චිචීගේ බල්ලාගේ පවුම් අනූවේ මාලය හොයන්න වරෙල්ලා

රාජපක්ෂලාගේ දේශපාලනයටත් සැලකිය යුතු දිග ඉතිහාසයක් තියනවා.ඒක ඩී.ඒ රාජපක්ෂ දක්වාම දිවයනවා.කොහොම උනත් රාජපක්ෂ දේශපාලනයට ස්වර්ණමය අවධිය ගෙනාවේ මහින්ද රාජපක්ෂ.ඒ 2005දී තියපු ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා…
රාජපක්ෂලාගේ දේශපාලනයටත් සැලකිය යුතු දිග ඉතිහාසයක් තියනවා.ඒක ඩී.ඒ රාජපක්ෂ දක්වාම දිවයනවා.කොහොම උනත් රාජපක්ෂ දේශපාලනයට ස්වර්ණමය අවධිය ගෙනාවේ මහින්ද රාජපක්ෂ.ඒ 2005දී තියපු ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද වෙනවත් එක්ක.මහින්දට ඒ පියවර තියන්න ලොකුම සහයෝගය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ.
එදා මහින්දගේ පක්ෂය උන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාලි පාරේ මූලස්ථානය මුළු ජනාධිපතිවරණ කාලය පුරාවටම ඉබි යතුරු දාලා වහලා තිබුණේ.ඒ වගේ වෙලාවක මහින්ද ජයග්‍රහණය කරවීමේ වගකීම කරට ගත්තේ ජවිපෙයයි.ජවිපෙ සහ මහින්ද අතර තිබූණ එකඟතාවය උනේ ජවිපෙ මහින්දව දිනවන්නත්, මහින්ද දිනුවට පස්සේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ අරගලය යුධමය වශයෙන් පරාජය කරන්නයි.ඒ දෙක හරිම විවෘත පොරොන්දු දෙකක්.මහින්ද රටට සහ ජවිපෙට උන පොරොන්දුව 2009 දී ඉෂ්ඨ කළා.
හැබැයි ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න ජවිපෙන් මහින්දට උදව් කළේ නෑ.ජවිපෙ කළේ යුද්ධයට නායකත්වය දෙන මහින්දගේ ආණ්ඩුවේ කකුලෙන් අදින එක සහ සටනේ නිරත අපේ හමුදා අධෛර්යමත් කරන එකයි.අපේ හමුදාව බර අවි යොදාගෙන උතුරේ ජනතාව ඉන්න ප්‍රදේශවලට පහර දෙනාවා කියලා ඉස්සෙල්ලම කිව්වේ අනුර දිසානායකයි.මහින්ද යුද්ධ අවසන් කරලා ආයෙත් 2010 ජනාධිපතිවරණයට ගියා.ඒ ජනාධිපතිවරණයත් මහින්ද දිනුවා.2010 යෙන් පස්සේ රාජපක්ෂලාට බරපතල චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා.
දැන්වීම
රාජපක්ෂ පවුල් සමාගම,පවුල්වාදය,රජ පවුල,මහ රජා වගේ දේශපාලන චෝදනා එක්ක දුෂණ චෝදනා සහ මිනිමැරීමේ චෝදනාත් එල්ලවුනා.රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය,එක්නැලිගොඩ,ලලිත්,කූගන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ඇතුළු බරපතව චෝදනා එල්ලවුනා.ඒ වගේම එයා බස් ගනුදෙනුව,මිග් යානා ගනුදෙනුව, ක්‍රිෂ් ගනුදෙනුව,රත්තරන් අශ්වයෝ,නාමල්ගේ ලැම්බෝගිනි. සිරිලිය පදනම.ඩේසි ආච්චිගේ මැණික් මල්ල,කාල්ටන් Sport Network එක.චිචිගේ රොකට් එක.
චීචීගේ බල්ලාගේ බෙල්ලේ තියන පවුම් 90වේ මාලේ වගේ චෝදනා ඒවායින් ප්‍රධානයි.මේ චෝදනාවලින් රාජපක්ෂ දේශපාලන අතුගා දැමීමේ සටන කළේ ජවිපෙයයි.ඊට වැඩියෙන්ම දායක උනේ අනුරගේ නායකත්වයෙන් යුක්ත ජවිපෙයයි.රටේ රාළ එහෙම කියන්නේ එදා මහින්දගේ ආණ්ඩුවත් එක්ක ඇමතිකම් අරගෙන ඉස්සරහට යන්න සෝමවංශගේ නායකත්වයෙන් යුතු ජවිපෙ දේශපාලන මණ්‌ඩලය තීරණය කළා.ඒ තීරණය කුමන්ත්‍රණයකින් පරාජයට පත්කළේ අනුර,ටිල්වින්,විජිත,ප්‍රේම කුමාර ගුණරත්නම් කල්ලියයි.
