චමින්ද විජේසිරිට දේශපාලන පාඩමක් සමග කණේ පහරක්..!

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එම පක්ෂයට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කරන ප්‍රහාරයේ අභ්‍යන්තර යථාර්ථය ගැන කෙරෙන විග්‍රහයකි. (මදුර කුමාරගේ)…
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එම පක්ෂයට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කරන ප්‍රහාරයේ අභ්‍යන්තර යථාර්ථය ගැන කෙරෙන විග්‍රහයකි.
(මදුර කුමාරගේ)
කාටවත් බැහැ සජබ පක්ෂය කඩා ගෙන යන්න. හේතුව මේ ඡන්ද ටික තියෙන්නේ තනිකරම පක්ෂයේ නාමයට නොව සජිතේ නාමයට, සජිත්ට.සජිත් සමග අනුර ජනපතිවරණ සටනේදී අනුරට දෙවැනි මනාපයෙන් ජනපතිකම ලැබුණේ. ඒ මහින්ද සහ රනිල් නිසා.
එයාල දෙවන මනාපයට සජිත්ව නම් කරන්න ජනතාව පෙළඹුවේ නැහැ. ව්‍යංගයෙන් ප්‍රකාශ කළා අනුර හොද බව. ඒ සටන ද්වන්දව සටනක් කරට කර අනුරගෙයි, සජිත්ගෙයි. ගෝඨා සමග සජිත්ගේ ඡන්ද සටනත් තියුණුයි. ලක්ෂ 55ක්. මේ ජනතා මනාපය තියෙන්නේ සජිත්ට.. සජිත්ගේ කණ්ඩායමේ කුමක්දෝ ගැටලුවක් මෙතන තියෙන්නේ..
දැන්වීම
ඡන්ද සටනේදී වුවත් පැහැදිලිව පෙනෙනවා එයාගේ කණ්ඩායම එයාට දෙන සහාය දුර්වල බව.. එයාල වේදිකාවේ එකක් කියා ආපසු Voice Cut එකක් දෙනවා සජිත්ව පහලට දාල. නාම යෝජනා දෙන්න ගියත් ගැටුම් අධිකයි. සජිත්ට මේ පණ දෙන්න වගේ ඉදල ඊට පසුව සජිත්ගේ පලු අරිනවා. List එකේ නම නැහැ කියා දැන ගත්තම. පක්ෂය අත හැර යනවා තමන්ගේ නම List එකේ නැති නම්.
එන අය එන්නෙම මැති ඇමති කෙනෙක්, ප්‍රාදේශීය සභාවක සාමාජිකයෙක් වෙන්න බලා ගෙන. පක්ෂයක් ලෙසින් එක අරමුණකට රට වෙනුවෙන් එකතු වීමක් නැහැ. ඒ ඒ පුදගලයන්ට තමන්ගේ පුද්ගලික Agenda ඇති බවක් පෙනෙන්නේ. ඒ Agenda රට වෙනුවෙන් නෙවෙයි අතිශය පුද්ගලික Agenda.
මේ නිසා සමගි ජන බල වේගයට පක්ෂයක් විදියට ශක්තිමත් වෙන්න බැහැ. මේක තමයි පක්ෂයේ දුර්වලකම. පක්ෂයේ ඉන්න අය බලා ගෙන ඉන්නේ සජිත්ට තියෙන ජනතා මනාපයෙන් සජිත්ගේ කකුලෙන් අදින ගමන්ම පාර්ලිමේන්තුවට යන්න. සජිත් එක්ක ඉන්න කණ්ඩායමේ අය වුණත් කැමති සජිත්ට වඩා රනිල්ට. රනිල්ට රටේ ජනතාවගේ ඡන්ද නොලැබෙන නිසා සජිත්ගේ ඇගේ එල්ලිලා ඉන්නේ.
රටේ මිනිස්සු සජිත්ට කැමතියි. පක්ෂයේ කණ්ඩායම සජිත්ගේ පස්සට සජිත්ට අපහාස උපහාස කර මස්ත බාල්දු කර දානවා. සජිත්ට නිරපරාදේ ගහන කිසිම මඩක් වෙනුවෙන් එය එසේ නෙමෙයි කියා සජිත් වෙනුවෙන් කථා කරන්න පක්ෂයේ කණ්ඩායමේ අය නැහැ. සජිත් උගත් නැහැ කියද්දී එය එලෙසයි කියා හැගෙන ලෙසින් නිහඩව ඉන්නවා.
සජිත් මෝඩයෙක් කියද්දී එය එලෙසමයි කියා හැගෙන පරිදි නිහඩව ඉන්නවා. සජිත්ව ආරක්ෂා කරන්නේ නැහැ සජිත්ගේ පක්ෂයෙන්. සජිත් වෙනුවෙන් පෙනී සිටින 10 දෙනෙක් ඔය කණ්ඩායමේ හිටිය නම් සජිත් ජනපති කරවන එක මහ අමාරු වැඩක් නෙමෙයි. සජිත්ට ඉන්නේ සජිත්ට ඡන්දය දෙන ලක්ෂ 35ක් 40ක් වන ජනතාව පමණයි. සජිත් එක්ක එහෙම බැලුවම මහින්ද රාජපක්ෂ හරිම වාසනාවන්තයි. මහින්ද වෙනුවෙන් මැරෙන්න වුණත් එයාගේ මිනිස්සු කොටසක් එයා එක්ක ඉන්නවා.