අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝලීය ආර්ථික අවපාතය අත ළඟ

ගෝලීය ආර්ථික අවපාතය අත ළඟ

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක් ආහාර-බල ශක්තිය-පොහොර මිල අහස උසට යයි ඉදිරියේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇති විය හැකි බවට ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් මහතා බරපතළ අනතුරු ඇඟවීම සිදු කර ඇත. ලෝක…

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

ආහාර-බල ශක්තිය-පොහොර මිල අහස උසට යයි  

ඉදිරියේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇති විය හැකි බවට ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් මහතා බරපතළ අනතුරු ඇඟවීම සිදු කර ඇත.
 
ලෝක බැංකු  ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් මහතා මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ එක්සත් ජනපද වාණිජ මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදී වන අතර එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා ඇත්තේ, මෙම තත්ත්වයට "රුසියානු-යුක්‍රේන" යුද ගැටුම සෘජු බලපෑමක් එල්ල කර ඇති බවය.

ඒ අනුව ආහාර, බල ශක්ති සහ පොහොර මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ මෙම ගෝලීය ආර්ථික අවපාතය ඇති විය හැකි බව පෙන්වා දෙන ලෝක බැංකු ප්‍රධානියා කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බවද අවධාරණය කර සිටිතයි. 

මීට වසර දෙකකට පෙර චීනයෙන් ඇරඹුණු "COVID-19" වසංගත තත්ත්වයද මෙම ගෝලීය ආර්ථික අවපාතය කෙරෙහි  බරපතළ බලපෑමක් එල්ලකර ඇති අතර ලොව සිව් වන විශාලතම ආර්ථිකය හිමි ජර්මනියේ ආර්ථිකය මේ වන විට මන්දගාමී ස්වභාවයක් ගෙන අති බවද ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් මහතා වැඩි දුරටත් කියා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝලීය ආර්ථික අවපාතය අත ළඟ | Lanka Newsweek