහයිහි ෆෙන්සියෑන් ප්‍රදේශයේ පිහිටා ඇති තීන්ත කම්හලක් වන අතර එරට වේලාවෙන් දහවල් 2.00ට පමණ මෙම ගින්න හටගෙන ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශයම කළු දුමාරයකින් වැසි ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගින්න මැඩ පැවැත්වීමට එරට පොලිසියට හා ගිනි නිවන බටයින්ට පැය 03කට අධික කාලයක් ගොස් ඇති බවද වාර්තා වේ.

මේ අතර එරට ෆෙන්සියෑන්හි පරිසර අධික්ෂණ අංශය පවසන්නේ , ඉන් පිටවන දුමාරය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බවයි.

ගින්නෙන් පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර මෙම ගින්නට හේතුව මෙතෙක් සොයා ගෙන නැති බවද වාර්තා වේ.ඒ පිළිබඳ ව  පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
චීනයේ තීන්ත කම්හලක ගින්නක් | Lanka Newsweek