අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාණ්ඩුවේ වැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක්

ගෝඨාණ්ඩුවේ වැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක්

ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන්නේ…

ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා  ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් මත පදනම්ව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

එම විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විගණන නිලධාරීහු කණ්ඩායමක්ද  පත් කරනු ලැබ සිටිති.

දැන්වීම

අදාළ විගණනයට අවශ්‍ය කෙරෙන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහ භාණ්ඩාගාරයෙන්ද ලබා ගන්නා බව විගණකාධිපතිවරයා සඳහන් කළේ‍ය.

ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වා ගෙන යෑම සේම ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය සහ මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම යනාදී කරුණු සම්බන්ධයෙන් මෙම විගණනයේදි තොරතුරු සොයා බැලෙනු ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්  විභාගයට ගැනීමට ඉකුත් 7 වැනිදා අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපතිවරයාටද නියෝග කළේය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාණ්ඩුවේ වැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක් | Lanka Newsweek