චන්දිමාල්ගේ අභියාචනය අද විභාගයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද (22) දින විභාග කිරීමට නියමිතව…
(නිලන්ති චන්ද්‍රසේන)
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද (22) දින විභාග කිරීමට නියමිතව තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තම ආයතනයේ ආචාරධර්ම පද්ධතිය භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අභියාචනය විභාග කිරීමට නියමිත බවයි.
කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග විනිසුරුවන් හා තරග තීරකවරුන් මෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පාර්ශවයන්ද සහභාගී කරවා ගනිමින් මෙම විභාග කිරීම සිදු කිරීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1