එදා ඒ ගමන ආවා නම් අඩුම ගානේ ජවිපෙට රාජ්‍ය පාලනය ගැන අද්දැකීමක් හරි ගන්න තිබ්බා.එහෙනං ඇමතිකම් අරගෙන අද කරන පිස්සු සිද්ධ නොවෙන්නත් ඉඩ තිබුණා.කොහොම උනත් රාජපක්ෂ පවුලට එල්ලවුන මේ චෝදනාවලින් බේරෙන්න කිසිම රාජපක්ෂ කෙනෙකුට බැරිවුනා.මහින්ද,චමල්,ගෝඨාභය,බැසිල් විතරක් නෙවෙයි ශිරන්ති සහ බැසිගේ බිරිඳටත් චෝදනා එල්ලවුනා.ඒ චෝදනාවලින් බේරුණේ ගෝඨාභයගේ බිරිඳ අයෝමා රාජපක්ෂ විතරයි.නාමල්.යෝෂිත,රෝහිත සහ ශෂීන්ද්‍රටත් බරපතල චෝදනා එල්ලවුනා.
මේ මොහොත වෙනකොටත් ශෂීන්ද්‍ර ඉන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා.ජවිපෙ කට්ටිය තවමත් කියන්නේ රාජපක්ෂලා බුරුතු පිටින් ඇතූලතට යවනවා කියලයි.කොහොම උනත් මේ චෝදනාවලින් තවමත් රාජපක්ෂලාට නිදහස් වෙන්න බැරිවෙලා තියනවා.සමහර ඒවා මේ වෙනකොටත් අධිකරණය ඉදිරියේ විභාගවෙමින් තියනවා.ඒ අතර පොහොට්ටුව තමන්ගේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට නාමල්ව ෆෝම් කරන බවත් පේනවා.නාමල් දක්ෂ විදිහට ඒ කැම්පේන් එක handle කරනවා.මේ යන විදිහට නාමල් සජිත්ට වගේම අනුරට අභියෝගයක් වෙන එක නවත්තන්න බෑ.
ඒක නිසා නාමල්ට ඒ ගමනාන්තයෙන් මෙහා ජම්පරය අන්දන්න ආණ්ඩුව පැත්තෙන් උපරිම උත්සාහය දරයි.ඇත්තටම අනුර,සජිත් සහ නාමල් සන්සන්දනය කරද්දී දක්ෂතාවයෙන් නාමල් කැපී පේනවා.කොහොම උනත් නාමල්ට මේ රටේ ජනාධිපති වෙන්න නං නාමල් එයාට තියෙන චෝදනාවලින් අධිකරණය හමුවේ නිවැරදිකාරයෙක් වෙන්න ඕනි.රටේ රාළට රාජපක්ෂලාගේ දේශපාලනයත් එකඟවෙන් බැරි ගොඩක් තැන් තියනවා සහ තිබුණා.ඒක වඩාත් හොඳට දන්නේ බැසිල්.
හැබැයි ඒ දේශපාලන විවේචනය තියාගෙන මහින්ද තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කරන්න දුන්න දේශපාලන නායකත්වය රටේ රාළ හැමදාම අගය කළා.මහින්දගේ වරප්‍රසාද වෙනුවෙන් පෙනී හිටියේ නැතත් හැමදාම මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ රාළ පෙනී හිටියා.හෙටත් එහෙමයි.කොහොම උනත් පහුගිය පාර්ලිමේන්තු සතියේදී අගමැති හරිනි ප්‍රශ්නයකට දුන්න පිලිතුරකින් ආයෙත් රාජපක්ෂ පුතෙක් කරලියට ආවා.ඒ රෝහිත රාජපක්ෂ නොහොත් චිචී.
