ගෝලීය වෙළඳ බදු යුද්ධයට මුහුණ දෙන්න ආණ්ඩුවට සැලසුමක් තිබේද..?

IT ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට පොරොන්දු දී පැමිණ 15%ක බද්දක් ගහලා විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් දැඩිව ප්‍රශ්න කරයි අඟහරුවාදා (18) පවතී අයවැය විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩිව ආණ්ඩුවෙන්…
IT ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට පොරොන්දු දී පැමිණ 15%ක බද්දක් ගහලා
විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් දැඩිව ප්‍රශ්න කරයි
අඟහරුවාදා (18) පවතී අයවැය විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩිව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් විමසා සිටියේ අයවැය තුල ජනතාවට ලබාදුන් පොරොන්දු දැඩිව උල්ලංගනය කරමින් ජනවරම නොසලකා හැර ඇති බවයි. තවද ගෝලීය තත්වයන්ට සංවේදීව තීරණ ගැනීමේ වැදගත් කමද මෙහිදී විපක්ෂ නායකවරයා විසින් ආණ්ඩුවට පෙන්වා දෙනු ලැබීය.
තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය තොරතුරු තාක්ෂණ අපනයන සේවා සඳහා 15%ක බද්දක් දමා ඇති තත්වයක් තුල එම බද්ද ඉවත් කරන ලෙස ඉල්ලා අද පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයේ කර්මාන්ත විෂයට අදාළව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තවද ඉදිරියේදී ඇති වීමට නියමිත ගෝලීය වෙළෙද බදු යුද්ධයට මුහුණ දෙන්නේ කෙසේදැයි සහ ඒ සඳහා සැලසුමක් තිබෙන්නේදැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.
දැන්වීම
ඇමරිකා එක්සත් ජනපදය විශාල තීරු බද්දක් ගැසීමට යන්නේ යැයි ද, එම තීරු බද්දෙන් දේශීය කර්මාන්ත බේරා ගත යුතු යැයි ද, ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව වහාම සැලසුම් සකස් කළ යුතු යැයි ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.