රාජපක්ෂලාට තිබුණ දැවැන්තම චෝදනාවලින් එකක් තමයි " චිචීගේ රොකට් " එක.ජවිපෙට අනුව නම් රෝහිතට රෝකට් එකක් යවන්න හිතුනා. රෝහිත මහින්දට කිව්වා " තාත්ති මට රොකට් එකක් යවන්න ඕනි " කියලා මහින්ද " හා පුතේ යවපන් " කියලා ජනතා මුදල්වලින් ඩොලර් මිලියන 320ක් දුන්නා.චිචී ඒකෙන් රොකට් එකක් යැව්වා.ඒ දවස්වල කෝ රොකට් එක කියලා ජෙප්පෝ ඇහුවේ පොලොවේ හැපි හැපී.එහෙම අහලා ජෙප්පෝ විසින්ම රොකට් එක අතුරුදහන් කළා.
හරිනි පාර්ලිමේන්තුවේදී දුන්න උත්තරයෙන් චිචීව නිදොස්කොට නිදහස් කරලා තියනවා.හරිනිට අනුව දැන් චිචී යවපු රොකට් එක තියනවා.දැන් අතුරුදහන් වෙලා ඉන්නේ එදා රොකට් එක අතුරුදහන් කියපු ජෙප්පෝ ටිකයි.හැබැයි දැන් වසන්ත සමරසිංහ ආයෙත් රොකට් එක නෑ කියනවා.ඒ කියන්නේ හරිනි කියලා තියෙන්නේ බොරු.වසන්ත කරපු ඒ වැඩෙන් රටේ අගමැතිනියගේ ප්‍රකාශ තුට්ටු දෙකට දැම්මා.ඒ තමයි ජවිපෙ කළාව.දැන් ජෙප්පෝ හරිනිටත් නිවන් සැප ලැබේවා කියන තැනට පත්වෙමින් ඉන්නවා.
ඇත්තටම වෙලා තියෙන්නේ සුප්‍රීම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් එක්ක සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතියට 2012 මැයි මස 23 වෙනිදා අත්සන් කරලා තියනවා.
ඒ වෙනුවෙන් 2013/2014 කාලයේ ඒ සමාගම වියදම් කරපු මුදල හරිනිගේ හාෂාවෙන් කියනවා නම් රුපියල් මිලියන දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක්.ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ශත පහක්වත් වියදම් කරලා නෑ.මේ ව්‍යාපෘතිය 2015වේ පටන් ෆංෂන් වෙන්න පටන් අරන් සහ මේ දක්වා විශාල මුදලක් රටට ගෙනත් යනවා.දැන් ජෙප්පන්ට මේක චිචීගේ ව්‍යාපෘතියක් නෙවෙයි රටේ ව්‍යාපෘතියක් වෙලා.ඇත්තටම එදත් මේක චිචීගේ ව්‍යාපෘතියක් නෙවෙයි රටේ ව්‍යාපෘතියක් තමයි.ඒ ව්‍යාපෘතියට මහින්ද නියෝජනය කරමින් චිචී සහභාගී වෙලා විතරයි.ඒක දේශපාලන වැඩක්.
දේශපාලන වැඩේ ඇතුලේ චිචී චිචීගේ කොටස කරලා තියනවා. ඇත්තටම මේ ව්‍යාපෘතිය ගැන ගොඩක් අයට හරි අවබෝධක් තිබුණේ නෑ.ඒ,ඒ වෙනකොට අතට අහුවෙන ඕනි දේකින් රාජපක්ෂලාට ගහන තැනට සමාජය පත්කරලා තිබුණා.තවමත් රාජපක්ෂලාට දේශපාලන විවේචනයක් රටේ රාළට තියනවා.ඒ විවේචනය තියාගෙනම හරිදේට හරි කියන්න රටේ රාළ පුළුවන්. වසන්ත සමරසිංහ පෙරලන බාල්දියත් එක්ක සුප්‍රීම් සැට් සංවාදය තවදුරටත් තියෙයි.
හැබැයි ඒ එක්කම වසන්ත සමරසිංහ කිව්ව චිචීගේ බල්ලාගේ බෙල්ලේ තියන පවුම් 90 චේන් එක ගැනත් හොයන්න පටන් ගත්තොත් හොඳයි.වසන්ත කියන්නේ බොරුව උනත් හරියටම කිරලා මැනලා කියන කෙනෙක්.මිනිහා චිචිගේ බල්ලගේ බෙල්ලේ තියන මාලයේ බරත් හරියටම මැනලා.